Sunday, September 12, 2010

පමල් ගේ සිතුවිලි අඩවියේ සංස්කරණ කටයුතු අවසන්......


පමල් ගේ සිතුවිලි අඩවියේ සංස්කරණ කටයුතු අවසන් බැවින් නැවතත් මෙම අඩවිය ඔබ සදහා විවෘතය.... එන්න.. නැවතත් මෙම අඩවියේ සැරිසරන්න... විනෝද වෙන්න....!!!!

Saturday, September 11, 2010

සංස්කරණ කටයුතු හේතුවෙන් මෙම අඩවිය තාවකාලිකව නවත්වා ඇත.......




සංස්කරණ කටයුතු හේතුවෙන් මෙම අඩවිය තාවකාලිකව නවත්වා ඇත.......

Friday, September 10, 2010

Google logos


ලෝකේම ප්‍රසිද්ධ සෙව්ම් යන්ත්‍රයක් නේ ගූගල් කියන්නේ.. මේ තියෙන්නේ ඒකට විවිධ රටවල් වල විශේෂ අවස්ථාවන් සදහා යොදාගත් ලෝගො ටිකක්....

මෙතනින් යන්න

Sunday, September 5, 2010

Paathshaala 2010


වෙනද මොකක් හරි ඕපදූපයක් දාන නිසා අද මම වෙනස් මොනව හරි දාන්න ඕන කියල හිතුන. වෙනස් කිව්වට මේක ෆිල්ම් එකක්. හින්දි ෆිල්ම් බලන අයට මේකට කැමති වෙයි කියල හිතනවා.
මෙක ස්කෝලයක් වටා ගෙතුන කතාවක්. විදුහල්පති පාසල නවීකරණය කරන්න ගිහින් ළමයින්ට වෙන සිදුවීම් මේ ෆිල්ම් එකේ තියෙනවා..
හැබැයි කලින්ම කියන්න ඕන ,මෙකේ වලි සීන්, මරාගන්න සීන් එහෙම නම් නෑ
බලන්න කැමති අය ඉන්නවනම් මෙතනින් බාගන්න.........


Friday, September 3, 2010

වේගයෙන් ව්‍යාප්ත වන දුරකථන සමාගම....Airtel




Airtel සමාගම සිය 1000 වන සන්ණිවේදන කුළුණ කුරුණෑගල දොඩන්ගස්ලන්දේ දී ඉදි කරන ලදී. මේය විවෘත කිරීමට ප්‍රධාන විදායකනිලධාරිනී අමාලි නනායක්කාර මහත්මිය සහභාගී වුනි. මේ සමගම ලංකාව තුල වේගයෙන් ව්‍යාප්ත වන දුරකථන සමාගම මෙන්ම වැඩිම සන්ණිවේධන කුළුණු සංඛ්‍යාවක් ඇති සමාගම බවට Airtel සමාගම පත් විය

මාරයි නේ................!!!!!!!!!!!!!!!!!!!!!!

සේයි සාධු ගෙට් ඉන්ටුද බෝට් ඇන්ඩ් කම්.......




මතකනේ මම අර ජයසිරි මහත්තයා ගැන කියපු කතාව.. මතක නැත්තම් මේතනින් බලන්න. ඔන්න ඉතින් ජයසිරි මහත්ත්ය සුද්දට සින්දුවක් කියල මාරු උනානේ..

ඔන්න ඉතින් පහුවෙනිදා දවසෙත් ජයසිරි මහත්තයව එයාගෙ පුතාල සහභාගීවන උත්සවයකට යන්න උනා...කලින් දවසෙත් සුද්දට හොද ආතල් වැඩක් දුන්න නිසා ජයසිරි මහත්තයා මේ උත්සවයට කිසිම බයක නැතුව ගියා.....

ඔන්න ටික වෙලාවක් යනකොට කලින් දවසේ ජයසිරි මහත්තයට හම්බුන ටොපිය හම්බුනා... ඒකියන්නේ සින්දුවක් කියන්න.... ජයසිරි මහත්තය ඉතින් හොද සින්හල භාෂා ගුරුවරයෙක් නිසා ජන කවියක් කියන්න පටන් ගත්තා... හැබැයි මේ පාර ජන කවිය කිව්වේ. සින්හලෙන්..කිව්වේ,
" ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්......
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
කැළනි ගගේ ඔරු යනවා බලා වරෙන්....
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්......"
කවිය කියල ඉවර උනාට එතන හිටපු සුද්දොන් ගේන් කිසිම ප්‍රතිචාරයක් නෑ... ජයසිරි මහත්තයට මේ ක මහ අවුලක්... පස්සේ තමයි මතක් උනේ මම ඉන්නේ සුද්දො ඉන්න තැනක කියල...

