Friday, April 23, 2010

8). දේශපාලනය හා මනුස්සකම.....


මේ කියන කතාව සත්‍යය සිද්ධියක්. මෙහෙම කිව්ව කියල පස්සේ හිතන්න එපා මෙච්චර කාලයක් දාපු පොස්ට්
ඔක්කොම බොරු කියල....

මේ කියන කතාව සිද්ධ වුනේ ගාල්ලේ එක්තරා ප්‍රසිද්ධ රොහලක, එක්තරා වාට්ටුවක. මේක දැන ගත්ත හැටි,මොන වාට්ටුවේ ද, මොන රොහලේ ද කියල නම් මගෙන් අහන්න එපා. මම ඔය කියන වාට්ටුව "X" කියල හදුන්වන්නන්කො. එතකොට මේක කියන්න පහසුයි.

මේ දවස් වල කාගෙත් ඉහ මොළ වලට වැදිල තිබුනේ ඡන්දෙ ගැන.ඔය X වාට්ටුවෙ ඉන්නව එක්තරා උසස් තනතුරක් දරන පුද්ගලයෙක්.ඒ මනුස්සයා හොද අලි කාරයෙක්(UNP). තම පක්ෂය ගැන ඉහලින්ම වර්ණනා කරන පුද්ගලයෙක්. සමහර දවස්වල මේ පුද්ගලය X වාට්ටුවේ අනිත් කාර්ය්‍යමණ්ඩලය සමග පවා කොකු ඇදගෙන තියෙනවා.
කොකු කියන්නේ රණ්ඩු වෙලා තියෙනව. දවසක් මේ වට්ටුවට රෝගියෙක් අවා. ඒ රෝගියට ටිකක් අමරු නිසා වට්ටුවේ නවතින්න කියල දොස්තර නියම කරල තියෙනව. දොස්තර ඒ වැඩේ පවරල තියෙන්නේ අපේ කතානයකයට. පස්සේ දවසේ දොස්තර ඇවිත් බලන කොට අර කියපු ලෙඩා බොහොම අමාරුවෙන් බිම නිදාගෙන ඉන්නව.. ඒ කියන්නේ අපේ කතානායකයා දොස්තර නියම කරපු රාජකාරිය කරල නෑ. අර මනුස්සයට නිදා ගන්නවත් ඇදක් දීල තිබුනේ නෑ. ඒ මොකද කියල හොයල බලනකොට අර ලෙඩා ගේ ගම මැදමුලන (ජනාධිපතිතුමාගේ ගම ). එක නිසා තමයි අර මනුස්සයට එහෙම සලකල තියෙන්නේ. මොකද අපේ කතානයකතුමා හොද අලියෙක් නේ(UNP). හැබැයි මේ බව රෝගියවත්, රෝගියා ලග හිටපු කට්ටියවත් දන්නේ නෑ.අන්තිමේ දි මේ වාට්ටුවෙ අනිත් කාර්ය්‍යමණ්ඩලය අර රෝගියාට නිදගන්න ඇදක් දෙන්න කාරුණික වෙලා තියෙනව.

මම මේක ලියන්න ලියන්න හිතුනේ දේශපලන පක්ෂ ගැන හිතල නෙවෙයි. දෙශපාලනය නිසා මිනිස්සුන් ගේ මනුස්සකම් වලට වෙන දේ ගැන දැකලයි. මෙක බලන කොට හිතෙනව අපේ කතනයකයට මනුස්සකමක් කියල දෙයක් ගෑවිලවත් තියෙනවද කියල...

Thursday, April 22, 2010

7). මොබයිල් පෝන් පාවිච්චි කරන අයට.....


මොබයිල් පෝන් පාවිච්චි කරන අයට මේක ප්‍රොයොජනවත් වේවි කියල හිතෙනවා. ඒක නිසා තමයි මට මෙක දාන්න හිතුනේ... මේ Codes වලින් මොබයිල් පෝන් එකේ සැගවුනු දේවල් හුගක් හොයා ගන්න පුලුවන්. මේ Codes වලින් සමහරක් ඒව නම් වැඩ කරන්නේ නෑ. ඒත් හුගක් ඒව වැඩ කරනව... පොඩි try එකක් දාල බලන්න..

