Sunday, July 10, 2011

[RCG]අජාට ගහපු එරිකගේ RPGඑක


ඇත්ත නම නම් කියන්න නම් බෑවගේ... ආදරේට කට්ටියනම් කියන්නේ එරිකා කියල..මොනව උනත් ක්‍රිකට් පිස්සෙක්..( හැබැයි බිම දිගේ එන බෝලෙකටවත් ගහගන්න බෑ.. මේක ගැනත් කතාවක් තියෙනව ඉස්සරහදි කියන්නම් :p :p :p)

මේ කතාවත් උනේ 12 වසරෙ ඉන්න කොට..ඒ කියන්නේ අර පතාලේ තියෙන ලැබ් එකේ දි..මතක නේද තැන. එදා සිගිති දිනයට කලින් දවසේ.. හැම පාරම වගේ බොහෝ වෙලාවට 12 වසරෙ කට්ටියට තමයි සිගිති දිනේට හදන කූඩාරම් නිර්මාණය කරන්නේ.මේ කාලේ අපේ ඉස්කෝලෙ අලුතෙන් ****. කොල්ලෝ කියන්නේ අජබු කියල. කෙලින්ම දෙන්නේ හමුදා නීති. වැරැද්දකට අහුවුනොත් ඉතින් එක්කො බොක්කුවක් යට රින්ගවාවි,නැත්තම් කුණු අස්කරන්න දාවි.. නැත්තම් ඉතින් පොත් ටිකත් ඔලුව උඩ තියාගේන රිපන් එක ඉස්සරහ ඉන්න වේවි.(රිපන් එක කිව්වේ රිච්මන්ඩ් එක ඇතුලෙම වෙනමම තියෙන බාලිකා විද්‍යාලයක් ) ඔන්න ඔය වගේ මහ එපා කරපු දඩුවම් තමයි දෙන්නේ... රිච්මන්ඩ් ගිහිපු අයනම් හොදටම දන්නව නේ දෙන දඩුවම්....

කොහොම හරි කට්ටිය දැන් අපේ පුෂ්පා මිස් එක්ක එකතු වෙලා කූඩාරම නිර්මාණය කරන හැටි කතාවෙනවා... අපේ පංතිය තියෙන්නේ පාතාලෙක නේ...ඒකනිසා පාරේ යන කෙනෙකුට එකපාරටම පංතිය ඇතුලෙ මොනව වෙනවද කියල හිතාගන්න බෑ..දැන් කට්ටියම මිස්ගෙ වටේ ඉදගෙන මොකද්ද කරන්නේ කියලා කතා වෙනවා..ඔය අස්සේ අපේ කතානායකයා.. එරිකා ආව පංතියට..ඇවිත් පොඩ්ඩක් වටේ කැරකි කැරකි හිටියා.. මේ වෙලාවෙදි තමයි අජබු පංතිය ඉස්සරහින් ගියේ... කට්ටියට ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් විතර හොල්මන්..මොකද ඕනම කොල්ලෙක් අජබුව පොඩ්ඩක් දැක්කොත් ඉතින් බය වෙනවානේ... මේකාලේ ඉතින් රටේ යුද්දේ යන නිසා හැමෝටම යුද මානසිකත්වයක් තමයි තිබුනේ. කොහොම කොහොම හරි එරිකා අජාව දැක්ක විතරයි....
"ටිෂ්....ෂ්...ෂ්...ෂ්....දඩෝං............!!!!!!"

