Sunday, December 26, 2010

2004-12-26 තවත් එක් දිනයක් උදා විය..........





මීට වසර 6 කට පෙර එනම් 2004-12-26
දින එනම් නත්තල් අසිරිය මගින් කිතුනු භක්තිකයන් හා මුළු ලෝකයම වෙලා ගත් මොහොතක්.. මෙදින රාත්‍රිය
සියලු දෙනාම නත්තල් සමරා අලුත් දවසක් උදා වීමේ බලාපොරිත්තුවෙන් නින්දට ගියහ...
පසුදා පොහොය දිනකි.. කිතුනු භක්තිකයන් නත්තල් සතුට තවමත් රසවිදින අතර තුර ජනයා පොහොය දවසේ පන්සල් කරා ගියහ...
කාලය කෙමන් කෙමන් ගත් වුණි.. සෑම පංසලක මෙන්ම මුළු ශ්‍රී ලංකාවම වාගේ සිල් සුවදින් නැහැවී ගියහ..
වෙනදා මෙන් මහ මුහුද නිසසලය.. කෙමෙන් කෙමෙන් වේලාව උදෑසන 9.25 විය. මහා ජල කදක් මුහුද දෙසින් ගොඩ බිම කරා ඇදී ආහ... මිනිස් ජීවිත ගණනාවක් හා දේපල බොහෝමයක් විනාශ කර නැවතත් මහ මුහුද නිසසල විය...!!!!


මේ ලංකාවේ මෙන්ම තවත් රටවල් ගනනාවක මිනිස් ජීවිත හා දේපල විනාශ කල සුනාමි විය්‍යසනයයි... අදට මෙම සිදුවීම වී හරියටම වසර 6 ක් සපිරෙනවා..
මේ සිදුවීම සිදුවී වසර හයක් ගතවුනත් මේ බිහිසුණු අද්දැකීමේ මතකයන් මිනිසුන්ගේ සිත්තුල තවමත් මැකී ගොසින් නෑ... මේ සිදුවීම නිසා බොහෝමයක් ජනයා අන්ත අසරණ තත්වයකට පත් වුනා.... ඇතැම් නිවාස වල නිවසේ සිටි සියලුම දෙනා මිය ගිහින්...ඇතැම් නිවාසවල දෙමාපියන් අහිමි වී ගිය දරුවන් මෙන්ම දරුවන් අහිමි වී ගිය දෙමාපියන්ද සිටිනවා... මෙම ඛේදවාචකය නිසා ශ්‍රී ලාංකිකයන් 45000 කට ජීවිත අහිමි වූ අතර දිස්ත්‍රික් 13 කට අයත් වෙරළ ප්‍රදේශයන්ගෙන් නිවාස ලක්ශ තුනකට අධික ප්‍රමාණයක් විනාශ විය.මෙය කොතරම් දුක්මුසු තත්වයක්ද........!!!


ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ මිහිතලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු........!!!!!!!!!!!!!








ගාල්ල නගරය



3 comments:

  1. මේ වගේ දෙයක් නම් ආපහු කවදාවත්ම වෙන්න එපා.....

    ReplyDelete
  2. අවසානයේ ඉතිරි වූයේ කදුළක් පමණි........

    ReplyDelete
  3. a wage deayk apahu nowewa....... !!

    ReplyDelete