Saturday, December 31, 2011

තව පැය කිහිපයයි.....





තව පැය කිහිපයයි..හෙටත් වෙනදාමෙන් තවත් දවසක උදාවක්.. නමුත් වෙනසක්...තප්පරෙන් තප්පරය... විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය..දවසින් දවස..මාසයෙන් මාසය කාලය ගෙවී නව අවුරුද්දක උදාවේ දොරටුව අසල..!! ලබන්නාවූ 2012 නව වසර සැමටම සාමයෙන් සතුටින් පිරි සුභම සුභ සෑම ප්‍රාර්ථනාවක්ම ඉටුවන යහපත් නව වසරක්ම වේවා.....!!!

Sunday, December 25, 2011

පැරසිටමෝල් වැඩිපුර භාවිතය භයානකයි.......!!!!!!!!!!!

පැරසිටමෝල් ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කිරීම හේතුවෙන් අක්මාව දුර්වල වීමත් ඉන් මරණය පවා ඇතිවිය හැකි බවත් ඉංග්‍රීසි වෙද්‍ය පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙති. ශීත සෘතුවේ ඇති අධිකා ශීතල හා සෙම්ප්‍රතිෂ්‍යාව හේතුවෙන් ඇතිවන කැක්කුම් හා ශරීරයේ ඇතිවන විවිධ වේදනාව සමනය කර ගැනීමට මිනිසුන් පැරසිටමෝල් පෙති අධිකව ගිල දැමීමට පුරුදුව සිටී..එඩිම්බර්ග් සරසවියේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ වෙද්‍ය කෙනක් සිම්ස්ටන් ට අනුව දිනකට පැරසිටමෝල් 500mg පෙති අටක්(එනම් 4g) ඉක්මවා භාවතය හානිදායකය.පැරසිටමෝල් හේතුවෙන් අක්මාවේ දුර්වල වීම් හේතුවෙන් වූ මරණ සංඛ්‍යව වසරකට සියදිවි නසාගන්න ප්‍රමාණයද ඉක්මවා යයි.පැරසිටමෝල් පෙති වැඩිපුර භාවිතයෙන් පිටකොන්දේ වේදනාව,හිසේ රුදාව,බඩේ රුදාව හෝ දත් රුදාව අදී බාහිර රෝගී ලක්ෂණ මතුවේ.අක්මාව ආශ්‍රිතව ආබාධවලින් පෙලෙන රෝගීන් 5 දෙනෙකුගෙන්  2 ක්ම මරණයට පත්ව ඇතිබව බ්‍රිත්‍යාන්‍ය වෙද්‍ය සගරාව පෙන්වා දෙති.

~ ලක්බිම බන්දුල නෝනිස් ~



Friday, December 23, 2011

බෝහෝ දෙනෙකු ලග නොමැති මිනිසාගේ මනුස්සකම


අප ජීවත් වන ලෝකය කොතරම් පොඩියිද..?? එහි වසය කරන ඇතැම් මිනිසුම් කෙතරම් හොද යහපත් උසස් පුද්ගලයින්ද..?? මේ බලන්න.මිනිසුන් මීනිසුන්ට උදව් කරගන්නා ආකරය..ඇයි සියල්ලන්ටම මෙසේ වීමට නොහැකි..??මිනිසෙකුත් උපකාර කිරීමට බොහෝ විට පැමිනෙන්නේ තවත් මිනිසෙකි...අනෙක කෙනෙකුට උපකාරයක් කර විට ඔහු පිලිබදව පැහැදීමක් ඇතිවී අන්යන්ටද උපකාර කරනා සැටි..සියල්ලන්ම මෙසේ වනවානම් කෙතරම් හොදද?අන්යන්ට වෙනස්කම් නොකර..!!


නැවත්ත මගේ මිතුරන් හමුවීමට සූදානම්...!!!


කාලේකට පස්සේ මතක් උනේ බ්ලෝග් එකක් කියල දෙයක් තියෙන බව...!! මතක් උනා කියන්නේ මට මතක් කෙරෙව්වා නවත්තපු බ්ලොග් එක ලියන්න ලියන්න කියලා.... ආපහු මේක ලියන්න මම උපරිම උත්සාහයක් දරනවා... වටේ හිටපු යාලු මාලුවො නිසා වැඩ ඔක්කොම අප්සට්..හිත් තැවුල්..දුක..සෑහෙන දේ විදින්න සිදුවුනා. ඒත් මිනිස්සු කවුද කියල ඒ දවස් ටිකේ හොදට අදුන ගත්තා.... මෙතෙක් කාලයක් මා වටා සිටි මගේ ලිපි කියවපු හැමෝටම මගේ හදවතින්ම ස්තූතිය...එහෙනම් ඉදිරියේදී අලුත් ලිපියකින් ඔබව හමුවෙමු








::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ජනප්‍රිය ලිපි :: ඔබේ මිතුරන් ගැන සැලකිලිමත් වන්න
අප හා එක්වන්න :: පොඩී උදව්වක්..!! සහයෝගයක් දෙන්න..!!