අපොයි.. මොකද ද ඒ..හරියට හෙණ ගහුව වගේ.. බලන කොට තමයි වැඩේ තේරුනේ..එරික පොඩි ර්‍ඵ්ඝ් පාරක් ගහල අජබුට.( ගැහුව කිව්වෙ කටින් හොදද..!! ) මොනව උනත් කරුමෙට අජාට ඕක ඇහුනා. දැන් අජා වටපිට බලනවා කොහෙන්ද ඒ සද්දෙ ආවේ කියලා.. ඒකත් කරුමෙ කියන්නේ අපේ පංතිය දිහා බලල අජා ආව පංතියට..මොනව උනත් ඒකත් වාර්තාවක්. මොකද අපි මේ පංතියට ආවට පස්සේ අජා ආපු පලවෙනි වතාව. දැන් පඩිපෙලත් බැහැගෙන ආවා කියමුකො පංතියට. එක පාරටම කළු ගලක් වගේ මතු උනා පංතිය ඉස්සරහින්.
ආපු ගමන්ම ඇහුවේ

"කවුද අර කෑගැහුව මනුස්සයා..."

මොකෙක්වත් නෑ කතාකරන්නේ. සාමාන්‍යයෙන් අජා ප්‍රශ්ණයක් ඇහුවට කවුරුත් උත්තර දෙන්න යන්නේ නෑ. මොකද උත්තර දෙන්නත් ඕන හමුදා නීතිය අනුව.. ඇග කෙලින් කරගෙන.. කෙලින් බලාගෙන.. හෙන නීති ගොඩයි... එකක් හරි වැරදුනොත් ඉතින් ඉල්ලගෙන කෑමක් තමයි. ඒක නිසා කට්ටිය කරන්නේ කට පියාගෙන ඉන්න එක තමයි.ඔය අස්සේ අපේ තාරකට හිනා ගියා අජා අහපු කතාවට. තාරක කියන්නේ අපේ පංතියේ හිටපු අහිංසකම කොල්ලේක්.ඉන්නවද නැද්ද කියල දන්නේ නෑ පංතියේ.. එක පාරටම හිනාගිහිපු නිසා අජා හිතුවේ තාරක තමයි සද්දෙ දැම්මේ කියලා... දැන් ඉතින් තාරකයල ලෙඩේ.. කෙලින්ම හමුදා නීතිය. හැබැයි ඒ වෙලාවෙම මරණ දණ්ඩනය උරුම වුනේ නෑ.

"තමුන් හෙට මිස් එක්ක මගේ ඔෆිස් එකට එන්න.."


පස්සේ අජා ගියා පංතියෙන්. දැන් ඉතින් හැමොටම ෆුල් අප්සට්... කාටත් කරදරයක් නැති තරකයට උන වැඩේට. කොමේ එරිකා.. එරික ඉන්නව පැත්තකට වෙලා... අපේ මිස්ටත් දැන් දුකයි.. මොකද නොකරපු වැරැද්දකට තාරකය අහුවුන එක ගැන. හැබැයි ඉතින් තාරකයව ඒ වැරැද්දට අහිකරපු මනුස්සය ගැනනම් ඒ වෙලාවෙ හැමොම සිහිකරා..!!! :p :p :p :p මොනව උනත් අන්තිමේදි මිස් එක්ක තාරකයට අජා ලගට යන්නම උනා.. මිස් කියල කියල මරණ දණ්ඩනයෙන් බෙරගෙන තිබුනා.. ඒත් බරපතල වැඩ සහිත සිරදඩුවමක් නම් හම්බෙල තිබුනා...!!



පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*

[RCG]කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......