Nokia

*#06# for checking the IMEI (International Mobile Equipment Identity).
*#7780# reset to factory settings.
*#67705646# This will clear the LCD display(operator logo).
*
#0000# To view software version.
*#2820# Bluetooth device address.
*#746025625# Sim clock allowed status.
*#62209526# - Display the MAC address of the WLAN adapter. This is available only in the newer devices that supports WLAN like N80 #pw+1234567890+1# Shows if _ sim have restrictions.

*#92702689# - takes you to a secre *

If you forgot wallet code for Nokia S60 phone, use this code reset:
*#7370925538# Note, your data in the wallet will be erased. Phone will ask you the lock code. Default lock code is: 12345 Press *#3925538# to delete the contents and code of wallet. *#7328748263373738# resets security code. Default security code is 12345 Unlock service provider: Insert sim, turn phone on and press vol up(arrow keys) for 3 seconds, should say pin code. Press C,then press * message should flash, press * *


Sony Ericsson

Sony Ericsson Secret Menu:-
> * <- <- * <- * (-> means press joystick, arrow keys or jogdial to the right and <- means left.) You'll see phone model, software info, IMEI, configuration info, sim lock status, REAL time clock, total call time and text labels. You can also test your phones services and hardware from this menu (main display, camera, LED/illumination, Flash LED, keyboard, earphone, speaker, microphone, radio and vibrator tests) IMEI Number: *#06# Lockstatus: < * * <


Samsung

Software version:
*#9999# IMEI number:
*#06# Serial number:
*#0001# Battery status- Memory capacity :
*#9998*246# Debug screen:
*#9998*324# - *#8999*324# LCD contrast:
*#9998*523# Vibration test:
*#9998*842# - *#8999*842# Alarm beeper - Ringtone test :
*#9998*289# - *#8999*289# Smiley:
*#9125# Software version:
*#0837# Display contrast:
*#0523# - *#8999*523# Battery info:
*#0228# or *#8999*228# Display storage capacity:
*#8999*636# Display SIM card information:
*#8999*778#

LG

LG all models test mode:
Type
2945#*# on the main screen.
2945*#01*# Secret menu for LG IMEI (ALL):
*#06# IMEI and SW (LG 510):
*#07# Software version (LG B1200):
*8375# Recount cheksum (LG B1200):
*6861# Factory test (B1200):
#PWR 668 Simlock menu (LG B1200):
1945#*5101# Simlock menu (LG 510W, 5200):
2945#*5101# Simlock menu (LG 7020, 7010):
2945#*70001# Simlock menu (LG 500, 600):
2947#* LG-U81XX SPECIAL CODES Code to read phone version :
Phone without SIM - Enter
27 *


මේකත් බලන්න.:- http://twilightwap.com/mobile/secrets.asp

6). කතරගම යන ගමනේ දි වුන වැඩක්.....


