Sunday, October 16, 2011

[RCG] ඔට්ටා ගේ නව සොයා ගැනීම


පාසල් මතකයන් ගැන කිව්වොත් ඉතින් කවදාවත් අමතක කරන්න බැරි රසවත් සිදුවීම් ගනනාවක්ම තියෙනවා..මෙවා ඉතා රසවත් උනාට සමහර වෙලාවට මේවා මතක් වෙනකොට හිතට මහා දුකක් දැනෙනේවා..මොකද කියනවනම් එකාලේ හිටපු ඇතැම් මිතුරන් දැන් ලේසියෙන් දකින්න වත් නැතිනිසා..ඇතැම් අය සෑහෙන දුරට ගිහින්.


මේ කතාවනම් අපේ දිනූ චාමින්දයා වටා ගෙතෙන කතාවක්..(ඔටුවා කිව්වහම ඉතින් කවුරුත් දන්නවා) රිච්මන්ඩ් එකේ 13 වසරෙදි අපේ පන්තිය තිබුනේ දේශණාගාරයේ..ඕක එහා පැත්තෙ තමයි Chemistry Lab එකයි Physics Lab එකයි තිබුනේ..කොච්චර ලෙසිද කියනවනම් ඇතුලෙන් දොරකුත් තියෙනවා.. අපි ඉතින් හැම දාම එකට කලින් ගිහින් ඉන්නවා..(දොර තියෙන නිසා ලේසියට නෙව්යී..ඉගෙන ගනන් තියෙන ආසාවට ) කොහොම කොහොම හරි චාටර් වෙලා ඔය දොර වහගත්තා අපහු යන්න නොදී..ඉට පස්සෙ යන්න උනේ වටෙන්..හරියට ඉස්සරහින් අල්ලන්න තියෙන නහය අත දාල වටෙන් අල්ලනව වගේ.


ඔන්න ඉතින් තියෙන දවසක ගියා කියමුකො Chemistry Lab එකට.. අපිට Chemistry කරන්න හිටියෙ සුමේධ සර්. මතකනේ සුමෙධ සර් ගැන කලින් ලියපු ලිපි. [මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!! // "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ" ]ඔන්න ඉතින් එදා සර් එන්න ටිකක් පරක්කු උනා.අපි කට්ටිය ඉතින් පැත්තකට වෙලා පොඩි කයියක් දාගෙන ඉන්නව අර එකේ තියෙන ගිටාර් ගහන්න පුලුවන්, බාර් වල තියෙනවා වගේ උස පුටු වල ඉදගෙන. අර අපේ කතානායක ඔටුවගේ වැඩේම මොනව හරි නව සොයා ගැනීම් කරන්න..ඔන්න ඉතින් ඉන්න කොට මිනිහට පොඩි අදහසක් අවා බොතල් වල තියෙන Chemical එවා ටිකක් එකට කවලම් කරල බලන්න. නොදන්න මලදාන නොකර ඉන්න කියල කිව්වට මිනිහ එවා පිලිගන්න සුදානමක් නෑ.කියනදේ නාහන ගුරු අර කොහෙට ගියත් එකයි කියන්වා වගේ ඔන දෙයක් කරගනන ඇරල ඉතින් අපි පොඩ්ඩක් පැත්තකට උනා..පැත්තකට උනාට ඉතින් අපිත් game එකේ හිටියා...මොකද කරුමෙකට හරි නව සොයා ගැනීමක් කරොත් ඉතින්..දන්නෙ නැද්ද ඉතින් අපිත් උදව් කර කියලා නම පත්තරේටවත් දාගන්න පුලුවන්නේ...