අපි A/L කරන කාලේ ඉංග්‍රීසී කරන්න ආවෙ මිස් කෙනෙක්. මේ මිස්ට කොල්ලො ආදරේට කියන්නේ කා* කීයලා.. (ආදරේටද කියල කියන්නනම් මම දන්නෙ නෑ) මොකද මේ මිස් සෑහෙන්න කලුයි..කොහොම කොහොම හරි ඉංග්‍රීසි උගන්නන්න ආවේ මේ මිස් තමයි.. මිස් උගන්නනවනම් බොහෝම හොදයි. ඒත් කොල්ලොන්ට ඒ මිස්ස වැඩිය අල්ලනේ නෑ..මොකද නීති වැඩී සෑහෙන්න...මතක ඇතිනේ ඒකාලේ ඉංග්‍රීසි වලට තිබ්බ general english කියන පොත.. පාඩම කරන කොට ඔය මිස් ගේ නීතිය අනුව ඔය පොත හැම කෙනෙක්ගෙම ලග තියෙන්නත් ඕන.ඔන්න ඔය නීතිය තමයි අපේ ගොයියොන්ට අල්ලන්නෙම නැත්තේ. මොකද ඉතින් පොත් දෙකක් තුනක් කිහිල්ලෙ ගහගෙන කට්ටියට මහ පත ඩික්ශන්‍රිය වගේ පොතක් උස්සන් ඒවිද..?? :ප් :ප් ඕකට ඉතින් කොල්ලො කරන්නේ කොහෙන් හරි පොත් ටිකක් හොයාගෙන ඇවිත් පන්තිය මුල්ලේ ගොඩගහල තියෙනවා.. එත කොට ඉතින් මිස් එන්න කලින් ටික දෙනෙක්ගෙ අතේ හරි පොතක් දෙකක් තියෙනවනේ... අනිත් කට්ටියට ඉතින් බුදුසරණයිම තමයි.. ඒක නිසා මිස් පංතියට එන්න කලින්ම කොහෙට හරි ගිහින් කොහෙන් කොහෙන් හරි පොත් උස්සගෙන එනවා.නැත්තම් කට්ටියගෙ වැඩේ තමයි බොරු හදාගෙන පංතියෙන් පනින එක.. දෙන්නෙක් IT රූම් එකේ වලක් කපාගෙන බැහැගෙන ඉන්නවා(දෙන්නෙක් කිව්වට ඉන්නෙ නම් මින්ගෙයි, සුදයි තමයි ) තවත් සමහර අයට අසාද්‍යයි..බොවෙන රෝග...නැත්තම් වෙන ලෙඩ.. එයාව අරන් යන්න තව හතර පස් දෙනෙක් වත් සෙට් වෙනවා..නැත්තම් ඉතින් libraryට ගිහින් පාඩම් කරනවා (හොද පාඩම් කිරිල්ල..කට්ටිය ගිහින් එතන තියෙන පත්තර ටික නම් හොද හැටි පාඩම් කරනවා )

ඔන්න එක දවසක් ඉංග්‍රීසී පීරියඩ් එක පටන් ගත්තා.. ඒත් මිස් එන පාටක් නෑ.. දැන් ඉතින් කට්ටියට ෆුල් ජොලි..මොකද ඉතින් දැන් ආතල් එකේ කයියක් එහෙම දාගෙන ඉන්න පුලුවන්නේ.කොහොම කොහොම හරි ටික වෙලාවක් ඉන්නකොට මිස් කඩාගෙන පැන්න පංතියට... ආපු ගමන්ම පාඩම පටන් ගත්තා.... මොන දෙයියන් ට කියන්නද..?? අපිට කිව්වට එදා මිස් ලගත් පොතක් නෑ.. දැන් මිස් කාගෙ හරි ලග තියෙන එක පොතක් දෙන්න කියල ඉල්ලනවා.එකෙක්වත් නෑ මිස්ගේ මූණ දිහා බලන්නේ..සමහර අය පොත අල්ලන් ඉන්නේ නිකන් වටින කියන දෙයක් ආරක්ෂාකරනව වගේ.මොකද කියනවනම් ඒපොත් වල සමහර වෙලාවට පිටු නෑ... තනිකරම කටු වැඩ තියෙන්නේ ඒකෙ. සමහර වෙලාවට පංතියේ කරන පාඩම පොතේ තිබුනද කියලවත් හොයාගන්න බෑ..හැබැයි පාඩම කරන වෙලාවට නම් පාඩම තියෙනව වගේ බලාගෙන ඉන්නවා... කොහොම කොහොම හරි ටිකක් වෙලා යන කොට මිස්ට පොඩ්ඩක් විතර තද උනා. ඉතින් යන්තම් මිස්ට පොතක් යැව්වා කියමුකො ඉස්සරහට....

