Sunday, July 25, 2010

සාගරිකා හා සමුද්‍ර දුම්රියට ගල් ගසයි.....!!!!


කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන්න්න හිතුනේ මට අහන්න ලැබුණු දෙයක් කියන්න ඕන උන නිසා..... මට මෙක ඇහුනේ මීට සති 2-3 කට විතර කලින් train එකේ ගෙදර එනකොට....
ගලු එන්න බස් තිබුනට බස් එකේ එනවට වඩා කොච්චියේ එන එක මාර fun වගේම ඉක්මන් නිසා හැමදාම සිකුරාදා කොච්චියේ ගෙදර එන්න ෆුල් try එකක් දානව. ඉතින් 3.30 ට lec ඉවර උන ගමන්ම දුවන්නේ මරදාන station එකට.. මොකද ගාල්ලට යන සාගරිකා train එක තියෙන්නේ 4.40 ට නිසා...

කොහොම කොහොම හරි 4.40 ට කොච්චියට නැගල කෙලින්ම යන්නේ ජනේල්යක් තියෙන තැනකටනේ.. මොකද ඒ පැත්තේ වාඩි වුනාම ෆුල් ෆන් එකේ නින්දක් එහෙම දාගෙන යන්න පුලුවන්නේ...ඔන්න ඉතින් කොච්චිය ගාල්ලට යන්න පිටත් උනා කියමුකෝ... කොහොම හරි ටික දුරක් යනකොට යන කොට ඒ කියන්නේ පානදුර හරියේදි විතර මට පොඩි නිදිමතක් වගේ දැනුනා.. මමත් ඉතින් ඒක නිසා පොඩි ඇලට් එකක් දාන්න පටන් ගත්තා.... මගේ ඉස්සරහින් හිටියේ කොහේ හරි office එකක වැඩ කරන කට්ටියක්..ඒ අය කතා කරන්න ගත්ත මාතෘකාව ඇහුනම මමත් එකට පොඩ්ඩක් කණ දාගෙන හිටියා..(ඒක ඉතින් එච්චර අවුලක් නෑනේ..මොකද අපි බ්ලොග් ලියන කට්ටියනේ..රටේ ලෝකේ වෙන්නේ මොනවද කියල ඉතින් දැනගන්නත් එපායැ...) කට්ටියගේ මතෘකාව වුනෙ රෑට යන කොච්චි වලට පාරේ ඉදන් ගල් ගහන කට්ටියක් ගැන. එතන හිටපු එක පුද්ගලයෙක් ඔය අත්දැකීමට මුහුණ දීල තියෙනවා. ඒ කියන්නෙ ගලක් මුලක් වැදිල එහෙම නෙවෙයි. එහෙම ගලක් වැදිච්ච කෙනෙක් දැකල තියෙනවා.ඒ කියන මනුස්සය කොලඹින් මාතර යන්න කොච්චියේ නැගල තියෙනවා. කොහොම හරි අම්බලන්ගොඩ පහුවෙන කොට පරේ හිටපු මිනිහෙක් කොච්චියට ගලක් ගහලා..ඒ ගහපු ගල වැදිල තියෙන්නේ අර මනුස්සයගේ ඔලුවට.මට ඇහුන විදිහට ඒ පුද්ගලයට වැදිච්චි ගල් පාර නිසා ඔලුව දරුණු ලෙස තුවාල වෙලා තියෙනවා... ඔන්න ඔහොම කතාව දිගට දිගට යනකොට තමයි මට මතක් වුනේ මලකෙලියයි මමත් ඉන්නේ ජනෙලයක් ලග කියල.. මට ඔය වෙලාවෙදි දෙයියො බුදුන් සිහි වුනා. පුරුවේ කරපු කරුමෙකට මොකෙක් හරි ගල් පාරක් එහෙම ගැහුවොත් එහෙම..........!!!!!!!

