Wednesday, September 29, 2010

ශ්‍රී ලංකාවටත් න්‍ය්ෂ්ටික බලාගාර





මේ වන විට රටේ ජනගහණය වර්ධනය වීමත්,එමෙන්ම රටේ ආර්ථිකය සංවර්ධනය වේගවත් වීමත් නිසාරටේ විදුලි ඉල්ලුම ඉහල යමින් පවතිනවා. දැනට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8%පමණ ප්‍රමාණයක පවතින අතර විදුලි බල ඉල්ලුම පෙර කාලයට වඩා දෙගුණයකින් පමණ වැඩිවී තිබෙනවා...

නමුත් මෙම ඉල්ලුම 2020 පමණ වන විට 4 ගුණයකින් පමණ වැඩිවන බව නිගමනය කොට තිබෙනවා. දැනට බලාගාර ක්‍රියාත්මක කිරීම සදහා භාවිතයට ගන්නා ගල් අගුරු හා තෙල් වල මිල ද ඉදිරියේ ඉහලයාම නිසා මේවා තව දුරටත් ක්‍රියාත්මක කරගෙන යාමට අසීරුතාවයක් ගොඩ නැගෙමින් පවතිනවා.

දැනට ලංකාවේ ප්‍රධාන වශයෙන් ජල විදුලි බලාගාර හා සුළං විදුලි බලාගාර භාවිතයට ගත්තද අනාගතයේදී විදුලි බල ඉල්ලුමට සරිලන ලෙස සැපයුමලබා දීමට ගැටළුවක් ගොඩ නැගෙමින් පවතිනවා.
එසේම මේවායින් නිපදවන විදුලිය ගබඩා කිරීමට නොහැකිවීම නිසාද මෙසේ විකල්ප බල ශක්ති බලාගාර නිපදවීමට තීරණය කොට තිබේ.

මෙම ක්‍රියාවලිය සදහා යොදාගන්නේද පරමාණු බෝම්බයේ ක්‍රියාවලියයි. එනම් යුරේනියම් ප්‍රතික්‍රියාවයි.
ඇතැම් රටවල්වල මෙම න්‍යශ්ටික බලාගාර නිසා විවිධ අනතුරු වලට මුහුණ දුන් අතර ශ්‍රී ලංකාවේ මෙය නිර්මාණය කිරීමට පෙර ඒවායේ තාක්ෂණික අතින් ආරක්ෂා වීම් හා අනතුරු වලින් වැලකී සිටීම ගතයුතු ක්‍රියාමාර්ග සොයා බැලීමට නියමිතව ඇත.


මෙම බලාගාරය ඉදිකොට 2025-2030 වනවිට ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට නියමිතය.



Monday, September 27, 2010

ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...??? [ebay සහ ලංකාවේ තැපැල් සේවය]


අදත් ඔන්න ebay ගැන.. මට මේ දවස්වල ebay ම තමයි. මොකද මගේ Coby Mp4 Player එකට කෙලියනේ.. එක ඕනෙනම් මෙතනින් බලන්න. බොහෝ දෙනාට තියෙන ගැටළුවක් තමයි ebay එකෙන් එන අපේ සමහර බඩු Post Office එකෙන් නවත්තන්නෙ ඇයි කියලා. අද ඒක ගැන මම දන්න විස්තර ටිකක් කියන්න්නම්.

අද වෙනකොට අපේ කට්ටියට ebay එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.. ඉස්සර මම ebay වෙබ් එකටත් යන්න බයයි.. හදිස්සියේවත් මොකක් හරි ක්ලික් වෙලා මට සල්ලිගෙවන්න වෙයි කියලා.. මාරම බයක් තමයි..

හරි අපි මාතෘකාවට බහිමුකෝ.. හුගදෙනෙක් ebay වලින් බඩු ගැනීමේදී ඔවුන්ගේ බඩු ගෙදරටම එනවා.. නමුත් සමහර බඩු අපි තැපැල් කාර්යාලයට ගිහින් ගැනීමට සිදුවෙනවා. Phone වගේ එකක් ගෙන්න්වනවනම් බොහෝ දුරට තැපැල් කාර්යාලයෙන් නවත්තගන්නවා. මොකද රජයට ඒ වෙනුවෙන් අපි බදු ගෙවන්න සිදු වීම නිසා. ඇතැම් විට භාණ්ඩයේ විශාලකම නිසා ද මෙසේ තැපැල් කර්යාලයෙන් නැවැත්වීම සිදු වෙනවා... (අපේ කටිය Lap, Xbox ගේන කොට නම් මේ කට්ට සෑහෙන්න කෑවා..) ඔය වෙලාවට ඉතින් තැපැල් කාර්යාලයට ගිහින් බදු ගෙවීමෙන් අනතුරුව අපේ භාණ්ඩය නිදහස් කර ගැනීමට හැකියාව පවතිනවා..

