Friday, February 25, 2011

PC World Magazine March 2011 edition


PC World Magazine March 2011 edition තාම download කරගත්තේ නැත්තම් මෙන්න download කරගන්න.....!!!


Torrent











පෙර ලිපි


PC World 2011 February edition

PC World 2011 January edition

PC World 2010 December edition

Wednesday, February 23, 2011

Wedding Invitation.......

ගුල් ගෙයක් තියෙනවනම් ඉතින් කොයි කාටත් ආරාධනා කරන්න ආරාධනා පත් ගහනවනේ... මේතියෙන්න ඒවගේ ආරාධනා පතක්......



*
*
*

Monday, February 21, 2011

Facebook යන්න කියපු බ්‍රව්සරේ.........


කොයි කවුරුත් දන්න කියන දෙයක් නේ Facebook එක.... නොදන්න කෙනෙක් දැන් බෙහෙතකටවත් හොයාගන්නවත් බැරුව ගිහින්..සමහර අයටනම් Facebook නැතුවම බෑ.. කියන මාත් ඔහොම තමයි ඉතින්.. මෙක නැත්තම් ඉතින් කෑවෙ නෑවගේ තමයි.. ලගදි exam එකක් තිබ්බ නිසා හරි අමාරුවෙන් දවසක් Facebook එක පැත්ත පලාතෙ ආවෙ නෑ..අපොයි.. ඒ දවස ගෙවාගන්න තිබ්බ අමරුව.... :D :D :D

අද කියන්න හිතුනේ Facebook යන්න කියාපු Browser එකක් ගැන කියන්න.... මේක සමහර විට බොහෝ දෙනෙක් දන්නවත් ඇති... ඒත් නොදන්න අයට තමයි මේ කියන්නෙ.

මෙකෙ බ්‍රව්සරේ නම කියනවනම් RockMelt.. Download කරගන්න මෙතනින් යන්න... RockMelt. වෙබ් එකෙන් බැරිනම් පහල දීල තියෙනLink එකෙන් යන්න. (මේ Link එකනම් මම යාළුවෙකුගෙන් උස්සපු එකක්... එකට මොකද... කොහොම හරි වැඩේ කෙරෙන්නනේ ඕන. :D :D :D )
Download Link


Mobile Phone පාවිච්චිකරන අයට


සතියකින් විතර Blog එක පැත්තෙ රවුමක් ගහන්න බැරිඋනා.. මොකද ඉතින් මට තියෙනවනේ අම්බානකට කරන්න වැඩරාජකාරිනේ.... :p වැඩරාජකාරි කියන්නේ ඉතින් Exam ලියන එකතමයි... යන්තම් අද Exam එක ඉවරයි.. ලිව්ව එකනම් ගොඩ වගේ.. (එහෙම තමයි ඉතින් හිතන්නේ.. :D :D :D) මොනව කරන්නද ඉතින්.. exam වලට පොලු තියල කොහොමද Degree ගන්නේ....

දන්නවනේ ඉතින් විභාගයක් ලංවෙනකොට සමහර අයට මැන්ටල් වගේ හැදෙනවනේ.. බොරුකියන්න ඕන නෑනේ මටනම් හැදෙනව.... :D :D :D කොහොමත් ටිකක් තියන එකනේ... හරි හරි.. කතාවට බහිමුකෝ.. මොකද මේක ලියන්න පටන් ගත්තේ මැන්ටල් කේස් ගැන ලියන්න නෙවෙයිනේ.....

අද මම මේ කියන එක සමහර විට කලින් බොහෝ දෙනෙක් අහල ඇති.. කොටින්ම කියනවනම් මමත් මේක කලින් දන්නවා.. ඒත් මට මේක ලගකදි තමයි මතක් වුනේ... සමහර විට මේක කියවන ඔයත් මේක පිලිබදව කලින් දැනගෙන මේ ලිපිය කියවන නිසා මේක නැවත මතක්වෙන්න ඇති. එහේම වුනානම් තමයි හොද..... හරි, මම කියන්නම් මට මේක එකපාරටම මතක් උනේ මොකද කියලා.. කලින් මම කිව්වනේ මට exam ලංවෙනකොට මැන්ටල් ගහනව කියලා... ඔය මැන්ටල් ගැහිල්ල මේ පාරනම් දෙගුණ තෙගුණ වෙලා ගියා.. ඒමොකද කියනවනම් මාත් එක්ක මගේ ලගම හිටපු,මම හුගක්ම ආදරය කරපු කෙනෙක් එකපාරටම මැන්ටල් ගහපු එක... කවුද ඒ.....??? වෙන කවුරුවත් නෙවෙයි ඉතින් මගේ ජංගම දු.ක තමයි.. ඒ මැන්ටල් ගැහිල්ල නිසා ඒක ඇතුලේ තිබ්බ මගේ දේපල ඔක්කොම නැතිවෙලා ගියා.... :( :( :(