ටික ටික අම්බලන්ගොඩට ආවම මට තිබුන නිදිමත කොහෙන් ගියාද කියල නෑ.. ඇත්තම කියනවනම් ඒ වෙලාවේ ටිකක් විතර රත් වෙලා තමයි හිටියේ.. කොහොම හරි කොළඹ ඉදල අම්බලන්ගොඩ හරියට එනකොට 6.30-6.40 විතර වෙනවා.. ඒ වෙනකොට කොට කොහොමත් කළුවරයි. ඔයවෙලාවෙදි මම හිටපු පෙට්ටියේ හුග දෙනෙක් ජනෙල් වහන්න පටන් ගත්තා..මමත් ඔය අවස්ථාව ප්‍රයොජනයට අරගෙන පටස් ගාල ජනේලේ වහගත්තා. දැන් ඉතින් ටිකක් හරි ආරක්ෂාව තියෙනවනේ.. අන්තිමේදි කිසි අනතුරක් නොවි ගාල්ලට එන්න පුලුවන් වුනා... ඒත් මම හිටපු පෙට්ටියේ කිසිම අනතුරක් නොවුනට අනෙක් පෙට්ටිවල හිටපු අයට මොන කරදරයන්ට මුහුණ පාන්න වුනා ද කියල නම් දන්නේ නෑ...

මේ වැඩේ ඉස්සර ඉදලම තිබිල තියෙනවලු. ගොඩක් වෙලාවට මේකට මුහුණඩෙන්න වෙන්නේ රාත්‍රී ධාවනය වන කොච්චිවල එන පිරිසට.. මට නම් හිතෙන විදිහට මේවැනි දේවල් කරන අයට මොකක් හරි මොලේ ආබාධායක් තියෙනවා. නැත්තම් ධාවනය වන කොච්චි වලට ගහල ඒවයි ගමන් කරන මිනිස්සුන්ට අනතුරු සිදුකරයිද..??? මෙවැනි වැඩ කරන හරක් මෙවගේ වැඩ කරල සරළ ටිකිරි ආතල් අරගෙන සතුටු වෙනවා..ඉතින් උන්ට කියන්න තියෙන්නේ මනසික ආබාධ තියෙන ඔළමොට්ටලයො කියල තමයි...

බොහෝ විට මේ සිදුවීම අම්බලන්ගොඩ පහු වුනාම අත් විදින්න පුලුවන්..කාලයක් මේ නිසා කොච්චි පාර දෙපැත්තේ පොලීසියෙන් පවා යොදල තිබිලා.. සාගරිකා එකට වඩා සමුද්‍ර කොච්චියේ මේ අත්දැකීමට බහුලව මුහුණදෙනවා.. කෝකටත් මට කියන්න තියෙන්නේ තමාගේ ආරක්ෂාව ගැන හිතල රාත්‍රී කාලයේ කොච්චිය එනවනම් ජනේල් සම්පුර්නයෙන් හරි භගෙට හරි වහගෙන එන්න කියලා....එතකොට ටිකක් හරි ආරක්ෂාව තියෙනවනේ....

Friday, July 23, 2010

අපේ මුරලිට සුභපැතුම්.....


සිය අවසන් ටෙස්ට් තරගයේ දී කඩුලු 800ක් ලබා ගත් මුරලි ඊයේ ටෙස්ට් පිටියෙන් සමුගත්තා... සමු ගැනිමේ ටෙස්ට් තරගයෙනුත් කඩුලු 8ක් ලබා ගැනිමට සමත් උනු මුත්තයියා ටෙස්ට් කඩුලු 800ක් ලබා ගත් ලෝකයේ පලමු ක්‍රිඩකයා බවට ඉතිහාස පොතට එක්විය.....
මුරලි ටෙස්ට් පිටියෙන් සමුගෙන ගියද ඇතැම් විට ලබන වසරේ දී පැවැත්වෙන ලොක කුසලාන තරගාවලියට ක්‍රිඩා කිරීමට නියමිතය....

අපේ මුරලිට සුභපැතුම්........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


පිරිවර

මගේ කැමරා ඇසින්

www.flickr.com

ලොව පුරා

වෙබ් තදබදේ

අවවාදයි

Creative Commons License>මෙම අඩවියේ ඇති සෑම ලිපියකම අයිතිය මා සතු වේ. කිසිම පුද්ගලයෙකුට පෙර දැනුන්දීමකින් හෝ අවසරයකින් තොරව,උපුටා ගත් ස්ථානය සදහන් නොකර මෙහි ඇතිලිපි උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
Protected by Copyscape Online Plagiarism Finder