ඔන්න ඉතින් ජයසිරි මහත්තය කලින් කියපු කවිය මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා.......

"බ්‍රදර් බ්‍රදර් දැට් නා ෆ්ලවර් ප්ලග් ඇන්ඩ් කම්
බ්‍රාන්ච් බ්‍රේක් ලෙග් ස්ලෝ බයි කීප් ඇන්ඩ් කම්
කැළනි රිවර් බොට්ස් ගොඉන් සී ඇන්ඩ් කම්
සේයි සාධු ගෙට් ඉන්ටුද බෝට් ඇන්ඩ් කම්"

ඔක කිව්ව විතරයි සුද්දො ටික "වෙරි ගුඩ් වෙරි ගුඩ්" කියල කෑගහන්න පටන් ගත්තා.........

Tuesday, August 31, 2010

මේහෙම වැඩකරන අය දොස්තරලද..??? කොන්දොස්තරලද....??


   
  මේ සිද්දිය අද පත්තරෙ බලද්දි තමයි අහුවුනේ.මේක වෙලා තියෙන්නේ ගම්පහ මැදගම සුනන්දාරාම විහරයේ. එහේ ඊයේ දේශීය වෙද්‍ය සායනයක් තිබිල තියෙනව.එකට බොරැල්ලේ ආයුර්වේදේ ශික්ශන රෝහලේ විශේෂඥ වෛද්‍යවරියන් හතර දෙනෙකුත් ඇවිල්ල තියෙනව.
ඔන්න ඔතනදි තමයි මේක වෙලා තියෙන්න. සාමන්‍යයෙන් ඕනම කෙනෙක් පන්සලකට ඇතුළුවෙනකොට පාවහන් ගලවන සිරිතක් තියෙනවනේ. ඒත් මෙම වෛද්‍යවරියන් හතර දෙනා පාවහන් පිටින් ම පන්සලට ඇවිල්ලා තියෙනව. ඔය වෙලාවේදි නායක හිමියන් ඇවිත් කියල තියෙන්නේ ජනාධිපතිත් පන්සලට එනකොට පාවහන් ගලවල එන නිසා පන්සලට එනකොට පාවහන් ගලවල එන්න කියල.ඔය වෙලාවෙදි ඔය වෛද්‍යවරියන් හතර දෙනාට පොඩ්ඩක් යකා නැගල තියෙනවා. හමුදුරුවෝ කියපු ඒ දේට ප්‍රතිචාර දක්වල තියෙන්නේ ඔවුන් ආපු සායනයටත් සහභාගීවීම ප්‍රතික්ශේප කිරීමේනුයි. ඔවුන් ඒ සමගම තමන් පැමිණි වාහනයට වෙලා පැය 5ක් ඉදල තියෙනව. ඔය වෙලාවේදි එතනට ආපු දේශීය වෙද්‍ය නියෝජ්‍ය ඇමති ඇවිල්ල සායනයට සහභාගිවෙන්න කියල ඉල්ලීමක් කරල තියෙනව. ඒත් ඔවුන් එම සායනයට සහභාගි වීම ප්‍රතික්ශේප කරල තියෙනව. මෙම කට්ටියගේ මේ ක්‍රියාව නිසා අසරණ වැඩිහිටි වීශාල පිරිසක් ඉතා අපහසුතාවයකට පත්වෙලා තියෙනව...

අනේ ඇත්තටම මෙහෙම වැඩකරන (කොන්)දොස්තරලත් ල0කවේ ඉන්නවනේ......

Monday, August 30, 2010

CIMA කරන අයට මෙන්න පොඩි චාන්ස් එකක්.......



















මෙක මම කලින් දාපු එකක්...මෙක CIMA කරන අයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල මම හිතනව.ඒත් ලගකදි ඉදල මේකෙ ලින්ක් ටික වැඩකරන්නේ නෑ කියල කිව්ව නිසා ඔන්න අපහු දැම්ම... ඕන අය ඉන්න්වනම් ගිහින් Download කරගන්න.

Download කරන්න මෙතනින් යන්න.