මොනව උනත් කොහොම කොහොම හරි තවත් ලොකු game එකක් දීල යන්තම් ගොඩ ගත්ත කියමුකෝ..... දැන් phone එක දිහා බලන්න බෑ අප්පිරීයාවේ බෑ..... කාගෙන් හරි call එකක් එනකොට අල්ලල විසික්කරන්න හිතෙනවා.. සද්දෙ නිකන් ටකරන් තලනව වගේ...... ඔන්න ඔය වෙලාවෙදි තමයි මට මේ වෙබ් එක මතක් උනේ.. මම කලින්ම කිව්වනේ මේක මම කලින් දැන ගෙන හිටිය කියලා.. මෙකේ තියෙනවා ඕනම Phone එකකට අවශ්‍යකරන Wallpapers, Ringtones, Applications, Games. etc...... මෙන්න web එක .. ගිහිල්ලම බලන්න

http://www.zedge.net/

Sunday, February 13, 2011

අර කන්ද මුදුනේ ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කාල ජීවත් වෙමු අනේ....!!!

මේක අද TV එකේ News වලදි තමයි අහන්න ලැබුනේ (ඔන්න මම TV එකෙ News බලනව හොදේ)

අපි දෙන්නා අන්න අර පේන කන්දෙ උඩ පොඩි ගෙයක් හදාගෙන ලුනුයි බතුයි කාල ජීවත් වෙමු.. ...!!!!
ඕක ඉතින් ඉස්සර ආදරවන්තයින්ගේ ලග රැදුනු වචන මාලවක්නේ.... හැබැයි දැන් මේක වෙනස් කරන්න තමයි වෙලා තියෙන්නේ.. ලුනුයි බතුයි කන එකනම් කරන්න වෙනවා.. මොකද ඉතින් මේ දවස්වල බඩු මිල වැඩියිනේ... හැබැයි කදු උඩ ගෙවල් හදන එකනම් දැන් කරන්න වෙන්නේ නෑ... දන්නවනේ මේ ලගකදි ලංකාවේ තැනින් තැන සිදුවුන විපත් ගැන.. කදු නාය ගිහින්... ගෙවල් යටවෙලා... මිනිස්සු මැරිලා.... මේවගේ සිද්දි බොහෝමයි...මතකනේ මහනුවර පැත්තෙ සිදුවුන සිදුවීම් පෙල... අන්න එක නිසා දැන් කදු මුදුන්වල අවදානම තත්වයන් පවතින තැන් වල නිවාස ඉදිකිරීම තහනම් කරල තියෙනවා... එකියන්නේ ඒ වගේ තැනක නිවාස ඉදිකිරීමට පවා අවසර ලබා දෙන්නේ නෑ... යම් පෙදෙසක පළාත් පාලන නිළධාරියා එවැනි නිවාසයක් සෑදීමට අවසර ලබා දී එම නිවසට කිසියම් හෝ හානියක් සිදුවූ විට එහි සම්පූර්ණ අලාභය ඔහුවිසින් ගෙවීමට නීති හදල තියෙනවා.. ඉතින් කොහොමද වැඩේ... දැන් ඉතින් තියෙන්නේ අන්න අර පේන තැනිතලාවෙ ලොකු ගෙයක් හදාගෙන ලුණුයි බතුයි කාල ජීවත් වෙමු....!!! කියල තමයි :D :D :D

හින්දි සිංදුවලට ආසකරන අයට....(part 2)


මතක ඇතිනේ මම කලිනුත් මේවගේ Instrumental තියෙන ලිපියක් දැම්මා.. මෙතනින් බලන්න.. ඒක බලල ප්‍රතිචාර දක්වපු සැමටම ස්තූතියි.. මම කිව්වනේ ඉදිරි ලිපියකිනුත් තවත් Instrumental ටිකක් දාන්නම් කියලා... ඔන්න ඒනිසා අද ඒ පොරොන්දුව ඉටු කරන්න හිතුනා (ඡන්ද පොරොන්දු වගේ නෙවෙයි)... කලින් ලිපියේ ප්‍රතිචාර වල තිබුන ඇතැම් ඉල්ලීම්නම් මට කරන්න බැරිවුනා... ඒකට ඉතින් sorry ම තමයි.... එහෙනම් මෙන්න අද පලකරන්න හිතුන Instrumental ටික....