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Monday, November 7, 2011

පොඩී උදව්වක්..!! සහයෝගයක් දෙන්න..!!



කොහොමද යහලුවනේ..මෙකෙන් පොඩ්ඩක් එබුනේ පොඩි උදවක් ඉල්ලගේන..පුලුවන්නම් පොඩි සහයෝගයක් දෙන්න....

පමල්ගේ සිතුවිලි බ්ලොග් අඩවියේ නිල Facebook group එක සමග රැදී සිටි 917 ප්‍රමණයක් වන සාමජිකයන්ට බෙහෙවින් ස්තූතියි.. නමුත් එම එකට ලොකු අලයක් වී ඇති නිසා නවතම පමල්ගේ සිතුවිලි fan page එකක් නිර්මණය කරා. එකට පොඩි LIKE එකක් දාල සහයෝගයක් දෙන්න... ලොකු උදව්වක් නෙවෙයි ඉල්ලුවේ..පොඩිම පොඩි CLICK 1ක්....

නවතම fan page එකට මෙතනින් යන්න



පැරණි group එක සදහා මෙතනින් යන්න

~~~ඔබගේ සහයෝගය මා හට ශක්තියකි~~~

Sunday, November 6, 2011

[R.C.G] කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


මතක ඇති නේ අපි කාලේ ඉංග්‍රිසී කරපු හැටි..ඒත් අක්කම අර කා* මිස් ගැන එහේම දනන්ව ඇතිනේද..?? දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න.අපේ පංතියේ තමයි ටාර්සන් [චතුරංගයා] හිටියේ..ටාර්සන් කිව්වේ වැල් වල එල්ලිල යන නිසා නෙවෙයි..නිකන් ආතල් එකට හදපු කාඩ් එකක්..

ඔන්න ඉතින් තවත් දවසක ලෝබ නැතුවම පීරියඩ් දෙකක්ම ඉංග්‍රීසි පාඩම තිබුනා. කා* මිස්ගේ අතේ තිබුන පොඩි ෆෝන් කටුවක්..මිස්ගෙ වැඩේම පාඩම යන කොට ඕක පොඩ්ඩක් මිරික මිරික බලන එක තමයි..දන්න තරමින්නම් කවදාවත් ඕක silence නම් කරන්නේ නෑ..මොකද අපි ඉස්සරහදිම ඔය ෆෝන් එක රින්ග් වෙලා තියෙන නිසා..ඔන්න ඉතින් දවසක් කට්ටියම සෙට් උනේ ඔය ෆෝන් එකට පොඩි වැඩක් දෙන්න..කට්ටිය කතාකරගත්තේ කොහොම හරි මිස්ගේ නම්බර් එක උස්සන්න..ඒත් කොහොමද..?? කාටවත් හිතාගන්න බෑ..කොහොම හරි ඒවැඩේ කාලයට බාර දීල කට්ටියම පැත්තකට වෙලා හිටියා.ඔන්න දවසක් මිස් පන්තියට අවා..අපු ගමන්ම ඉතින් පොත් තියෙන්නේ කාටද..?? නැද්ද කියල හොයල බලන එකනේ කරන්නේ.. මතකයිනේ... ඔන්න ඉතින් එකත් හොයලා සුපුරුදු පරිදිම ජාතියත් අමතල එහෙම පාඩම පටන් ගත්තා...මොනව උනත් වැඩිවෙලානම් යනන් හම්බුනේ නෑ මිස්ට පොඩි පණිවිඩයක් අවා office එකට අන්න කියලා..ඔන්න ඉතින් මිස් ගියා එකට.ඔතනදි තමයි අපේ ගොයියන්න අර වැඩේ මතක් උනේ..අර මිස්ගේ නුම්බර් එක උස්සන්න..එත් ඉතින් කතා කරගත්තට කවුද ඉතින් ඕක කරන්න යන්නේ එකපරටම...කොහොම කොහොම හරි අපේ අර ටාර්සන් ගොයියා ගේම් එකට බැස්සා..කොකටත් දොර ලග එක්කෙනෙක් මුරට දාල තිබුනේ..කියන්න බෑනේ හදිස්සියේවත් කඩාපනින හමුදාව වගේ එකපාරටම කඩගෙන ආවොත්..ටසන් ගොයියා මිස්ගේ බෑග් එකෙන් ෆෝන් එක අරගෙන පොඩි මිස්කෝල් පාරක් ටර්සන්ගෙම ෆෝන් එකට ගහල history එකත් Delete කරල ෆොන් එක තිබුන තැනම තියල මාරු උනා..ඔන්න මිස් අවා පන්තියට..දැන් කවුරුත් ඉන්නේ නිකන් මුකුත් නොව්නා ගානට. [මේ කාලේ ඉතින් පන්තීයේ හම ගොය්යෙක්ම ලග ඉතින් ෆෝන් තියෙනවනේ..මහා ලොකූ අකුරෙන් "පාසල තුලට ජංගම දුරකතන ගෙන ඒම තහනම්" කිව්වට ඉතින් සමහර වෙලාවට සර් කෙනෙකුගේ හරි මිස් කෙනෙකුගෙ හරි හදිස්සියකට කෝල් එකක් ගන්නේත් ඉතින් කාගෙ හරි කොල්ලෙකුගෙ ෆෝන් එකකින් තමයි. :p :p ] ඔන්න ඉතින් දැන් මිස්ගේ නම්බර් එක පන්තියේ හතර වටේම යන්වා.

ඔන්න ඊටපස්සේ තමයි වැඩේ පටන් ගත්තේ..මංගල එක..

ට්‍රීං...ට්‍රීං....

ඔන්න වදින පටන් ගත්තා..මිස් ඉතින් පඩමත් නවත්තල පොතත් පැත්තකින් තියල බෑග් එකට අත දාල ෆෝන් එක ගන්නකොටම කෝල් එක නැවතුනා.. අපහු ඉතින් බැග් එකට දාල පාඩම පටන් ගන්න කොටම මෙන්න වදිනවා..

ට්‍රීං...ට්‍රීං....
අපහු පඩම නවත්තල ෆෝන් එක ගන්නකොටම කෝල් එක නවතිනව..දැන් මිස්ගෙ මුනෙන්ම පෙනව මිස්ට යකා තදවෙල කීයල..හැබැයි සුනාමි අවත් ඕක කරන්නේ නම් නෑ කියල අපිනම් හොදට දන්නව.. කොහොම කොහොම හරි පාඩමනම් කරන්න උනේ නෑ හතර වටින්ම එක එක නම්බර් වලින් මිස් කෝල්. එක්කෙනෙක් ඉවර වෙන කොට තම කෙනෙක්..එයා ඉවර වෙනකොට තවකෙනෙක්... කොහොම හරි දැන් මිස්ටනම් හොදටම මල. ඔන්න ඉතින් පිරියඩ් එක ඉවර උන කියමුකෝ..එත් කට්ටියගේ miss කෝල් ගැහිල්ලනම් නවතින පාටක් පෙන්නේ නෑ..සමහර උන් ඒ අස්සෙ SMS යවනව...(අර තියෙන්නේ creative SMS කියල ජාතියක්.අන්න ඒවා ) සමහර උන් කඩ්ඩෙන් SMS කොටනව...එව කියවගන්න ඉතින් මිස්ට සින්හල පංතියකට යන්න වෙනව... ඔය අතරේ කට්ටිය ලග තිබුන එක SMS එකක්.එක පහලට කියවගෙන යන්කොට නිකන්ම ෆෝන් එක restart වෙනවා..ඔකත් යැව්වා මදිපඩුවට.. :ඵ් :ඵ් පිස්සු ආතල්...

ඔන්න ඊට පස්සේ දවසේත් මිස් ආව පංතියට.. ආපු විඩිහනම් එච්චර ඇල්ලුවේ නෑ..පොඩ්ඩක් ඔරවගේන වගේ පංතියට ඇවිත් පුටුවෙ වඩිවෙලා කට්ටිය ගේ මුණවල් දිහා කන්නවගේ මරුවෙන් මාරුවට බලාගෙන ඉනවා..අපිටනම් තේරුනා මිස්ගේ අවුල මොකද කියල..කොහොම හරි විනාඩි 5ක් විටර බලාගෙන ඉදල තමයි කතාව පටන් ගත්තේ..
" මගේ මේ ෆෝන් එකට කෝල්ස්..මිස් කෝල්ස්. මැසේජස් එනවා ගොඩක්..කවුරුද දන්නේ නෑ... "

ඔකත් කිව්වේ හැබැයි ටිකක් කඩුව දාලා.. හොරාගේ අම්මගේන් පේන අහනව වගේ වැඩක්...අපි කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ..කිව්වේ