"හරි ළමයි පෙල්ල ගන්න මේ පාඩම.. "

කියල කිව්ව විතරයි මිස්සේ මුණ සෑහෙන්න වෙනස් උනා..ඒ එක්කම දීපු පොත උඩින් යනවා දැක්කා... එච්චරයි.. දැන් ඉතින් ෆුල් හොල්මන් කට්ටිඋයටම මොකද්ද ඒ උනේ කියල.. කොහොම කොහොම හරි ඒ මිස් පාඩම කරාකියමුකෝ.. පීරියඩ් එක ඉවර වුන ගමන්ම කට්ටිය සෙට් උනේ අර පොත ලගට.. ගිහින් පොත ඇරල පාඩමට තියෙන ආසාවට පිටුව පෙරලුවා කියමුකෝ..... * **** ******** ***** ** * තිබ්බෙ මොනවද කියලනම් අහන්න එපා.....!!! :D :D :D :D :D



 සිගිරි අප්සර්වෝ ප්‍රතිනිර්මාණය කිරීමක්.........!!!!!






පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....
*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*



Friday, July 8, 2011

Facebook Video Call.....!!!!


මේක සමහර විට හුගක් කට්ටිය දන්නව ඇති.. නොදන්න අයටයි කියන්නේ..දැන් Facebook එක මගින් Skype.Gtalk වගේ Video Call හදුන්වල දීල තියෙනවා.. කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක්.. මෙතනින් ගිහින් plugin එක Download කරගන්න....

ඊට පස්සේ කරන්න පොඩි සරල පියවරවල් ටිකක් තියෙනවා... ඒක අපි මේ plugin එක ගන්න කොටම කියා දෙනවා පියවරෙන් පියවරම....!!!!

Hybrid Accident.......


නවීන පන්නයේ වාහනයක් වන Hybrid ගැන ඉතින් කොයි කවුරුත් දන්නවා ඇති නේ.. මම මේ පිතූර ටික දැක්කේ මගේ යලුවෙක්ගේ (විනොද් ගේ :p :p ) Facebook Profile එකේ තියෙනවා..මම දැක්ක මුල්ම Hybrid Car එකක අනතුරක්... :( :( :( :( :( :(















Thursday, July 7, 2011

[RCG]කවුද අර ඇනේ තිබ්බේ....???




මේකත් පාසල් කාලයේ සිදු වුන සිදුවීමක් තමයි. Bio පාඩමේ අන්තිම හරියේ විතර තියෙනවා ක්ෂුද්‍ර ජීව විද්‍යාව කියල සිරා පාඩමක්. මේකෙ එක තැනක තියෙනවා නාගරික ජල පිරි පහදුවක සිදුවීම ගැන ඉගෙන ගන්න.කොහොම කොහොම හරි මේක ගැන පංතියේ ඉගෙන ගත්ත කියමුකෝ. ඒත් ඉතින් අපේ රන්ජනී මිස් අපිට තියෙන ආදරේටම අපිව ජලපිරි පහදුව කරන විදිහ පෙන්නන්න එක්කගෙන යන්න කතාකරගත්තා. මොකද ඉතින් ගාල්ලේ වක්වැල්ල ට ගිහින් ඕක බලන එක ඒ හැටි අමාරුවකුත් නෙවෙයි.. මහ දුරකුත් නෙවෙයි නිසා....!!!!

ඔන්න ඉතින් කට්ටියම සෙට් වෙලා දිනයකුත් දාගෙන ඉස්කෝලෙ බස් එකත් අරගෙනම ගියා ඔය අපි නොදන්න ජල පිරිපහදුව බලන්න.. :ඪ් :ඪ් :ඪ්:ඪ් හිතුවට වඩා ඉතින් මරයි වගේ.. අරෙහෙන් වතුර එනවා...මෙහෙන් වතුර එනවා.... නිකන් නිකන් පිස්සු වගේ.. මොනව උනත් ඉතින් මරු....