ඇතැම් අවස්ථාවන් හිදී පාර්සලය ලංකාවට පැමිනීමේදී කැඩි තිබීමක් සිදුව තිබුනහොත් එවිටද අපගේ පාර්සලය ලබා ගැනීමට තැපැල් කන්තෝරුවට යෑමට සිදුවෙනවා. මේසේ පාර්සලය නැවැත්වීමේන් අනතුරුව ඒ පිලිබදව නිවසට ලිපියක් මගින් දැනුම් දීම සිදුවෙනවා....

එමෙන්ම ඇතැම් සැකකටයුතු අවස්ථාවන් හිදී ද මෙසේ නැවැත් වීම සිදුවෙනවා... කිසියම් හෝ ආකායකින් තැපැල් කාර්යාලයට යාමට සිදු උවහොත් රේගු නිළධාරීන් ඉදිරියේ අපේ පාර්සල කැඩීමක් සිදුවෙනවා..

බොහෝ විට Top-rated sellers මගින් භාන්ඩ ගැනීමේ දී ඔවුන් පාර්සලයේ ඇතුලත ඇති දෑ පිළිබදව සදහනක් කරනවා..නමුත් ඇතැම් sellers මගින් භාණ්ඩ ලබා ගැනීමේදී ඔවුන් පිටත Gift හෝ Toys යන්න සදහන් කර එවීම මගින් බොහෝ විට තැපැල් කාර්යාලයේ නැවතීම වළකිනවා. මේය අපි භාණ්ඩය ලබා ගැනීමේදී අදාල seller සමග කතා කොට කර ගනීමට සිදුවෙනවා...

මා මේ ලිපිය පල කරේ මගේ අද්දැකීම් වලට අනුවයි.. මේම ලිපිය සදහා ඔබ දන්නා තොරතුරුද ඇතුලත් කර දැණුම බෙදා ගැනීමට එක් වන්න......

Sunday, September 26, 2010

පරිසර හිතකාමී සන්ණිවේදන කුළුන....(ශ්‍රී ලංකාවේ)

මේ සන්ණිවේදන කුළුන තියෙන්නේ සිතුල්පව්ව රජමහා විහාරයේ..මම කතරගම යන ගමනේදී තමයි මගේ කැමරාවට හසුකර ගත්තේ... සිතුල්පව්ව රජමහා විහාරයේ කියන්නේ අලංකාර පරිසරයක් තුල පිහිටා තියෙන ප්‍රසිද්ධ පන්සලක්.. මේ පන්සල කරා දිනෙන් දින බොහෝ ජනයා ඇදී ඒම හේතුවෙන් ඔවුන්ට පහසුකම් නොඅඩුව සපයා දීමට උත්සාහ කර තිබෙනවා.. මේ අතර දුරකථන පහසුකම් ලබා දීමටත් කටයුතු කොට තියෙනව.. ඒ නිසා තමයි පන්සලේ කන්ද මුදුනේ දුරකථන කුළුනක් ඉදිකොට තිබෙන්නේ..

නමුත් ඉදිකිරීමේදී මුහුන දුන් ප්‍රධානම ගැටළුව තමයි ස්වාභාවික පරිසරයේ අලංකාරය ආරක්ෂා වන අයුරුන් නිර්මාණය කිරීම. මේ නිසා තමයි මෙය ඉදිකිරීමේදී පරිසරයේම පවතින දෙයක් ලෙස නිර්මාණය කිරීම. බැලූ බැල්මටනම් පෙනෙන්නේ මෙය ගහක් වගෙයි.. ලංකාව තුල ඇතැම් නිර්මාණ කිරීමේ දී පරිසරය විනාශ නොකර මේ ආකාරයෙන් ඉදිකිරීම් ගොඩනගනවා නම් කොතරම් අගේද....???

පින්තූර ලොකු කරල බලන්න ඕනේ නම් පින්තූරය උඩ click කරන්න





මීට කලින් ලිපියක විදුලි රැහැනක් ඇද තිබූ ආකාරය දැක්වෙන ලිපිය මෙතනින් බලන්න..

වැඩිම ආදායම වාර්තා බිද හෙලූ හොලිවුඩ් ච්ත්‍රපට...