මෙකට පුලුවන්නම් මේ ADD-ONS install කරගන්න එතකොට එකපාරටම youtube videos play වෙන එක නවතිනවා.. අපට අවශ්‍ය එක පමණක් Play කරගන්න පුලුවන්...මෙක නිසා NET slw වීමත් නවතිනවා, unlimited නැති අයටත් ඉතින් වාසී..

*Firefox
*Chrome



Mere Haath Mein-Instrumental





Tere Liye -Veer zaara instrumental





Jodha Akhbar- Jashn e bahara instrumental





Tu Hi Meri Dost Hai- Yuvaraj-instrumental





Chalte Chalte-instrumental





Hum Tum-instrumental




Humain tum se pyar kitna-instrumental





Give me sunshine- 3 idiots-instrumental





Ajab si -Om shanthi om- instrumental





Chura Liya Hai-instrumental





Tum Se Hi- Jab We Met-instrumental






Pehla Nasha-instrumental





Yeh Jo Des Tera-wades-instrumental

Saturday, February 12, 2011

අලුත්ම අලුත් පොට්ට හැරී..... :D :D :D (harry potter new ver)

කොයිකවුරුත් ආසයිනේ Harry Potter බලන්න..... බොරුකියන්න ඕනනෑනේ.. මටත් ඔය පිස්සුව ටිකික් (ටිකක් කිව්වට ***) විතර තියෙනවා .ලගදිද කොහෙද අලුත් Harry potter එකකුත් ආවා.... තාම බැලුවෙනැත්තම් මෙන්න...











Wednesday, February 9, 2011

හින්දි සිංදුවලට ආසකරන අයට......


කොයි කවුරුත් ආස දෙයක් නේ හින්දි සින්දු අහන එක.... කියන්න දෙයක් නෑනේ ඉතින් ඒ සින්දු වල කොලිටිය.... Youtube පැත්තේ රවුමක් ගහන කොට තමයි මේ සිංදුටික අහුවුනේ.... මේ ටිකේ තියෙන විශෙෂ්‍යත්වය තමයි මේ වීඩියෝ ටික Instrumental වීම.. ඒකියන්නේ සංගිතය පමණක් අඩංගු වෙල තමයි තියෙන්නේ.... හින්දි සින්දුව වලට ආස කරන අය එහෙනම් බලන්න.... (කියන්න දෙයක් නෑ ඉතින්.. කොයිකවුරුත් හින්දි සිංදු වලට ආසයිනේ.. :D :D :D) දැනට මේ ටික අහල බලන්න.... ඉදිරි post එකකදී තවත් මෙවැනිම ටිකක් බලාපොරොත්තුවන්න....!!!!



Kal Ho Na Ho - Instrumental




Tu Jaane na - Instrumental





Kabhi Alvida Naa Kehna - Instrumental






Instrumental - Rab ne bana di jodi (tujh me)








Kuch Kuch Hota Hai









Khuda Jane - instrumental







Annjana Annjani - Aas Pass - Instrumental







Zara Zara - Rehna Hai Tere Dil Mein


Sunday, February 6, 2011

උපන් ලප හෙළි කරන රහස්..........

මේ ලිපිය නම් ලැබුනේ email බක්කිය බල බල ඉන්න අතරේදී.. මහා සාගරක් වගේ වැඩක් නැති දේවල් වලින් පිරිල තියෙන මගේ email බක්කියේ කොනක තිබිල තමයි මේක හම්බුනේ.. (බලන කොට ටිකක් හරි වැදගත් ඒවත් ඒකෙ ඇතුලෙ තියෙනව වගේ..) කොයි කවුරුත් ආසයිනේ තමන්ට වාසනාව අවාසනාව ඉදිරියේදී තියෙනවද කියල බලා ගන්න.... ඒකට ඉතින් සාස්තර අහනව වගේ තමයි මේකත්.. වැඩි කතා ඕනේ නෑ.. පහල තියෙන පින්තූර බලන්න..