" දන්නේ නෑ මිස්...!!"

කොහොම කොහොම හරි එදත් පඩම හරියට කෙරුනෙ නෑ...මොකද ඉතින් වක්කඩ කැඩුව වගේ අරක රිං වෙනවනේ ට්‍රීං...ට්‍රීං ගලා.... එදා දවසත් ඉවර උනා..දැන් හැබැයි මිස්ට පොඩ්ඩක් සැකයි..මොකද වැඩිපුරම එන්නේ අපේ පංතියේ පාඩම කරන ආවමනේ... ඉට පස්සේ මිස් අවේ පන්තියට එන නම්බර් ඔක්කොම කොලේක ලියගේන..නම්බර් 20ක් විතර...හරියට communication එකක් වගේ... :D :D :D අවුලක් නෑ..ඔතන තියේන බාගෙට බාගයක් තියෙන්නේ හොර නම්බර්..අපේ වජිරයා ලග තියෙනව හොර සිම් මල්ලක්ම.කාට හරි ආතල් එකක් හරි වගේ දෙන්න ඔනනම් කෙලින්ම වජිරය ඇමතුවහම වැඩේ හරි. [ වජිර ගැන මතක් කරොත් අප අතර සිටි හොදම යහලුවෙක්..2008 ඹෛO පංතිය සමග වජිරගේ මතකයන් සෑහෙන ප්‍රමණයක් තියෙනවා..නමුත් ඔහු අද අප අතර නෑ..මෙලොවින් සමු අරන්... ]

මිස් නම්බර් ටික කියවනවා..මරු සෑහෙන්න තියෙන්නේ වජිරයගේ නම්බර්...කොහේ හොයන්නද..??හැබැයි මිස්ටනම් ටිකක් තද වෙලා හිටියේ..කියව කියව ඉන්නකොතත් මිස් කෝල් එනවනේ...!!වැඩේ දුර දිග ගිය වැඩී වගේ..

"මම මේ නම්බර් ඔක්කොම ටික පොලීසියට ගිහින් දෙනවා...මෙහෙම මෙහෙම වැඩක් මට වෙනව කියලා....""

අනේ ඉතින් අපිට මොකෝ....කොහේ අල්ලනද unregistered නම්බර් වලින්...කොහොම කොහොම හරි කට්ටිය එකතු වෙල වැඩේ පොඩ්ඩක් අඩුකරා..කියන්න බෑනේ..අපි ඉතින් පොලීසියට බය වෙන්න ඕනනේ.. :) :) හැබැයි මිස්ටනම් කලින්ම තේරිලා තියෙන්නේ අපේ ගොයියොන්ගේ වැඩක් කියලා... පස්සෙ දවස් වල ඇවිත් හිනාවෙවී කියනවා දැන්නම් කෝල් එන එක අඩුයි.. කොහොමද නම්බර් එක හොයාගත්තේ...කටවත් දීල නෑ... :) :)

හැබැයි ඉතින් අද වෙනකනුත් කා* මිස් නම් දන්නේ නෑ අපේ අර ටාර්සන් ගොයියා බෑග් එකට පැනල නම්බර් එක උස්සපු හැටි......!!!!!



පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!



නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා


*
*
*

Sunday, October 16, 2011

[RCG] ඔට්ටා ගේ නව සොයා ගැනීම


පාසල් මතකයන් ගැන කිව්වොත් ඉතින් කවදාවත් අමතක කරන්න බැරි රසවත් සිදුවීම් ගනනාවක්ම තියෙනවා..මෙවා ඉතා රසවත් උනාට සමහර වෙලාවට මේවා මතක් වෙනකොට හිතට මහා දුකක් දැනෙනේවා..මොකද කියනවනම් එකාලේ හිටපු ඇතැම් මිතුරන් දැන් ලේසියෙන් දකින්න වත් නැතිනිසා..ඇතැම් අය සෑහෙන දුරට ගිහින්.


