Saturday, March 19, 2011

ජපානයට බලපෑ සුනාමියෙන් පසු චන්ද්‍රිකා ඡායාරූප...




ජපානයට බලපෑ සුනාමි තත්වයේ නවතම තත්වය පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූප නාසා ආයතනය මගින් නිකුත්කර තියෙන්වා.. මේ මගින් ජපානයට සිදුවී ඇති හානිය කෙතරම් ද කියා දැක බලා ගත හැකිය.....

මෙතනින් පිවිසෙන්න... click here (අතීතය හා වර්ථමානය දැන ගැනීමට පින්තූරය මත click කරන්න)

පෙර ලිපි ::

1). ජපානයට පැමිණි සුනාමියෙන් පසු දසුන්.....
2).ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පුපුරායාවිද...???

Friday, March 18, 2011

එක මානාපෙන් ජයග්‍රහණයක්....



පළාත් පාලන මැතිවරණට ඊයේ මහ නගර සභා 3ක්- නගර සභා 30ක්- ප්‍රා. සභා 201 කදී පැවැත් වුනා.. මෙහි ප්‍රතිඵල අද උදෑසන් සිට නිකුත් කරා.... අද උදේ නිකමට ප්‍රතිඵල බලන කොට තමයි මේක දැක්කේ.. මේ රත්නපුර කොලොන්නා ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.... මේක තියෙන විශේෂත්වය තමයි එක්සත් ජනතා නිදහස් සංධානය එක් මනාපයකින් ජයග්‍රහණය කර තිබීමයි... එවැනි දුර්ලභ අවස්ථාවක් තමයි මේ....







Thursday, March 17, 2011

නවසීලන්තයේ තල්මසුන්ගේ හකු පන්නන්නට අපට හැකි වේවිද....??


හෙට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය 18 මුම්බයි හිදී පැවැත්වීමට නියමිතය....
ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් තරග 5 ක් සදහා මුහුණ දී ඇති අතර මින් තුනක් ජයග්‍රහණය කොට එක් තරගයක් පරාජ වූ අතර තවත් තරගයක් ජය පැරදුමකින් තොරව අවසන් විය.

නවසීලන්ත කණඩායම තරග 5ක් සදහා මුහුණ දී ඇති අතර මින් තරග 4ක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයක් පරාජවී ඇත.

දැනට ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය දෙවන ස්ථානයේ ඇති අතර ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගය +1.957 වන අතර ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ හතරවන ස්ථානයයි. ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගය +2.705 වේ,









ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙට තරගය ජයග්‍රහණය කිරීමට අපගේ සුබ පැතුම්...!!!

*
*
*

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පුපුරායාවිද...???


ඔන්න ඉතින් කාලයක් තිස්සේ නැවතිල තිබ්බ මගේ බ්ලොග් ලිවිල්ල මම ආපහු පටන් ගත්තා.. මේක දැකපු සමහර අය හිතනව ඇති අපෝ ඔන්න ආපහු පටන් ගෙන කියලා..... :D :D :D කොහොම උනත් ලියන්න තියෙන ලිපියනම් ඉතා කණගාටුදායක ආරංචියක් තමයි. කොයිකවුරුත් දන්නව ඇතිනේ ජපානයට සිදු වූ භූමිකම්පාව සහ සුනාමිය නිසා සිදු වූ විපත. මේ වනවිටත් ජපානයේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් වී ගිහින්. දැනට මෙම භූමිකම්පා හා සුනාමිය හමුවේ 3676 දෙනෙකු මිය ගොස් ඇති අතර නිළ නොවන මට්ටමින් පවසන්නේ මෙය 25000 දක්වා ඉහලයා හැකි බවයි. මේ වනවිටත් රටවල් 70 ක පමණ සහන සේවක කණ්ඩායම් සහන සේවාවන් වල නිරත වී සිටී.. දැනට පවතින අධික සීතල තත්වයත් සුළග නිසාත් ඔවුන්ගේ සහන සේවාවන් හට බාධා වී ඇති අතර පානය කිරීමට සුදුසු පානීය ජලය නොමැති කමත්, විදුලි බලය නොමැතිකමත් හා අධික සීතල තත්වය නිසාත් එරට ජනයා මහත් පීඩාවට පත් වී ඇත.

