
කාලෙකට පස්සේ blog එක පැත්තේ එන්න හිතුනා..මසයක් පුරාවට තිබුන exam කන්දරාව නිසා බ්ලොග් ලියවිල්ල තියා බ්ලොග් එක තියෙනවද නැද්ද කියලවත් හොයල බලන්න බැරි උනා.. Exam ඉවර වෙලා free වුන ගමන්ම මේ පැත්තේ රවුමක් දාන්න හිතුනේ හිතට දැනෙන නිදහස නිසා..
මෙකත් පාසල් මතකයන් හා සම්බන්ද වෙන ලිපියක්..හැබැයි මේ මතකයනම් මගේ මතකයක් නම් නෙව්යි.මොකද මේ සිද්දි දෙකම කිව්වේ මගේ සහොදරයා..අය්යා කියල කියමුකො..:ඵ්
මේ 2006 A.L රිච්මන්ඩ් විදුහලේ..
දවසක් සාපේක්ෂ ප්‍රවේගය පාඩම කරනවලු..කොයි කවුරුත් දන්න ප්‍රෙඩී සර් තමයි...
