Wednesday, June 15, 2011

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා... එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා.....


මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන පහත් කුලේ රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාලුව කාන්සිය මකා ගැනීම සදහා රාත්‍රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.

"
ඉන්නේ නාවලයි AC එකක් යට...
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට...
බොන්නේ නෙස්කැෆේයි පූරුවෙ කල පවට...
යන්නේ කවදාද මවුපියො දකින්නට...

ගූගල් කරලමයි සිස්ටම් හදන්නේ...
එම Code බලාලයි ඇස් දෙක රිදෙන්නේ...
ASE නෙමෙයි SE බර අදින්නේ...
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ...

අම්මාපල්ල QA අත වරද නැත...
අපේ තියෙන වැරදී උන් හදුනගතී...
DEV ලා කරල Code වලට හානි නැතී...
ස්ට්ය්ල්‍ර කරනාවුන් නරකා දියේ යතී...

කස්ටන් එකක් වැඩ කරනෙක ලේසි නැතී...
උන්ට ඕනදේ උන්වත් නොදැන ඉතී...
කරනා දෙයක අඩුවක්මය දකිනු ඇතී...
PM කාරයගෙ නිතරම ඔලුව කතී...

කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා...
එන්නේ පු*ට පැට්‍රල් ටික ගැසු සැටියා...
දවසෙම මූගෙන් අහගන්නට වෙන හැටියා...
SE උනේ පෙර පවකට දෝ සැකයා...

රික්වයර්මන්ට් මෙලෝ දෙයක් නොදන්නේ...
ස්ටෑන්ඩර්ඩ්ස් හැම විටකම සොයන්නේ...
කෝඩ් රිවිව් කරපු ගමන් කෙලවෙන්නේ...
ආකියගේ මවුපියනුයි සිහිවෙන්නේ...

හොරයට බොරුවට වංචාවන්ට නැතිය ඉඩක්...
කීව ඒ එකත් එකවිදිහක පොලෝසියක්...
පොඩ්ඩ එහා මෙහ උනොතින් ලොකු නඩුවක්...
ස්කේල් ඩවුන් කියල ගෙදර යවන හැඩක්...

රැයක් නැත දවාලක්,නින්දක් නැතිය...
කෑමක් නැතිය මහ රෑ ගෙදරට එතිය...
ඉතිං පුංචි දේටත් තරහා යතිය...
අයි ටී ඉන්ංජිනේරුවො ගැන මට දුකය...

රෑ එක දෙක වෙනකල් ඇහැරන් ඉන්නේ...
තව චිත්තර පටිත් බලලයි නිදියන්නේ...
.පෙම්බර ඇත්තගෙ වැඩ කිඩ ගැන දන්නේ...
ගහ දන්නා නිසා කොල ඕනෑ නෑනේ...

සති අන්තෙට ගෙදරින් එළියට ගන්න...
කඹයක් ගෙනත් ඇද්දත් බැරිවෙයි ගන්ඩ...
මේවගෙ උන්දැලා කරකාරෙට ගන්ඩ...
අපි හින්දම හොදයි මේවා ඉවසන්ඩ...
"

E-Mail හරහා ලැබුන ලිපියකි
*
පෙර කවියට මෙතැනින් පිවිසෙන්න
*

2 comments: