Tuesday, November 16, 2010

Fedex හරහා ebay මගින් භාණ්ඩ ගෙන්වා ගැනීම..





මගේ බ්ලොගයේ සැරිසරපු මිත්‍රයෙක් අසපු පැනයක් නිසා තමයි මෙක ලියන්නේ.. ඔහු අහල තිබුනේ Fedex හරහා Ebay එකෙන් බඩු ගෙන්න ගන්න කොහොමද කියලා. එක නිසා අදත් කියන්න යන්නේ Ebay ගැන ලිපියක්. Ebay වලින් ආරක්ෂාකාරීව බඩු ගෙන්න ගන්න හිතන් අයට මේක වැදගත් වේවි කියල හිතනවා... මොකද ලංකාව වගේ රටවල් වල මෙහෙම දේවලුත් වෙනවනේ...

මුලින්ම යම්කිසි භාණ්ඩයක් Ebay එකන් තෝරාගත් පසු එම භානඩය පිලිබදව Seller විසින් භාණ්ඩය පිලිබදව ඇතුලත් කරල තියෙන විස්තර බලන්න.. එව විස්තර වල Shipping details යතතේ පිලිබදව විස්තරයක් තියෙනවා.. එම විස්තරයේ සදහන් කරල තියෙනවා තමා courier service වලින් භාණ්ඩ තැපැල් කරනවද කියලා..

රූපය බලන්න...



මෙම courier service වලින් ලංකාවට භාණඩ ගෙන්වන ප්‍රධාන ආයතන වෙන්නේ Fedex, DHL, UPS

මෙකෙදි තමන් තෝරාගත් භාණඩය කුමන courier service එකක මගින් ගෙන්නනවද කියල තමන්ටම තීරනය කරගන්න පුලුවන්..හැබැයි Seller සදහන් කරපු ආයතන මගින් පමණයි..

මෙහිදී Seller ව contact කරල ලංකාවට භාණ්ඩය ගෙන්වීමට යන cost එක දැනගන්න පුලුවන්.. මෙහිදී බොහෝවිට Seller අපේ ලිපිනය ඉල්ලගන්නවා. සමහර Sellerලට යම් යම් courier ආයතන වලින් membership දීල තියෙනවා.. එවිට එම courier ආයතනය හරහා භාණ්ඩය ගෙන්නනවනම් එම seller ට භණ්ඩය එවීමට වැය වන වියදමට(shipping cost) යම් වට්ටමක් හිමිවෙනවා.. එම වට්ටම නිසා අපි භාණ්ඩය ගෙන්වීමට ගෙවිය යුතු shipping cost එක අඩුවෙනවා.. නමුත් වට්ටම් නොමැති Sellerල මගින් ගන්නාවිට එවැනි කිසිම අඩුකිරීමක් සිදුවන්නේ නෑ.. මේ පිලිබදව seller ගෙන් විමසා දැන ගන්න පුළුවන්..

DHL වල Membership අරගත්තු Sellerල මගින් ගන්න භාණ්ඩය ගෙන්වීමට ගෙවිය යුතු shipping costවිට එක අඩුවෙන් ගෙවන්න වෙන්නේ...
Fedex වල Membership අරගත්තු Sellerල මගින් ගන්න භාණ්ඩය ගෙන්වීමට ගෙවිය යුතු shipping costවිට එක අඩුවෙන් ගෙවන්න වෙන්නේ...

ඒක නිසා seller එහෙම membership අරගෙන තියෙනවනම් seller කැමති එකකින් එවන්න කියල ඉල්ලන්න පුළුවන්. එතකොට කොහොමත් අපට වාසි වෙනවා....

අපි courier service එක තෝරාගත් පසු මම කලින් කිව්ව විදිහට seller අපේ shipping address එක ඉල්ලනවා.. අපි මෙහිදී භාණ්ඩයට මුදල් ගෙවන විට courier service එකට යන වියදම ද පෙන්නනවා.. සියලුම මුදල් ගෙවීමෙන් අනතුරුව භාණ්ඩය seller විසින් අප හෝ seller තෝරා ගත් ආයතනය වෙත යොමු කල විට එම ආයතනය විසින් tracking number එකක් ලබා දෙනවා..