මේ කතාවනම් අපේ දිනූ චාමින්දයා වටා ගෙතෙන කතාවක්..(ඔටුවා කිව්වහම ඉතින් කවුරුත් දන්නවා) රිච්මන්ඩ් එකේ 13 වසරෙදි අපේ පන්තිය තිබුනේ දේශණාගාරයේ..ඕක එහා පැත්තෙ තමයි Chemistry Lab එකයි Physics Lab එකයි තිබුනේ..කොච්චර ලෙසිද කියනවනම් ඇතුලෙන් දොරකුත් තියෙනවා.. අපි ඉතින් හැම දාම එකට කලින් ගිහින් ඉන්නවා..(දොර තියෙන නිසා ලේසියට නෙව්යී..ඉගෙන ගනන් තියෙන ආසාවට ) කොහොම කොහොම හරි චාටර් වෙලා ඔය දොර වහගත්තා අපහු යන්න නොදී..ඉට පස්සෙ යන්න උනේ වටෙන්..හරියට ඉස්සරහින් අල්ලන්න තියෙන නහය අත දාල වටෙන් අල්ලනව වගේ.


ඔන්න ඉතින් තියෙන දවසක ගියා කියමුකො Chemistry Lab එකට.. අපිට Chemistry කරන්න හිටියෙ සුමේධ සර්. මතකනේ සුමෙධ සර් ගැන කලින් ලියපු ලිපි. [මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!! // "සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.. හැබැයි සර් සද්දෙනම් ගෙම්බෙක් ගෙ වගේ" ]ඔන්න ඉතින් එදා සර් එන්න ටිකක් පරක්කු උනා.අපි කට්ටිය ඉතින් පැත්තකට වෙලා පොඩි කයියක් දාගෙන ඉන්නව අර එකේ තියෙන ගිටාර් ගහන්න පුලුවන්, බාර් වල තියෙනවා වගේ උස පුටු වල ඉදගෙන. අර අපේ කතානායක ඔටුවගේ වැඩේම මොනව හරි නව සොයා ගැනීම් කරන්න..ඔන්න ඉතින් ඉන්න කොට මිනිහට පොඩි අදහසක් අවා බොතල් වල තියෙන Chemical එවා ටිකක් එකට කවලම් කරල බලන්න. නොදන්න මලදාන නොකර ඉන්න කියල කිව්වට මිනිහ එවා පිලිගන්න සුදානමක් නෑ.කියනදේ නාහන ගුරු අර කොහෙට ගියත් එකයි කියන්වා වගේ ඔන දෙයක් කරගනන ඇරල ඉතින් අපි පොඩ්ඩක් පැත්තකට උනා..පැත්තකට උනාට ඉතින් අපිත් game එකේ හිටියා...මොකද කරුමෙකට හරි නව සොයා ගැනීමක් කරොත් ඉතින්..දන්නෙ නැද්ද ඉතින් අපිත් උදව් කර කියලා නම පත්තරේටවත් දාගන්න පුලුවන්නේ...


ඔන්න ඉතින් ඔට්ටා වැඩේ පටන් ගත්තා.. නව සොයා ගැනීම කරන්න හොයාගත්තේ එකේ පිටිපස්සෙම ජනේලෙ ලග..එතන තමයි ඉතින් පරීක්ෂණ නල ටික තිබුනේ...දැන් ඉතින් කවුරුත් නැති එකේ එක වටේට හිහින් බොතල් තොගයක් අරගෙන ආවා.අයි දෙකක් නෑ..නව සොයාගැනීමක් කරනවම තමයී...මොකද පල පුරුදු කෙනෙක් විදිහට ටමයි මිනිහ වැඩේ පටන් ගත්තේ.බොතල් වල මුඩි කලින්ම ඇරලා..මුඩි මේසෙ උඩම තියලා.. (දන්නව ඇතිනේ එහෙම මේසෙ උඩ තියන්න එපා කියන එක ) ඔන්න ඉතින් මොනවද දැම්මා ඉස්සෙල්ලා...ඊට පස්සෙ තව එකක්..නෑ කිසිම වෙනසක් නෑ..අවර්ණ ද්‍රාවණයක්.. :p ඊට පස්සේ තව එකක්..එත් නෑ..කමක් නෑ..හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු..ඔන්න ඉතින් වැඩේ දිගටම කෙරීගෙන යනවා..එකපාරටම නලේ ඇතුලේ ද්‍රාවනය නිකන් අමුතු පාටක ට හැරුනා..ද්‍රාවනයේ පාට වගේද ඒ වෙලාවේ ඔට්ටගේ මුනේ පාට..හිනා පාට මුන..