1) The Amarican
තිරගත වන පළමු සතියේ ලැබූ ආදායම ඇ.ඩො 16,321,575
තිරගතවන ශාලා ගණන 2823

2) Machete
තිරගත වන පළමු සතියේ ලැබූ ආදායම ඇ.ඩො 11,416,164
තිරගතවන ශාලා ගණන 2670

3) Taker
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 37,327,557
සති අන්තයේ ආදායම 10876732

4) The Last Exorcism
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 32114360

5) Going the Distance
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 6884964


6) The Expendables
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 92187903

7) The other Guys
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 106754100

8) Eat Pray Love
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 68904792


9) Inceotion
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 277145503

10)Nanny Mcphee Returns
තිරගත වන 2 සතියේ ලැබූ ආදායම ඇ.ඩො 22399900

Thursday, September 23, 2010

ebay සහ ලංකාවේ තැපැල් සේවය


අද තමයි එපාම කරපු දවස... ඒත් සදුදා තමයි සිරාම දවස. මොකද මෙච්චර කාලයක් බල බලා හිටපු මගේ coby MP4 Player එක ebay එකෙන් ඇවිල්ල කියල තැපැල් කන්තෝරුවෙන් ලියුමක් ආවා.. ඉතින් අද මාර fun එකේ ගියා ගන්න... කොහේද මන්දා අස්සකට ගියාට පස්සේ මගේ Player එක තියෙන පාර්සලය ගෙනත් දුන්න.. අප්පට සිරි.. ඒක පොලිතින් බෑග් දෙකකම දාලා... ඒ මදිවට තව සීලුත් තියලා ....මාර ආරක්ෂාවක්නේ ලංකාවේ තැපැල් සේවය අපේ බඩු වලට දෙන්නේ...

ඔන්න ඉතින් පාර්සලේ මගේ ඉස්සරහ කැඩුවා.. අප්පට බොල.. මදේ නෑ.. මට පොලව පලාගෙන යන්න හිතුනා...:( :( :( ඒකේ තිබුනේ එක ආපු පැකින් එකයි පොතයි විතරයි... මල හත්තිලව්වයි.. අනිත් ආතල් එක තමයි එවන කොට තිබුන බරයි, ගල්ලට ආවම තිබුන බරයි අතර සෑහෙන්න වෙනසක් තිබීම... ඒකියන්නේ මොකෙක් හරි මේක උස්සල බොරුවට බරක් සදහන් කරල ගාල්ලට එවල....මේව කාට කියන්නද..????

හොද වෙලාවට එක ගත්තෙනම් Top Rate sellerකෙනෙක් ගෙන්.. මෑන්ට පොඩි ෂේප් එකක් දාගෙන මොනව හරි කරගන්න ඕන... මෙච්චර කාලයක් ඉල්ලපු හැම බඩුවක්ම කිසි අවුලක් නැතුව ගෙදරටම ලැබුණා.. ඒත් මේකට තමයි කෙල උනේ....


ඔන්න ඕක තමයි ලංකාවේ තැපැල් සේවයේ හොදකම.. අනිව සිරා බඩුවක් තිබුනොත් උස්සනවා.... මාරයි හොදේ ලංකාවේ තැපැල් සේවය... මේ බව ebay එකේ seller ල හුගක් දන්නව... ඇතැම් අය ලංකාව තුලදී පාර්සල් අතුරුදහන් වීම (චුත වීම ) නිසා ලංකාවට භාණ්ඩ එවීම ප්‍රතික්ශේප කරනවා.. මේකනම් ලංකාවට විශාල කළු පැල්ලමක්...

මේවා ගන්න අය මොන හේතුවක් නිසා අනුන්ගේ පාර්සල් ගන්නවද මන්දා.....???

බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.....මම ඒවා ගැනත් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ....

Tuesday, September 21, 2010

කදුළු සලන පාරාදීසය- වික්ටර් අයිවන් -01

අද මම පෙන්නන්න හදන්නේ ලංකාවේ ඉතා දුර්ලභ පින්තූර කිහිපයක්. මම මේ පින්තූර ටික ගත්තේ පොතකින්. මේ පොත මම ගත්තේ මේ පාර BMICH එකේ තිබුන පොත් ප්‍රදර්ශණයෙදී.

උපුටා ගැනීම: කදුළු සලන පාරාදීසය-වික්ටර් අයිවන්

මේ පොතේ ලංකාවේ ඉතිහාසය පිළිබදව ඉතා වටිනා දුර්ලභ පින්තූර රාශියක් අඩංගුයි.

