Thursday, June 23, 2011

[RCG]මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!

මේ සිද්ධිය උනේ මම 12 වසරේ ඉන්න දවස්වල... ඔන්න ඉතින් අපි කරේ BIO නේ.. මොකද ඉතින් පොඩි කාලේ ඉදලම කිව්වේ ලොකු උනාම දොස්තර කෙනෙක් වෙනවා කියලනේ..ඔන්න මොන්ටිසෝරියේ ඉදන්ම කියපු එක කොහොම හරි කරන්න තමයි BIO කරේ.... සුදන්තයා,වජිර, මිංගේ,එරික,මොටා, පරමී,ජීවේ,Maxxa,ප්‍රෙඩියා,ඔටුවා සෑහෙන යාලුවො set එකක්ම set හිටිය අපේ පංතියේ.

හරි ඉතින් ඒක පැත්තකින් තියමු. BIO කරන කොට ඉතින් තියෙන සිරාම Subject එකක් නේ Chemistry කියන්නේ.. ආවර්තිතාවගුවත් පැත්තකින් එල්ලගෙන, අනුමාපන පාරකුත් දාගෙන කට්ටිය Chemistry කරා මතක ඇතිනේ.

අපේ class එක තිබ්බේ සිරාම place එකක. කොටින්ම කියනවනම් වලක. රිච්මන්ඩ් එකේ වලේ පන්තිය එහෙම අහල ඇති නේ. අන්න ඒවගේ තමයි මේ place තිබ්බේ. ආදරේට කියන්නේ පාතාලෙ කියල.
අපිට chemistry කරන්න ආවේ සුමේධ සර් කියල සර් කෙනෙක්. බොරු කියන්න ඕන නෑනේ. හරිම හොද සර්.. සමහර වෙලාවට chemistry තිත්ත උනත් කොහොම හරි පොවන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් දවසක් සර් පන්තියට ඇවිත් chemistry පාඩම කරනවා..කට්ටියක් බුදි..කට්ටියක් වෙන වෙන ලෝක වල..කට්ටියක් පාර දිහා බලාගෙන ඉන්නවා.... :p :p ඔන්න ඔය වෙලාවේ තමයි අපේ ඉසුරුවා (ආදරේට මේ සිද්දියෙන් පස්සේ කියන්නෙ pilot කියලා) පොඩි ගුවන් යානා හරඹයක් කරන්න හිතුවේ. මෑන් පොඩි කොළයක් නවල කියල පොඩි කාක්කෙක් හදා ගත්තා.කට්ටියට පොඩි fun එකක් දෙන්න කියල අපේ ඉසුරුව තමාගේම දහඩිය මහන්සියෙන් හදපු ගුවන් යානය ගුවන් ගත කරා.. අස්සාවේ බෑ.. clzඑකේ දාල තිබ්බ fan එකේ හුලං පාරට ඉසුරුවගේ ගුවන්යානය ලස්සනට ගුවනේ පාවෙලා ප්‍රෙඩියගෙ ඔලුව උඩින් ගිහින් සර් ගේ නහය ලගින් මේසේ උඩට land කරා.. කට්ටිය මේකෙන් හොද විනෝදයක් ගත්තට land කිරිල්ල ගැනනම් එච්චර ඇල්ලුවේ නෑ..දැන් කට්ටියම ෆුල් upst .ඔන්න ඔය වෙලාවේ තමයි අපේම කරුමෙට අපේ මිස් පන්තියට අවේ. මිස් ඉන්න office එකත් තිබ්බේ පන්තියේ එහා පැත්තෙමයි. දැන් සර් ට එකපාරටම අප්සට්. නිකන් මැස්සෙක් වගේ මොකෙද්ද එකෙක් නහය ලගින් ගියාවගේ දැනුලු.ඒත් මොකද්ද කියලා හිතාගන්න බැරිව ඉස්සරහ පේලියේ හිටපු අයගෙන් අහනවා. ඉස්සරහ හිටියේ අපේ ගොඩයයි,එරිකයි, වජිරයයි. කට්ටියම දන්නව ආවෙ මොකද්ද කියල. කියන්න පුලුවන්ද එකපාරටම කාක්කෙක් කියල. සර් අහනව අහනව ඉවරයක් නෑ.. අපේ කට්ටියත් නිකන් මුකුත් උනේ නැතිගානට බාලාගෙන ඉන්නවා.ටිකක් වෙලා යනකොට සර් දැක්ක මේසෙ උඩට ලස්සනට land කරල තිබ්බ අපේ pilot ගෙ ගුවන් යානය.දැන් කට්ටිය ෆුල් හොල්මන්. ඒත් මේ සර් කවදාවත් අපිට බැනලත් නෑ.. ගහලත් නෑ. එකනිසා කට්ටිය පොඩි හිනාවක් එහෙම එහෙන් මෙහෙන් දැම්ම. ඔන්න ඔය වෙලාවෙ තමයි සර්ගෙ ඇත්ත තත්වෙ එළියට පැන්නේ. කවුද දන්නේ සර්ට ඔච්චර යකා නගිනව කියලා. පටන් ගත්තනේ

"මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක් තොපිල දැන ගනින් කියල..!!! "

ඔය ටික පටන්ගන්න කොට නම් අපේ ගොයියොන්ට උතුර දකුණ මාරු උනා.. හත්වලාමේ මේ ඉන්නේ අපි හිතන් හිටපු සර් ද කියලා... බනිනවා බනිනවා ඉවරයක් නෑ.. ඔය වෙලාවෙ මම හිටියේ දෙවෙනි පේලියේ. මගේ එහාපැත්තේ ඔටුවා. අපි ඩබලගේ මැදින් තමයි ප්‍රෙඩිය හිටියේ. ඉසුරුවගේ ගුවන් යානේ ආවේ ප්‍රෙඩියග ඔළුව උඩිනේ. දැන් සර් හිතන් ඉන්නේ කාක්කා එව්ව ප්‍රෙඩිය කියලා. ප්‍රෙඩියට දැන් ලෝක ලෙඩේ.හරියට අපේ පොලිසියේ අය නොකරපු වැරදිත් හොරාගෙන් කොහොම හරි කියව ගන්නව වගේ ප්‍රෙඩියගෙ බෙල්ලෙන් අල්ලල වැරැද්ද පිලිග්න්න කියල කියනවා. මටත් දැන් ෆුල් අප්සට්. ඇයි මගේ එහාපැත්ත් ඉන්න මනුස්සයනේ නැගිට්ටුවෙ.මමත් දැන් film එක බාලාගෙන ඉන්න අතරේ මටයි ඔට්ටටයි හොද බාල්දියක් පෙරලුනා.

"තමුසෙල දෙන්න නේ දෙපැත්ත හිටියෙ..තමුසෙල දෙන්න දන්නව ඇතිනේ...?????"

ඔන්න උත්තර දීපන් කො දැන්. බයටම වගේ අපි දෙන්න නෑ කිව්වා.කිව්ව නෙවෙයි කිය උනා..වෙන මොනව කියන්නද. ඇත්ත නේ කිව්වේ. ඉටපස්සේ ඉතින් ආපහු යුද්දෙ පටන් ගත්ත..බණිනවා බණිනවා ඉවරයක් නෑ.. අපේම අවාසනාවකටම තමයි ඉතින් අපේ මිසුත් එහා පැත්තට ආවේ.. මිසුත් දැන් හොරෙන් මොකද්ද වෙන්නේ කියල බලාගෙන ඉන්නවා. ටිකක් වෙලායනකොට තමයි සර්ට තෙරුනේ මුන්ට බැනල නිකන් ලේ පුච්චගන්න මොකටද කියල. තොපිලට ඕන විදිහකට ඉගෙන ගනින්.. එච්චරයි කියනව ඇහුනේ සර් ගියා.ඔන්න ඉතින් සර් ගිහිපු ගමන්ම අපේ මිස් අවා..ඇවිත් සර් ගෙ ඉතුරු හරිය පටන් ගත්තා.. අපේ මිස්නම් කොල්ලො කරන කියන වැඩ ගැන දන්න නිසා පස්සෙ හොදින්ම කිව්ව ගිහින් සමාව ගන්න කියල...එන පොට හොද නැතිනිසා කට්ටියම ඉසුරුව යුද්දෙට යවන්න ලෑස්තිකරනව වගේ කියන්න ඕන ඒවත් කටපාඩම් කරල සර් ලගට යැව්වා.ඉසුරුවගේ වාසනාවද කියල කියන්නනම් දන්නෙ නෑ.. සර් ලගට යන කොට පරණ අපේ සර්මයි එතන හිටියෙ..:ප් :ප් අන්තිමේදි ඉතින් පන්තියම ගිහින් සර්ට වැදල සාමාව ගත්ත..නැතුව ඉතින් වෙන මොනව කරන්නද..?? පස්සේ තමයි හිතුනේ සර් අහපු වෙලාවෙම කාක්කෙක් එව්වා කියල කිව්වෙනම් ගුවන් යානා ගැන හොද දේශනයක් එහෙම දෙනව ෂුවර්.. හැබැයි සර්ට තද වෙලා ඉන්න වෙලාවේ අපේ ඉසුරුව නැගිට්ටේනම් ඉතින්...... හිතාගන්නවත් බැරිවේවි....!!!!


පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*

23 comments:

  1. හොද වෙලාවට අඔයින් බේරුනා එවෙලේ ඔය වැරැද්ද කරපු එකා නැගිට්ටා නම් බලා ගන්න තිබ්බා වෙන්න ඕන හරිය.

    කොහොම උනත් ඔය සර් නම් හිත හොද එකෙක් බව පේනව. අපේ ඉස්කෝලෙත් හිටියා ඔය වගේ සර් කෙනෙක්. හරිම අහිංසක මනුස්සයා. හැබැයි කේන්ති ගියොත් ආයේ එහෙක් දෙන්නෙක් බාවලා තමයි පස්ස බලන්නේ.

    ReplyDelete
  2. macho SADARANA KOTA hari ahinsaka manussaya ban
    but mama me mis nam kawda kiyala mathaka na mama kale maths ne.. i think ara sudu mis da

    ReplyDelete
  3. මේ වගේම දෙයක් අපිටත් වුනා.අපි 11 හේ ඉන්නකොට අලුත් ටීචර් කෙනෙක් ආවා යුනි එකෙන් පිටවුන ගමන්.එයා කලේ ගනිතය.එයාට යුනි එකේ තිබිල තියෙනව නමක් හෙලේනා කියලා.අපේ පන්තියේ හිටපු තිස්සගේ අයියා උනි එකේ ටීචර්ගේ බැචෙක්.තිස්සයා අයියගෙන් අර නම දැන්ගෙන ඇවිත් ටීචර් අපේ පන්තියට එන පලවෙනි පීරියඩ් එක පටන්ගන්න කලින් කලුලෑල්ල පිරෙන්න හෙලේනාකියල ලිව්වා.ටීච පන්තියට ආවා.පොත් ටික මේසෙ උඩ තියලා ආයුබොවන් කිව්වා.ඊට පස්සෙ කලුලෑල්ල පැත්තට හැරුනා විතරයි නම දැක්කා.පොත් ටික ගත්තා ගියා.ටිකකින් වයිස් ප්‍රින්සිපල් ආවා.හෙමෝටම නැගිටින්න කියලා පන්තියේ එක කොනකට ගිහින් ඉස්සෙල්ලාම හිටපු එකගෙන් ඇහැව්වා කවුද මේක ලිව්වේ කියලා.එයා නෑ කිව්වා.කම්මුල් පාරවල්දෙකක් දුන්නා.මෙහෙම පේලියේ පස්වෙනියාට ගහනකොට තිස්සයා නැගිටලා කිව්ව මම ලිව්වේ කියලා.ඊට පස්සෙ ටික මේ ව්දියටමයි.

    ReplyDelete
  4. මේක නම් මාරයි පමල් අයියා....!!! මේවගේ එවා දාමූ...!!! :)

    ReplyDelete
  5. මොනවා උනත් පාසල් කාලේ වෙච්ච සිද්දි ඒ කාලේදී එහෙම පොඩ්ඩක් අප්සෙට් උනාට පස්සේ කාලෙකදී මතක් කරලා බලනකොට නම් හරිම සුන්දරව තමයි දැනේනේ...