දැන් ඉතින් කට්ටියම ජල පිරිපහදුවේ සිදුවන මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර බලනවා.. එතන වැඩකරන නිලධාරියෙක් තමයි අපිට ඒ ක්‍රියාවලිය විස්තරකරල දුන්නේ.මොනව උනත් හරි හිතහොද මනුස්සයා... අපි උඩ බලාගෙන හිටියත් මිනිහ අපිට හොදට කියල දෙනවා...

ඔතන තිබුනා මරු වැඩක්.. මහා ලොකුවට ටැංකියක් වගේ එකක් .. ඕකෙ වටේ පිල්ලක් තියෙනවා.. මේ පීල්ල දිගේ ලොකු රෝදයකුත් එක්ක (හරියට කොච්චියේ රොදයක් වගේ )ලොකු පංකා දෙකක් කැර කෙනවා.. මේකෙන් තමයි ඒ ටැංකියේ තියෙන ජලය කලත්තන්නේ.. ඕක ඉතින් මුලු දවසේම අර ටැංකිය වටේම යනවා..බලන් ඉන්නත් ඉතින් මරු ඒකනම්... ඔන්න ඉතින් එතනින් යන්න හදන කොට ඔට්ටයි, අකුරයි අරකේ එල්ලිල වටේ යනවා...මොනව උනත් ඒකෙ එල්ලුනහම පොඩි නෙවියි ලොකු ජොලියක් තියෙනවා..!!!!
කොහොම කොහොම හරි ඒක බලලා ඉලග තැනට ගියා..ඔන්න ඉතින් දැන් එතන විස්තරය... මෙතන වෙන්න මේකයි.. අරකයි.. දැන් ඉතින් කට්ටියම බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යන කොට මොකක් හරි අවුලක් ගිහින් වගේ කියල වට පිට බලන කොට තේරුනා...මොකද වැඩකරන කට්ටිය එහාට දුවනාවා.. මේහාට දුවනවා...තෙරුන විදිහටනම් මොකක් හරි අවුලක් වගේ... තික වෙලාවක් යනකොට කවුඩ එක්කෙනක් ඔරවගෙන එනව අපේ පැත්තට. නිකන් ගහගන්න වගේ ආපු ගමන්ම

"කවුද අර ඇනේ තිබ්බේ....??? "

දැන් ඉතින් කට්ටියටම ෆුල් හොල්මන්... (ඒත් ඉතින් සමහර අයට විතරයි :D :D) අර අපු මනුස්සයත් ඉතින් දැන් කන්න වගේ බලාගෙන ඉන්නවා..කොහොම කොහොම් අහරි ටිකක් වෙල ඉන්න කොට අර මනුස්සය කතාකරා මිස්ට...

"මිස් එන්න ලමයින්ගෙ වැඩක් පෙන්නන්න...!! "

දැන් ඉතින් මිස්ටත් නිකන් මොකද්ද මොකද්ද වගේ.. ඇයි ඉතින් එකපාරටම මෙහෙම දෙයක් කියන කොට..... ඔන්න ඉතින් කට්ටියම එක්කගෙන ගියා අර කලින් මම කිව්වෙ කොච්චි රොදයක් වගේ එකක් තියෙන තැනක් ගැන. අන්න එතන්ට.. කර කැවි කැවි තිබ්බ ඒ අට්ටලේ නම් දැන් කැරකෙන්නෙ නෑ..හැබැයි ඒක ඇරෙන්න අනිත් ඔක්කොම ටික නම් කලින් තිබ්බ වගේමයි.. ඔන්න ඉතින් අර මනුස්සය අපිව එක්කගෙන ගියා රෝදෙ ලගටම... " මළා... මෙන්න ඒකේ මහ පරාල ඇනයක් හිරවෙලා....!!! " ඒක නිසා අර අට්ටලේ අර ටැංකිය වටේ යන්නේ නෑ...!! දැන් ඉතින් අර මනුස්සයා අපහු කියවන්න පටන් ගත්තා..