මෙම සුනාමි තත්වය නිසා ජපානය මුහුන දී ඇති ප්‍රධානම ගැටලුව වී ඇත්තේ ඔවුන් සතුව ඇති ෆුකුෂිමා න්‍යශ්ටික බලාගාරය පිපිරීයාමට ආසන්න වීමයි. මෙම බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හයක් ඇති අතර 3 වන ප්‍රතික්‍රියාකාරක මේ වනවිටත් පුපුරා ගොස් ඇත.. 4 වන ප්‍රතික්‍රියාකාරක යේ ජලමට්ටම මේවනවිට පහත බහිමින් පවතින අතර 5 සහ 6 ප්‍රතික්‍රියාකාරකයෙහි නිපදවෙන උෂ්ණත්වය මේ වනවිට සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී

න්‍යශ්ටික බලාගාරයක න්‍යශ්ටික ප්‍රතික්‍රියා සිදුවන විට අධික තාපයක් නිපදවෙන අතර එම තාපය පාලනය කිරීමට විවිධ ක්‍රම උපයෝගී කර ගනී. නමුත් සුනාමි තත්වය හමුවේ මෙම බලාගාරය පිහිටි ප්‍රදේශයේ විදුලි බලය නොමැති කමින් බලාගාරයෙන නිපදවෙන අධික තාපය පාලනය කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. මේ වනවිටත් ඔවුන් මුහුදු ජලය යොදාගෙන සිසිල් කිරීමේ කටයුතු සිදුකරද එම ක්‍රියාව එතරම් සාර්ථක වී නොමැත. මේ වනවිට ඔවුන් එම බලාගාරයේ සිදුකරන සියලුම මෙහෙයුම් නවතා ඇත. බලාගාරයේ සිටින සියලුම සේවකයන් ද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එක් ප්‍රතික්‍රියාකාරයක සිදුවූ පිපිරීම නිසා මේ වනවිට බලාගාරය තුල ගිනි ගැනීමක් ද සිදුවේ.. ජපනය ප්‍රකාශ කරන පරිදි ඔවුන්ට මෙම බලාගාරය පිපිරීම නැවැත්විය නොහැකිය. ඒ බව ප්‍රකාශකරමින් ජපානයේ අකීටෝ අධිරාජ්‍යයා සියලුම ජපන් වැසියන්ගෙන්ම මෙන්ම සියලුම ලෝක වාසීන් ගෙන් සමාව අයද සිටී. ඔවුන් ප්‍රකාශ කරන පරිදි මෙය පුපුරා ගියහොත් කිලෝමීටර 20 ක් දුරට මෙහි බලපෑම සිදුවන අතර 4277 ක් පමණ වැසියන් මිය යාමට හැකිබවයි. මේ නිසා මෙම බලාගාරය අවට මිනිසුන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති අතර කිලෝමීටර 30 ක පමණ ප්‍රදේශයක් අවධානම් කලාපයක් ලෙස නම් කොට ඇත.


එක් ප්‍රතික්‍රියාකාරකයක් පුපුරායාමෙන් පසු




ෆුකුෂිමා බලාගාරයේ එක් ප්‍රතික්‍රියාකාරකයක් පුපුරා ගිය අයුරු...






ෆුකුෂිමා බලාගාරයේ එක් ප්‍රතික්‍රියාකාරකයක් පුපුරා යෑමෙන් පසුව...







පෙර ලිපිය :: :: :: ජපානයට සුනාමිය පැමිනීමෙන් පසු දසුන්...

*
*

Wednesday, March 16, 2011

ජපානයට පැමිණි සුනාමියෙන් පසු දසුන්.....

ජපානයට බලපෑ සුනාමි තත්වය පහව ගියත් එරට ජන ජීවිතය බෙහෙවින් අවුල් වී ඇත...........
(විශාල කර බැලීමට රූපය මත කරන්න..)









































*
අනෙක් ලිපිය :: :: :: ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පුපුරායාවිද...???

*
*

Tuesday, March 1, 2011

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනා දෙකක් උඩු ගුවනේදී එකිනෙක ගැටේ..

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනා දෙකක් උඩු ගුවනේදී එකිනෙක ගැටේ.. මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන 9.30 ට පමණ ගම්පහ කිරිදිවැල්ල නෙල්ලිගහමුල්ල ප්‍රදේශයේ ඉහල අහසේදීය. මෙසේ අනතුරට පත්ව ඇත්තේ හෙටට යෙදෙන ගුවන් හමුදා 60 වන සංවත්සරය වෙනුවෙන් සංදර්ශනයක් සදහා පුහුණු වෙමින් තිබූ කෆීර් යානා දෙකක්ය


දර්ශන [live@8 news]