මේකෙ ඇතැම් ඒවනම් අඩුයි හොදේ.....

උපුටා ගැනීම :: (රීජස්‌ටි ඩයිජස්‌ටි සඟරාව ඇසුරෙන්) සමන් චන්ද්‍රරත්න











උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක්‌ අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.

උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්‍රකාශනය වන ක්‍රමයක්‌ ලෙසද මතයක්‌ පවතී. උපන් ලප හෙළිකරන රහස්‌ පිළිබඳ අද අපි ඔබට ඉදිරිපත් කරමු.

ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු.

උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04

මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත.

උපන් ලපය 07
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

උපන් ලපය 11
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.


මුහුණේ උපන් ලප හෙළි කරන රහස්‌




කැඩපතක්‌ ඉදිරියට ගොස්‌ ඔබේ මුහුණ දෙස හොඳින් බලන්න. ඔබේ මුහුණේ උපන් ලප පිහිටා තිබෙනවා ද? උත්තරය ඔව් නම් එම උපන් ලප පිහිටි ස්‌ථාන හොඳින් මතක තබා ගන්න. මේ සමඟ ඇති රූපයේ දක්‌වා ඇති ස්‌ථානවල ඔබගෙත් උපන් ලප පිහිටා තිබෙනවා ද? එසේ නම් එම අංක වලට අදාළව විස්‌තර කර ඇති රහස දැනගන්න. ඔබගේ මිතුරන් , ඥාතීන් ආදි අනෙක්‌ අය ගේ මුහුණෙන් හෙළිවන රහස්‌ දැන ගන්නට ඔබටත් පුළුවන්.

උපන් ලප අංක 01, 02, 03

දරුවෙකු ලෙස සිටියදී ඔබ විප්ලවීය ගති පැවතුම් තිබූ නිදහස්‌ සිතිවිලි වලින් හෙබි නිර්භීත අයෙකි. නිර්මාණශීලි හැකියාවන් සඳහා සහජ දක්‌ෂතා ඔබ සතුය. එම කුසලතා හා හැකියාවන් සාර්ථක කර ගැනීමට පුළුල් නිදහසක්‌ ඔබට තිබිය යුතුය. ඔබ දායකවන ඕනෑම කටයුත්තකදී පුරෝගාමියා වීමේ වාසනාව ඔබ සතුය. ප්‍රධානියෙක්‌ යටතේ සේවය කිරීමට එකඟ නොවන බව, ඔබගේ ස්‌වාමියා තමන්ම යන ආකල්පය මුදුන් පමුණුවා ගන්නෙකි. ඒ නිසාම ඔබට දිනක වාසනාව උදා වනු ඇත.

උපන් ලපය අංක 04

ආකර්ෂණීය පෞරුෂයක්‌ හිමි ඔබ ජනප්‍රිය චරිතයකි. නමුත් ජීවිතයේ වැදගත් අවස්‌ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත. තවද විකල්ප කිහිපයක්‌ ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය. ඕනෑම කාරණාවක්‌ සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත. සන්සුන් කමක්‌ නොමැති ඔබ ක්‌ෂණිකව කෝපයට පත්වන චරිතයකි.

උපන් ලපය අංක 05

ඇහි බැමට උඩින්a පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබට ධන වාසනාව උදාවෙනු ඇත. ඒ සඳහා ඔබ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුමය. මිහිරි - චාටු කතාවෙන් ඔබේ ධනය සූරා ගන්න මාන බලන අය අපමණ ය. කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකිරීමට වග බලා ගත යුතුය. ඔබගේ සහජ ඥාණය භාවිත කරමින් ඔබේ ආදායම ප්‍රවේශම් කර ගන්න. මුදල් පාලනය කිසිවෙකුට භාර දීම නොකළ යුතුය.

උපන් ලපය අංක 06

ඇහිබැම මත උඩින් උපන් ලපයක්‌ හිමි ඔබ උපතින් ම කලාකරුවෙකි. නිර්මාණශිලිත්වය හා හොඳ බුද්ධියක්‌ ඔබ සතුය. කලා හැකියාව ඔබට ධනය, කීර්තිය සහ සාර්ථකත්වය උදාකරදේ. නමුත් ධන වාසනාව ළඟා කර ගැනීම සඳහා ජීවිකාවක්‌ ලෙස කලාවේ

නිරත නොවී විප්ලවීය අදහසින් නව නිර්මාණ බිහි කළ යුතුය. එවැනි විප්ලවීය අදහස්‌ අනුව නිර්භීතව නිර්මාණ වල නිරත වන්නේ නම් ඔබට ධන වාසනාව උදාවනු ඇත.