"කවුද මේක තිබ්බේ...."

එකෙක්ගෙන් වත් සද්දයක් නෑ...

"කවුද මේ ඇනේ මෙතන තිබ්බේ..???"


ඒත් සද්දයක් නෑ..

"බලනවා ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි නේද...??"


මිනිහ ඉතින් කියවනවා කියවනවා ඉවරයක් නෑ.. අපි නිකන් අපිට නෙවෙයි වගේ ඉනවා.. අර මනුස්සයට ඉතින් එපා උනා.. මොකද ඉතින් මුන්ට කෑ ගහල මොනව කරන්නද.?මොකද එ මනුස්සයා කෑ ගැහුවට අපේ එකෙක්වත් කටක් හොල්ලන්නෙ නෑ නේ...පස්සේ ඒ මනුස්සය ගියා.. ඉට පස්සෙ පටන් ගත්තෙ අපේ මිස්..

" *** *** * * * * ***** * * **** *** ***"


බැනුම් පෝලිමයි.දැන් ඉතින් කවුරුවත් වැරද්ද පිලි ගන්න අදහසකුත් නෑ... කොහොම කොහොම හරි ටික වෙලාවක් ඉන්න කොට මිස් කිව්ව කවුරු හරි ගිහින් සමාව ගන්න කියලා.. ඒත් එකෙක්වත් නෑ යන්නේ.. ඔය අස්සෙ වජ්ජි ගෙ කතාව තමයි මරු... (වජිර ගැනනම් ඉතින් මතක් වෙනකොතත් දුකයි.. මොකද අපිත් එක්ක හිටපු හොද යලුවෙක් හදිස්සියේම අපිව දාලා මේ ලෝකයෙන් වෙන්ව ගියා) අපේ පංතියේ කොල්ලෙක් හිටිය මිනිහට ටිකක් හොදට සින්දු කියන්න පුලුවන්..

"මිස් අපි සවින්දව යවල සිංදුවක් කියවල මොකක් හරි කරගම්මු"

ඕක කිව්ව විතරයි අන්තිමේදි මිස්ට ආපහු යකා නැග්ග..

"** * * *** *** * ***** ** * *****"


කොහොම කොහොම හරි අන්තිමේදි කට්ටිය අකටම ගිහින් සමාව ගන්න තීරණය කරා...හිතුවේ අපහු ලුණු ඇඹුල් ඇතිව අහගන්න පුලුවන් වෙවි කියලා...කොහොම කොහොම් අහරි කට්ටියම ගියා කියමුකෝ. ගියෙත් අර සවින්දය ඉස්සරහට දාලා.. මොකද බැන්නොත් ඉතින් සිංදුවක් කියල්ල... :ඪ් :ඪ් :ඪ් :ඪ්
ගිහිපු ගමන්ම පටන් ගත්තෙ

"පුතාලා ආවද...?? "

මොකද්ද ඒ වෙනස..??

"පුතාල එහෙම කරන එක හරි නෑ නේද..?? ඉස්කෝලෙටත් හොද නෑ නේද....?? "

මොකද්ද මේ ලොකු වෙනස...වැරදි එක්කනා ලගටද ඇවිත් තියෙනේ...නෑ නෑ හරි එක්කෙනා ලගට..හිතුවෙ හොද හැටි අහගන්න වෙයි කියලා ඒත් එහෙම නම් උනේ නෑ අපේ වාසනාවටද කොහෙද..?? කියපු විදිහටනම් ඇණේ බරපතලකම..මොකද ඒකේ මොටරයට මොකක් හරි උනානම් ඉතින් ගල්ලේම වතුර නෑ.... මොනව උනත් ඉතින් යන්තම් ඇග බේරගෙන අපහු ඉස්කෝලෙට අවා.. මගදිත් ඉතින් මිස්ගෙන් කට්ටිය හොදට අහගෙන ආවේ.. ඔය අස්සෙත් අපේ එකෙක් කියනව

" මිස් අපි ගාල්ලේ සමුද්‍ර කෞතුකාගාරයත් බලන්න යමුද??"