    ReplyDelete
  6. @Anonymousඅපි නම් කිව්වේ Bio කරන රන්ජනී මිස් කියල

    ReplyDelete
  7. @Lakshan Thiranagamaහරි හරි ලකෝ..ටව තියෙනවා..!! :ඪ් :ඪ්

    ReplyDelete
  8. @ChammA's බ්ලොග්පාසල් ජීවිතය කොහොමත් සුන්දරයි තමයි සහෝ.... ආපහු යන්න තියෙනවනම් කොච්චර හොදද...!!! :(

    ReplyDelete
  9. malli sirawata sumedha sir ta ohoma mala pannada .apita ugannapu aurudu dekedi nam kawadawath taraha giya manussayek nemei. monawa unath puduma kapavimak tiyena niyama sir

    ReplyDelete
    Replies
    1. ඔව්..සර් පුදුම කැපවීමකින් තමයි උගන්නන්නේ..ඇත්තටම හොද සර් කෙනෙක්.ඒත් ඉතින් නයාට උනත් ගහල පොල්ල වරද්ද ගත්තහම ඉතින් වැඩේ දෙල් වෙනවනේ

      Delete
  10. අපේ පමල් කොලුවටත් වෙලා තියෙන්නෙ හරි ඇබැද්දි තමා!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කොලුවට මීටවඩා හොද හොද දේවල් වෙලා තියෙනවා

      Delete
  11. Thilina RathnasekaraJune 28, 2011 at 5:03 PM

    මමත් පුශ්පාර්ංජනී මිස්ගෙනුයි සුමේධ සර්ගේනුයි ඉගෙන ගත්තා. දෙන්නම හරිම හොඳ ගුරුවරු..
    අපි 13 දි තමයි පුශ්පා මිස් විශ්‍රාම ගියේ.

    ReplyDelete
  12. Thilina RathnasekaraJune 28, 2011 at 5:04 PM

    මමත් පුශ්පාර්ංජනී මිස්ගෙනුයි සුමේධ සර්ගේනුයි ඉගෙන ගත්තා. දෙන්නම හරිම හොඳ ගුරුවරු..
    අපි 13 දි තමයි පුශ්පා මිස් විශ්‍රාම ගියේ.

    ReplyDelete
  13. මම නම් එදා හිතුවෙ ඉවරටම ඉවරයි කියල. සුමේධ සර් එදා හිටියෙ කුලප්පු වෙච්ච නාලාගිරි වගේ නේ.

    ReplyDelete
  14. @Thilina Rathnasekaraඔව්..මේ මිසුයි සර්.. ගොඩක් හොදයි තමයි..!!

    ReplyDelete
  15. @sanojඑකනම් ඇත්ත ගොඩේ.. හදිස්සියේවත් අරූ නැගිට්ටෙනම් ඉතින් කනවා ලබන ආද්මෙටත් එක්කම

    ReplyDelete
  16. @sanojඑකනම් ඇත්ත ගොඩේ.. හදිස්සියේවත් අරූ නැගිට්ටෙනම් ඉතින් කනවා ලබන ආද්මෙටත් එක්කම

    ReplyDelete
  17. හික් හික් :D
    මමත් අපේ 11 වසරෙ චිත්‍ර පන්තියෙ කාක්කෙක් යවල කලාවතී මිස් කහට සර්ට අල්ලල දුන්නනේ :D
    පුදුම වැඩේ කියන්නෙ ඒක ගියෙත් මිස් ඉස්සරහින්මයි :D

    ReplyDelete
  18. මාරු බන් මේව මතක්‌ වෙනකොට මගේ හිරි ගඩු පිපෙනවා බන්.. පුදුම බැනිල්ලක් නේ බන් බැන්නේ...maxa wadak machan.. past is a dreem.. enjoy every day.....

    ReplyDelete
    Replies
    1. අපි හිටුවෙත් ඉතින් සර් හරි තැන්පත් කෙනෙක් කියල..නයාට ගහල පොල්ල වරද්ද ගත්ත වැඩක් තමයි ඉතින් එදා සෙට් උනේ

      Delete
  19. හප්පා සුමේධ සර්ට ඔච්චර කේන්ති යනවා කියලා අදයි දන්නේ! අපිටත් අවුරුදු 2ක් කෙමිස්ට්‍රි ඉගැන්නුවා, මම නං ඔය අවුරුදු 2ටම පාවිච්චි කලේ පිටු 40 පොතක්!! :D

    ReplyDelete
    Replies
    1. අපි හිටුවෙත් ඉතින් සර් හරි තැන්පත් කෙනෙක් කියල..නයාට ගහල පොල්ල වරද්ද ගත්ත වැඩක් තමයි ඉතින් එදා සෙට් උනේ

      Delete