මෙම tracking number එක මගින් භාණ්ඩය දැනට තියෙන ස්ථානය නිවැරදිවම අපට නිවසේ සිට බලාගන්න පුළුවන්. මේ tracking number එක seller අයතනය මගින් ලබා ගෙන අපිට එවනවා..

මම ගෙන්වපු projector එකේ අදාල tracking number එකේ විස්තර පහත රූපයේ බලන්න...



ශ්‍රී ලංකාව තුල Fedex එක නම් Mountain Hawk Express ආයතනය මගින් පවත්වාගෙන යනවා..
DHL නම් DHL ආයතනය මගින් පවත්වාගෙන යනවා..

මේ පිලිබදව විස්තර බලන්න

Fedex (sri lanka)
DHL (sri lanka)
UPS (sri lanka)

අවසානයේ ලංකාවට භාණ්ඩය ආ පසු ඔවුන් එම භාණ්ඩය නිවසටම ගෙන විත් භාරදී යනවා... මෙහිදී එම භාණ්ඩයට රේගුව විසින් යම් බදු මුදලක් ගැසුවහොත් එම මුදල අපට ගෙවීමට සිදුවෙනවා..

මම හිතනම මේ පිලිබදව යම්කිසි අවබෝධයක් එන්න අති කියලා. මොකක් හරි ගැටළුවක් තියෙනවනම් පහලින් ලියල තියන්න..


ebayගැන මම කලින් ලියපු ලිපි

1) Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]

2) ebay සහ ලංකාවේ තැපැල් සේවය

3) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???

13 comments:

  1. ලංකාවට එන පාර්සල් බොහෝමයක් ගේ සෙලෝටේපය ගැලවී තිබුනා කියල සීල් එකක් ගහල තමයි අපිට දෙන්නේ.. කතුරකින්වත් කපන්න බැරි ඒ සෙලෝටේප් එක ප්ලේන් එකේදි කොහොම ගැලවෙන්නද.... ඕක ඉතින් අහන්න ඕන ලංකාවේ මිනිස්සුන්ගෙන්ම තමයි. ඒක නිසා මේවගේ ආයතනයක් මාර්ගයෙන් ගෙන්වන එක හුගක් වටිනවා...

    ReplyDelete
  2. ow ow
    un ewa galawala balanawada kohedo matath hambenema open

    ReplyDelete
  3. Then if we have to pay the duty, What will the Fedex or DHL do ? Will they deliver the item alone with the duty form and take duty from us after the deliver ? or will the item, stopped at their main office until we pay the duty ?

    ReplyDelete
  4. If the item is subject to any tax DHL or FedeX will pay the tax duty and clear the item from Sri Lanka customs. Then they will charge that tax duty from us when they deliver the item to our door step.........If you can contact the seller and make him agree to declare the item as a gift and a very low value, you can avoid the tax by paying very litte....

    ReplyDelete
  5. ගලවනවා ඇත්තේ තියෙනවද කියල බලන්න වෙන්න ඇති....

    ReplyDelete
  6. thanks lipiya dammata hoda idea akak gaththa thanks

    ReplyDelete
  7. pamal ayye....US sellersla gift kiyala danna ba kiyanne ai?

    ReplyDelete
  8. @lakshanඑහෙම අවුලක් නම් නෑ.. ඒත් top rate seller කෙනෙකුගෙන් නම් ගෙන්න ගන්න එක ටිකක් අමාරුයි... මොකද ඒ අය නීතියටම වැඩකරන නිසා

    ReplyDelete
  9. Ammapa pamal ayye. me lipiyanam kiyala wadak naa. mama ebay eken badu godak genawa.

    ReplyDelete
  10. @Sameeraස්තූතියි... ඉස්සර වගේ ebay එකට දැන් බය වෙන්න ඕන නෑ... බයවෙනවනම් බයවෙන්න ඕන ලංකාවට ආවට පස්සේ ගත්ත භාණ්ඩය ගෙදරල ලැබේවිද නැද්ද කියල තමයි....

    ReplyDelete
  11. මචන් ebay එක ගැන කියල දීපන්කො.

    ReplyDelete
  12. Oya use karana Credit Card eka mokakda?

    ReplyDelete
  13. @Nipunමම පාවිච්චිකරන්නේ සම්පට් වෙබ් කාඩ් එක

    ReplyDelete