සතුට බේරෙනවා... :D :D . මොනව උනත් මිනිහ වැඩේ අත ඇරියේ නෑ.. නව සොයා ගැනීමක් කරන්න හදන නිසා Chemical විතරමක් නෙව්යි ඕකට දැම්මේ..කොල කෑලි..දුවිලි..වැලි..තව ජාති ගොඩයී.. ඊට පස්සේ තමයි සීන් එක පටන් ගත්තෙ..තව මොනවද මොනවද එකතු කරගෙන ගියා..හැබැයි මිනිහත් මෙව එකතු කරන්නේ ටිකක් බයෙන්.කියන්න බෑනේ..පොඩ්ඩක් දුරින් ඉදල තමයි වැඩේ කරේ.. ඔන්න එකපාරටම ඇතුලේ ද්‍රාවනේ අමුතු පටකට හැරුනා.. ටිකක් වෙලා යන කොට වැඩේ අවුල් බව තේරුනේ පැණි උණු වෙනව වගේ අරකෙන් පෙන දාගෙන දුම් දාන්න පටන් ගත්තහම..දැන් ඉතින් වැඩේ දෙල් වේගෙන එන්න වගේ...දුන් දානව කියන්නේ ඉතින් එන පොට හොද නෑ හොද අවුලක් නේ..ලගට යන්නත් බයයි..ටික ටික දුම් දැමිල්ලත් ටික ටික වැඩිවෙනවා..හරියට පරන කොච්චියක් වගේ.. දැන් ඉතින් කට්ටියට තරු පෙන්න පටන් ගත්තා..තරු පෙනිම වැඩි උනේ ඈතින් සර් එනව දැක්කහම...ෆිල්ම් එකක් වගේ..අපේ ඔට්ටට අරක ලගට යන්න බයයි..ඇයි ඉතින් බොම්බෙ වගේ උනොත්. කොහොම කොහොම හරි ඔය වෙලාවේ ලැබ් එකේ තිබුන කොස්ස තමයි පිහිටට ආවේ..යන්න්තම් කොස්සෙන් පොඩි රංගනයක් කරල පරීක්ෂණ නලේ පෙල්ල ගත්තා..හැබැයි ඕක සර් දැක්කා..සර් ට දැන් ටිකක් සැකයි මුන් මොනවද කරේ කියලා..කොහොම හරි සර් ලගට ආව කියමුකො.. අපු ගමන්ම ඇහුවේ මොනවද කරේ කියලා..ගත්තු කටටම ඔට්ට කිව්වෙ


"සර් පරක්කු නිසා අපි මේ පාඩම පොඩ්ඩක් කර කියලා"


එත් ඉතින් පඩමට ඔන වෙන්නෙ බොතල් 3යි 4යි..එත් මෙතන බෝතල් 10ක් විටර තියෙනවා..එක ගැන ඇහුවහම ඉතින් කටවත් උත්තරයක් නෑ..වැඩේ මට්ටු වෙන්න වගේ..මොකද බොතල් වල මුඩිත් තාම මෙසෙ උඩ.. මොනව කොරන්නද ඉතින්..


"තමුසෙල ඉතින් මේව අරගෙන කවලම් කර කර ඉන්නවා..වෙන වැඩක් ඇත්තෙම නෑ.."

"නෑ සර් අපි පාඩම කරේ.."

"අනේ ඔහෙල කරන පාඩම්.. එන්නේ නෑ වෙලවට ලැබ් එකට..*********"



ඔන්න ඔය වෙලාවේනම් කට්ටියට හිනා..මොකද ලැබ් එකට කලිනුයි..පරක්කු වෙලා අපු අයයි ගැන හිතන කොට... කොහොම කොහොම හරි සර් බනින එක නවත්තල ගියා..නව සොයා ගැනීමනම් මරු..ඔකේ වුන රසායනික ප්‍රතික්‍රියා ටික ලියන්න කිව්වෙනම් ඉතින් ලියන්න වෙනවා පිටු 80 ‍CR පොතක් පිරෙන්නම....





*
*
*




පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 



*
*

Saturday, October 15, 2011

සුදු රත්තරං

Facebook එක පැත්තෙ රවුමක් ගහන කොට හොයාගත්තු දෙයක්..ඔන්න කලින්ම කිව්ව මේක මම ලියපු එකක් නෙව්යි...නැත්තම් ඉතින් හිරේ යන වැඩනේ set වෙන්නේ...


පෙන්නේ නැත්තම් පින්තූරය උඩ කොටන්න