ශ්‍රී ලංකාවේ අතීතයේ දේෂපාලනික සිදුවීම්... ආර්ථිකය පිළිබදව, දෙමළ මුස්ලිම් සිංහල ජනයා අතර පැවති ගැටුම්, කොටි ත්‍රස්ථවාදීන් ගේ ආරම්භය වගේ බොහෝ සිදුවීම් වල පින්තූර රාශියක් අඩංගුවෙනවා

මම අද මේකේ වැදගත් වන පින්තූර ටිකක් දාන්නම්.. තව තව වැදගත් පින්තූර ඉදිරි ලිපි වලදී දාන්නම්.
ඇත්තටම මේ පොත හුගක් වටිනවා.. පුළුවන්නම් හොයාගෙන බලන්න.....



ථුපාරාමය(1870)


ගල් විහාරය (1879-71)



නුවර වැව(1880)



කටුගස්තොට පාලම




ඔරු පාලම


හැමිල්ටන් ඇල 1890


කොළඹ කොටහේන ස්කිනර් පාර 1860




මහ තැපැල් කන්තෝරුව 1890


ගෝල්ෆේස් හෝටලය 1890


ගාලු මුවදොර පිටිය


කොළඹ කොටහේන ස්කිනර් පාර


කොළඹ වරාය දියුණු කිරීම1882


මිනිරන් පතලක් 1880


තේ නැව් ගත කිරීම1880


තේ කම්හලක්


ගාල්ල වරාය


1893 දී බණ්ඩාරවෙල දුම්_රිය මාර්ගයේ පාළමක් ඉදිකෙරෙමින් තිබූ ආකාරය


1893 දී නානුඔය දුම්_රිය මාර්ගය ඉදිකෙරෙමින් තිබූ ආකාරය


පිටකොටුව දුම්_රිය ස්ථානයෙන් ගමන් අරඹන පළමු දුම්_රිය


තැපැල් අශ්ව කෝච්චිය


ගාල්ල නගරය


නුග දෙබල යට පාර( ගාල්ල කොළඹ පාර කළුතර දී)


නිව් ඔරියන්ටල් හෝටලය



කොළඹ කෞතුකාගාරය 1890

Saturday, September 18, 2010

අපි කළු කරොත් වැරදිද........????????



දන්නවනේ ඉතින් ලංකාව ගැන...... හැමදාම මොකක් හරි අලුත් නීතියක් දොරට වඩම්මලා නේ දවස පටන් ගන්නේ.. මේකෙන් ඉතින් ගොඩක් වාසිවන්නේ පොලීසියේ කට්ටියට තමයි.(හැමෝම නෙවෙයි,සමහරක් අයට ) හොද කෙලින් පාරක වාහනේ ටිකක් හයියෙන් යන්න බෑ.. මීටරේ ගහල කියනව තොගේ වේගේ වැඩී හයිස්පීඩ් කියලා.... පාරේ තියෙන සුදු ඉරක් කපන්න බෑ.. හරියට ඒව උඩින් ගියාම ඉරි ගෙවෙනව වගේ.. ඉරි කපන එක ඉතින් වැරදි තමයි.. ඔය නීති නැත්තම් ඉතින් කොටි ඉන්න කාලේදි කිව්වා වගේ කොළඹ ගිහින් ගෙදර එනකම් ෂුවර් නෑ වගේ පාරට ගිහින් එනකම් ෂුවර් නෑ කියල කියන්න වෙනවා..ඉරක් තියෙන තැනක බස් එකක් නවත්තල තිබුනොත් ඉතින් බස් එක යනකම් අපි බස් එකේ පිටිපස්සට වෙලා ඉන්න ඕන.. මොකද ඉරි කපන්න බෑනේ.. :D :D

දැන් ලගකදි ඉදල ක්‍රියාත්මක වෙන අළුත් නීතිය තමයි වාහනයක ඇති වීදුරු කළු කරන්න බෑ කියන එක.. මේක දැනට සමහර පළාත් වල ක්‍රියාත්මක වෙන බව අසන්නට ලැබෙනවා.. සොරිම තමයි..මේ නීතිය අනුව වාහනයක නිෂ්පාදිත සමාගම විසින්ම වීදුරු කළු කර ඇති වාහන මෙම නීතියෙන් බේරෙනවා.. මේකට අහුවෙන්නේ අවුවේ යනකොට ඇතුල රත් වෙන එක ටිකක් හරි අඩුකරගන්න, AC එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන අයට තමයි. වෙන නීති වල වගේම මේ කළු නීතියටත් අහුවුන ගමන්ම ඉතින් දඩ කොලේ ලියවිල ඉවරයි.