ඔන්න ඉතින් ඔට්ටා වැඩේ පටන් ගත්තා.. නව සොයා ගැනීම කරන්න හොයාගත්තේ එකේ පිටිපස්සෙම ජනේලෙ ලග..එතන තමයි ඉතින් පරීක්ෂණ නල ටික තිබුනේ...දැන් ඉතින් කවුරුත් නැති එකේ එක වටේට හිහින් බොතල් තොගයක් අරගෙන ආවා.අයි දෙකක් නෑ..නව සොයාගැනීමක් කරනවම තමයී...මොකද පල පුරුදු කෙනෙක් විදිහට ටමයි මිනිහ වැඩේ පටන් ගත්තේ.බොතල් වල මුඩි කලින්ම ඇරලා..මුඩි මේසෙ උඩම තියලා.. (දන්නව ඇතිනේ එහෙම මේසෙ උඩ තියන්න එපා කියන එක ) ඔන්න ඉතින් මොනවද දැම්මා ඉස්සෙල්ලා...ඊට පස්සෙ තව එකක්..නෑ කිසිම වෙනසක් නෑ..අවර්ණ ද්‍රාවණයක්.. :p ඊට පස්සේ තව එකක්..එත් නෑ..කමක් නෑ..හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු..ඔන්න ඉතින් වැඩේ දිගටම කෙරීගෙන යනවා..එකපාරටම නලේ ඇතුලේ ද්‍රාවනය නිකන් අමුතු පාටක ට හැරුනා..ද්‍රාවනයේ පාට වගේද ඒ වෙලාවේ ඔට්ටගේ මුනේ පාට..හිනා පාට මුන..සතුට බේරෙනවා... :D :D . මොනව උනත් මිනිහ වැඩේ අත ඇරියේ නෑ.. නව සොයා ගැනීමක් කරන්න හදන නිසා Chemical විතරමක් නෙව්යි ඕකට දැම්මේ..කොල කෑලි..දුවිලි..වැලි..තව ජාති ගොඩයී.. ඊට පස්සේ තමයි සීන් එක පටන් ගත්තෙ..තව මොනවද මොනවද එකතු කරගෙන ගියා..හැබැයි මිනිහත් මෙව එකතු කරන්නේ ටිකක් බයෙන්.කියන්න බෑනේ..පොඩ්ඩක් දුරින් ඉදල තමයි වැඩේ කරේ.. ඔන්න එකපාරටම ඇතුලේ ද්‍රාවනේ අමුතු පටකට හැරුනා.. ටිකක් වෙලා යන කොට වැඩේ අවුල් බව තේරුනේ පැණි උණු වෙනව වගේ අරකෙන් පෙන දාගෙන දුම් දාන්න පටන් ගත්තහම..දැන් ඉතින් වැඩේ දෙල් වේගෙන එන්න වගේ...දුන් දානව කියන්නේ ඉතින් එන පොට හොද නෑ හොද අවුලක් නේ..ලගට යන්නත් බයයි..ටික ටික දුම් දැමිල්ලත් ටික ටික වැඩිවෙනවා..හරියට පරන කොච්චියක් වගේ.. දැන් ඉතින් කට්ටියට තරු පෙන්න පටන් ගත්තා..තරු පෙනිම වැඩි උනේ ඈතින් සර් එනව දැක්කහම...ෆිල්ම් එකක් වගේ..අපේ ඔට්ටට අරක ලගට යන්න බයයි..ඇයි ඉතින් බොම්බෙ වගේ උනොත්. කොහොම කොහොම හරි ඔය වෙලාවේ ලැබ් එකේ තිබුන කොස්ස තමයි පිහිටට ආවේ..යන්න්තම් කොස්සෙන් පොඩි රංගනයක් කරල පරීක්ෂණ නලේ පෙල්ල ගත්තා..හැබැයි ඕක සර් දැක්කා..සර් ට දැන් ටිකක් සැකයි මුන් මොනවද කරේ කියලා..කොහොම හරි සර් ලගට ආව කියමුකො.. අපු ගමන්ම ඇහුවේ මොනවද කරේ කියලා..ගත්තු කටටම ඔට්ට කිව්වෙ


"සර් පරක්කු නිසා අපි මේ පාඩම පොඩ්ඩක් කර කියලා"


එත් ඉතින් පඩමට ඔන වෙන්නෙ බොතල් 3යි 4යි..එත් මෙතන බෝතල් 10ක් විටර තියෙනවා..එක ගැන ඇහුවහම ඉතින් කටවත් උත්තරයක් නෑ..වැඩේ මට්ටු වෙන්න වගේ..මොකද බොතල් වල මුඩිත් තාම මෙසෙ උඩ.. මොනව කොරන්නද ඉතින්..


"තමුසෙල ඉතින් මේව අරගෙන කවලම් කර කර ඉන්නවා..වෙන වැඩක් ඇත්තෙම නෑ.."

"නෑ සර් අපි පාඩම කරේ.."

"අනේ ඔහෙල කරන පාඩම්.. එන්නේ නෑ වෙලවට ලැබ් එකට..*********"



ඔන්න ඔය වෙලාවේනම් කට්ටියට හිනා..මොකද ලැබ් එකට කලිනුයි..පරක්කු වෙලා අපු අයයි ගැන හිතන කොට... කොහොම කොහොම හරි සර් බනින එක නවත්තල ගියා..නව සොයා ගැනීමනම් මරු..ඔකේ වුන රසායනික ප්‍රතික්‍රියා ටික ලියන්න කිව්වෙනම් ඉතින් ලියන්න වෙනවා පිටු 80 ‍CR පොතක් පිරෙන්නම....





*
*
*




පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 



*
*

4 comments:

  1. මරු මචෝ මරු...
    බොහොම කාලෙකින් බ්ලොග් කියවන්න වෙලාවක් ලැබුනේ...

    ReplyDelete
  2. pissu koraiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    ReplyDelete