මට මේ සිදුවීම උනේ මෙපාරත් ගෙදර අයත් එක්ක කතරගම යන ගමනේ දි....
ගාල්ල කොළඹ පැත්තේ ඉදල එන හුගක් අය කතරගම යන ගමනේදි දෙවිනුවර පන්සල ලග නවතින්න අමතක කරන්න්නේ නෑ.. මම කියන්න හදන සිද්ධිය වුනෙත් ඔන්න ඔතනදි තමයි... බොහෝ වෙලාවට පන්සල් ලග මල් කාරයො ඉන්නවනේ. මල් කාරයෝ කිව්වේ මල් විකුණන අයට.. ඔන්න අපිත් ඉතින් දෙවිනුවර පන්සල ලග වහනේ නතර කරල වාහනෙන් බැස්ස කියමුකො. හරියට ජනාධිපතිතුම ආවහම මිනිස්සු පිරෙනව වගේ වාහනේ වටේට මල් කාරයො. මම නම් ඕක කලින්ම දන්න නිසා මම වාහනේන් බැස්සේ අන්තිමට. ඔන්න එකපාරටම කොහෙන්ද අපු මල් කරයෙක්(මල් විකුණන එක්කෙනෙක්) ඕලු මල් 5ක් දික් කරල රුපියල් 50යි ගන්න කියල කිවුවා.. අපි කතරගම යන කොට දෙවිනුවරටත් යන නිසා ගෙදරින් එන කොට මල් අරගෙනයි ආවේ. මම ඕක ඒ මල් විකුණන එක්කෙනාට කිව්වා. ඕක කිව්වා විතරයි මෙන්න ඒ මිනිහා මගේ ඇගට කඩගෙන පැන්න. "අපි මෙතන මල් විකුණන කොට මොකද ගෙදරින් ගේන්නෙ. අපි ජීවත් වෙන්නේ මේව විකුණල එන සල්ලි වලින්.....%%%^^#####$$$%%......" ඔය වගේ මහා හෑල්ලක් කියාගෙන ගියා....මට ඔය වෙලාවෙදි නිකන් පිස්සු වගේ මෙ මිනිහ මොනවද කියන්නෙ කියල. ටිකක් හිතන කොට මිනිහ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.. මම ඉතින් කලින් වගේම කිව්ව අපිට මල් එපා අපි ගෙදරින් ගෙනව කියල. ඒත් අර මිනිහ ඒක අහන්නෙම නැතුව මට මල් ටිකක් දීල කියනවා සල්ලි දෙන්න කියල... ඒත් අර මිනිහා ඒක කියපු විදිහ ඇහුවහම තමයි යකා නැග්ගේ.අන්තිමේ දි ඉතින් මට ඒමිනිහට මල් ගන්න හැටි කියල දෙන්න සිද්ධ වුනා. අන්තිමේදි ඒ මනුස්සයා මට දීපු මල් ට්කත් අරගෙන කාටදෝ බැන බැන යන්න ගියා,, අනේ ඉතින් මට මොකෝ..

ඒ මිනිස්සු පන්සලට එන අයට මල් විකුණල කීයක් හරි හොයගෙන තමයි ජීවත් වෙනේ. ඒත් එහෙම උනා කියල බලෙන් මිනිස්සුන්ට මල් විකුණන සිරිතක් නෑනෙ..

Wednesday, April 21, 2010

5). මේ විදිහට තියේවිද...???

අද email account එක බල බල ඉන්න කොට නියම පින්තුරයක් හම්බුනා... මේක දාල ලoකාවට අපහස කරන්න හිතුවෙ නෑ... ඒත් නිකමට හරි මේ ගහ ලoකවෙ තිබුනනම්...




මේ විදිහට තියේවිද...??? නැත්තම් මුලු ගහම කපල දාවිද....????
.

4). මෙන්න සිරා වෙබ් එකක්...



අළුත් අළුත් මෘදුකාoග(software), පරිගණක ක්‍රීඩා(computer Games) හොයන අයට මේ වෙබ් 1න් ඕන දේවල් බාගන්න පුළුවන්.... හරියට කියනවනම් Download කරගන්න පුලුවන්..

මෙන්න Web එක:http://www.egydown.com/

Tuesday, April 20, 2010

3). කන් බණුව


මගේ යාළුවෙක් මට එවපු Email එකක තිබුන Earphones (කන් බණුව) ගැන තියෙන පින්තුර ටිකක් දාන්න හිතුනා.. මෙන්න ඒව්

Monday, April 19, 2010

2). අවුලක්....!!!


web එක පටන් ගත්තයි කියමුකො... එත් තාම මෙකේ වැඩ කරන හැටි අල්ල ගන්න බැරි වුනා... කොහොම හරි වැඩේ අල්ල ගන්න ඕන....

1). අද තමයි මුලින්ම වෙබ් එක යන්තම් හදා ගත්තේ


NET වල බලන බලන තැන හැමෝම BLOG ලියන්න පටන්ගෙන... ඕව දැකල මටත් BLOGඑකක් ලියන්න හිතුන.... මේ තියෙන්නෙ ඒකෙ පොඩි උත්සාහයක්
අද තමයි මුලින්ම වෙබ් එක යන්තම් හදා ගත්තේ... එ වුනත් EXAM එක ලග ලග එන නිසා මම මෙක පොඩ්ඩකට නවත්තනව.... (නවත්තනව කිව්වේ පොඩ්ඩකට හොදේ..)