" *** ** ** * * ** ** * *** ***** *** **** *** ** * ***** ****"







පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


*
*
නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා 


*
*



Saturday, July 2, 2011

Rebirth of the Eagle::රාජාලියෙකුගේ නැවත ඉපදීම


*රජාලියා ඔවුන්ගේ වංශයෙන් වැඩිපුරම කාලයක් ජීවත් වන පක්ෂියායි....!!!







*රජාලියෙකුට අවුරුදු 70ක් පමණ ජීවත් වෙන්න පුළුවන්.නමුත් ඔහුට මෙම ජීවිත කාලය ලබාගන්න ලොකු තීරනයක් ගැනීමට සිදුවෙනවා...!!!






*කාලයක් ගතවන විට මොවුන්ගේ නිය වර්ධනය වී වක්‍රවී ගොදුරු අල්ලා ගැනීමට අපහසු තත්වයක් උදාවෙනවා....!!!






*ඔහුගේ තියුණු හොටය දික් වී වක්‍රවී ආහාර ගැනීමට පවා අපහසු වෙනවා....!!!






*කාලයක් ගතවෙත්ම මොවුන්ගේ පියාපත්වල පිහටු වර්ධනයවී,ගොරෝසු වී,පපු ප්‍රදේශයෙද පිහාටු වර්ධනය වී පියාසර කිරීමට අපහසු තත්වයක් ඇතිවෙනවා....!!!





*මෙහිදී රජාලියට තමාගේ ජීවිතය අවුරුදු 70ක් දක්වා දික්කර ගැනීමට තීර්ණයක් ගැනීමට සිදුවෙනවා. ගොදුරු අල්ලාගැනීමට නොහැකිව කුසගින්නෙන් මරණය හෝ දින 150ක පීඩාකාරී,කටුක ජීවන රටාවකින් තම ජීවිතය කාලා ඉදිරියට දිගු කරගන්නවා ද..???




*තම ජීවිතකාලය දිගුකර ගැනීමට අවශ්‍ය රාජාලියන් ඉහල කදුමුදුන් වල තමාගේ කූඩුව කරා යනවා...!!!




*ඔහු ඔහුගේ හොටය ගැලවීයන තුරුම ගලක් මත අතුල්ලනු ලැබෙනවා....!!!




*මේහෙදී තමන්ගේ හොටය ගැලවී ගිය පසු නැවත අළුත් හොටයක් වර්දණය වෙනතුරු දැඩි පීඩාකාරී, වේදනාකාරී ජීවිතයක් ගතකරනවා. මෙම කාලය තුල ඔහුට ආහාර ගැනීම හා ජලයා පනය කිරීමට නොහැකි වෙනවා.අළුත් හොටයක් වර්ධනය වීමත් සමගම ඔවුන් තමාගේ හොටයෙන් තමාගේ දික් වී වක්‍රවූ නිය ඇද ගලවා දමනවා....!!!!





*නැවත්ත් අළුතින් නිය වර්දනය වූ පසු ඔහු එම නිය මගින් තමාගේ පපු පෙදෙසේ ඇති පියාසර කිරීමට අපහසු පිහාටු ගලවා දමනවා. ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්....!!!





*මෙසේ මාස පහක පීඩාකාරී, වේදනාකාරී ජීවිතයෙන් පසුව ඔවුන් නැවත්ත නව ජීවිතයක් පටන් ගෙන වසර 30ක් දක්වා ජීවත් වෙනවා....!!!