Thursday, November 25, 2010

SLT ADSL ගැන තවත් ලු කතාවක්

මුලින්ම කියන්න ඕන වලිය ගැන, මතකනේ...කොහොම කොහොම හරි ඒකෙන් දැන් දෙපාර්ශයම සාම ගිවිසුමක් ගහගෙන. ඒක නිමා කරන්න සහයෝගය දුන්න සැමටම හුගක් ස්තූතියි. මේක ලිපිය ඇත්තටම කොයිකාටත් හිතවත් ADSL ගැන. ඒත් මේක එහෙන් මෙහෙන් ආරන්චි වෙච්ච News වලින් තමයි ලියන්නේ.. ඒත් මේක ඉස්සරහට වෙන්න පුලුවන් කියලත් හිතෙනවා. කොටින්ම කියනවනම් මේක "ලු" කතාවක්..

මෙන්න මේකයි කතාව. දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබා දී ඇති ADSL Unlimited connection එක limit කරන්න යනවලු.. ඒත් මට හිතෙන විදිහටනම් දැනට එක භාවිතා කරන අයගේ connection එකට කිසිවක් වෙන්නේ නැතිලු. දැනට එම connection එක දෙන එකත් නවත්වල ලු. ඒ වෙනුවට ඔවුන් නව පැකේජයන් හදුන්වල තියෙනවා.(හැබැයි ඒකනම් ලූ කතා වක් නෙවෙයි.)



සමහරක් අය කියන විදිහට දැනට ADSL unlimited connection එක භාවිතාකරන අයටත් ලගදිම තරු පෙනෙන දවසක් එනවලු......

දැනට ශ්‍රී ලංකාව තුල ලබා ගත හැකි ලාබම Internet connection එක තමයි මේක... මොකද කියනවනම් කිසිම limit කිරීමකින් තොරව අපට internet ලෝකයේ සැරි සරන්න පුලුවන්නේ.... හුග දෙනෙක් SLT ADSL ඉබි ගමන් කියල කිව්වට කිසි අවුලක් නැතුව සීමාවකින් තොරව Torrent භාගත කරගන්න පුලුවන්නේ.. ඒ කියන්නේ Download කරගන්න. filmz උනත් බාන කොට 60kb-70kb විතර එක දිගටම එනවනේ... එතකොට ඉතින් ADSL කියන්නේ දෙයියෙක්ම තමයි...

මට හිතෙන විදිහට ටෙලිකොම් ආයතනයට මේ විදිහටUnlimited Connection එක ලබා දීම අවාසියක් වගේ. මොකද ලංකාව තුල දැන් බොහෝ දෙනා internet පවිච්චි කිරීමට පුරුදු වීම නිසා මෙම පැකේජය ලබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනවා..... මේ මොනව කිව්වත් මේ "ලූ" කතාව ඇත්තක් වුනොත් තමයි ඉතින්....................!!!!!!!!!!!!!!

10 comments:

  1. pamal peparasiyek welaaaaaaaaa :P

    ReplyDelete
  2. හෆොයි දෙයියනේ! මගේ ජීවිතේම ඉවරයි එහෙම කළොත් නම් !@#$%^&* වෙන්න එපැයි කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. @Anonymous
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට... එහෙම වෙන්න එපා කියල මමත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  4. @Anonymousස්තූතියි... නැතුව බෑනේ..

    ReplyDelete
  5. මමනං ADSL අරන් පස්සෙ Disconect කරගත්ත. මගේ ඉස්සෙල්ල ඉදලම තියෙන්නෙ Dialog Wimax තමයි.

    ReplyDelete
  6. math onna tak gala 1GB eka unlimited karagatta.....dan ithin unlimited dena eka nawattuwe nathoth pamal ayya ussanawa....;)

    ReplyDelete
  7. @lakshanbudu malliyo... ehima karanna epa...

    ReplyDelete
  8. මේක ලංකාවේ මිනිස්සුන්ට ආසාධාරණයක් වගෙයි ම‍ට හිතෙන්නේ
    බිල අඩු කරලා FUP දානවට වඩා හොදයි තිබ්බ විදියට තිබ්බා නම්

    ReplyDelete
  9. අලි මදිවට කොටි වලස්සුත් කිව්වලු..........

    ReplyDelete
  10. අයියෝ අපි ඉවරයි

    ReplyDelete