කොටි ත්‍රස්ථවාදීන් උතුර රජ කරන කාලේදිනම් ආරක්ෂක හේතුන් මත මෙම නීතිය තිබ්බද කොහෙද..??( මටනම් එහෙම එකක් මටක නෑ..)

බොහෝ අය වාහනයක වීදුරුවක් අදුරු කරන්නේ,
*ඇතුලත රත් වීම වළක්වා ගැනීමට
*AC එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට
*අලංකාරය සදහා

මේ මොනව උනත් මේ නීතියත් වලංගු වෙන්න සාමාන්‍ය ජනතාවට තමයි.. මැති ඇමතිවරුන් වගේ පුද්ගලයන්ට මේ නීතිය නෑ... මොකද ඒ අය අවුවේ යනකොට කළු වෙනවනේ..

Thursday, September 16, 2010

Pen Drive

කුණු බක්කියක් වගේ තියෙන මගේ Email Account එක අවුස්සන කොට තමයි මේක හම්බුනේ.. අද කාලේ pen drive කියන්නේ නිකන් හුලං වගේ දෙයක්නේ. ඒකියන්නේ ඕනම තැනක තියෙනවනේ.
මේ තියෙන්නේ ඒවගේ pen drive ටිකක්















Facecook log වෙනකොට Phone එකට SMS එකක් යවමු....


මේකනම් දැනටමත් හුග දෙනෙක් දන්නව ඇති. මේකෙදි වෙන්න අපි අපේ Facebook Account එකට ලොග් වෙනකොට ඒ පිළිබදව ජංගම දුරකථනයට පණිවිඩයක් ‍යෑමයි. මේකෙදි තියෙන වාසිය තමයි වෙනත් පුද්ගලයෙක් තමන්ගේ Facebook Account එකට log උනාම ඒ පිළිබදව ඉක්මනටම දැනගන්න පුළුවන්. එතකොට Account එකේ අයිතිකාරයට ඉක්මනටම තමන්ගේ Account එකට log වෙලා Passwordඑක වෙනස්කර ගැනීමෙන් තමන්ගේ Facebook Account එක ආරක්ෂා කරගන්න පුළුවන්.

මෙන්න ඒක කරන විදිහ......
(පින්තූර පේන්නේ නැත්තම් පින්තූර උඩ කරන්න)

1). මුලින්ම Account යටතේ ඇති Account setting click කරන්න



2). එහි account security යටතේ ඇති change click කරන්න



3 ඉන පසු Login Notification ඔන් කර Notification methods වල SMS එකට හරියක් දමන්න. අනතුරුව Save click කරන්න




4)මෙමගින් පහත ආකාරයට Account එකට log වීම් පිලිබදව විස්තරයක් ලැබේ.




ඔන්න ඕකයි වැඩේ... කරලම බලන්න......!!!!

Wednesday, September 15, 2010

පිස්තෝලයක් සහිත ජංගම දුරකථනයක්

සාමාන්‍යයෙන් ජංගම දුරකථන තියෙන්නේ කථා කරන්නනනේ. ඒත් අද මම මේ කියන ජංගම දුරකථනයේ ඊට වඩා වෙනත් දෙයක් කරන්න පුලුවන්. ඒ තමයි වෙඩි තියන්න පුලුවන් වීම. මෙම දුරකථනය නිසා දුරකථන පිළිබදව ලොව පුරා විශාල වශයෙන් භීතිකාවක් ඇතිවෙලා තියෙනවා.

මෙම ජංගම දුරකථනයක් හැඩති පිස්තෝලය තුලට එකවර උණ්ඩ 4ක් ඇතුලත් කිරීමට පුළුවන්. 22 වර්ගයේ උණ්ඩ 4ක් ඇතුලත් කර වෙඩි තැබීම සදහා ජංගම දුරකථනයේ අංක පුවරුව යොදාගන්නවා. මෙය භාහිරින් බැලීමේදී කිසිම අයුරකින් පිස්තෝලයක් බව තේරුම් ගත නොහැකි අතර මේ තුල පිස්තෝලයක් ක්‍රියාත්මක වීම සදහා අවශ්‍ය සියලුම කොටස් ඉතා සුක්ෂම අයුරින් ඇතුලත් කර තියෙනවා


මේ හේතුව නිසා ගුවන් තොටුපලවල් වල ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇත.


ඡායාරූප












වීඩියෝව 01


වීඩියෝව 02