උපන් ලපය අංක 07 - පවුල් ප්‍රශ්න

ඇහි බැමට පහළින් ඇති උපන් ලපයක්‌ හිමි ඔබ පවුල් ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙකි. එම ප්‍රශ්න නිසාම ඔබ කනස්‌සල්ලට පත්විය හැකිය. රැකියාව සඳහා ද මෙම ප්‍රශ්න බලපෑම් කරනු ඇත. ඒනිසාම වහා ම ඔබ කළ යුතු වන්නේ පවුලේ ඥාතීන් සමඟ තිබෙන ප්‍රශ්න සාමකාමීව විස¹ ගැනීම යි.

උපන් ලපය අංක 08 - ප්‍රවේශමෙන්

අධික වියදම්කාරි බව නිසා ම ඔබේ ආර්ථික මට්‌ටම අසතුටුදායක ය. සූදුව කෙරෙහි යොමුවීමට ඉතා කැමැත්තක්‌ දක්‌වයි. නමුත් සීමාව දැනගෙන ඕනෑම දෙයක්‌ කළ යුතුය. ඕනෑම තරාතිරමේ කෙනෙක්‌ වරදට පොළඹවා ගැනීමේ ශක්‌තියක්‌ ඔබ සතු නිසා නොයෙක්‌ කරදර වලට පැටලීමට සිදුවෙයි. මෙම කාරණා - සැලකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

උපන් ලපය අංක 09 නිමක්‌ නැති කරදර

ජීවිත කාලය පුරාවට ම සංකීර්ණ ප්‍රශ්න වැලකට මුහුණ දීමට ඔබට සිදුවෙනවා ඇත. මෙම උපන් ලපය මගින් සංකේතවත් වන්නේ නිමක්‌ නැති කරදර ඔබ පසුපස හඹා එන බවයි. කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න

උපන් ලපය අංක 10- දරුපල වලින් හිඟයක්‌ නැත.

ඔබට දරු පලවලින් හිZඟයක්‌ නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක්‌ පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය.

උපන් ලපය අංක 11 ශරීර සෞඛ්‍යයට අහිතකරයි.

විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක්‌ පෙන්නුම් කරයි. විශේෂයෙන් ම මෙම උපන් ලපය තද පාටට ලොකුවට පිහිටියේ නම් ඔබ තම ශරීර සෞඛ්‍යය ගැන නිතර අවධානයෙන් සිටීම ඔබගේ ශරීරය සෞඛ්‍යයට හිතකරවන්නට පුළුවනි.

උපන් ලපය අංක 12 - දීර්ඝායුෂ හිමිවේ

කට කොණවන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය ඉතාම සාර්ථක සහ සමබර ජීවිතයක සළකුණකි. ධනය සමඟ නිරායාසයෙන් ම ඔබට ප්‍රසිද්ධිය ද ලැබෙනු ඇත. දීර්ඝායුෂ හිමි ඔබට ප්‍රීතිමත් පවුල් ජීවිතයක්‌ ද හිමි ය. මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා තිබෙයි නම්, ඇය අතිශයෙන්ම වාසනාවන්ත ය. එමෙන් ම මන බඳනා අයෙක්‌ වන්නී ය.

සුපරි හොලිවුඩ් නිළි කෝට්‌ හඩ්සන්ගේ මව වන ගෝල්ඩී හොන්ගේ ද මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා තිබේ. අතීතයේ සුපිරි නිළියක්‌ වූ ඈ විවාහ පත්වූයේද සුපිරි නළු කර්ට්‌ රසල් සමඟ ය. ගෝල්ඩ් ගේ ජීවිතය හැම අතින් ම සාර්ථක ය. හැම අතින් ම පිරිපුන් ය.

උපන් ලපය අංක 13

ඔබගේම දරුවන් ඔබගේ ජීවිතයේ විශාලම කණස්‌සල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුමය. ඔබගේ දුරස්‌ථ බව ඔබට ඇතිවන ප්‍රශ්නවල මුලයි.

උපන් ලපය අංක 14

ආහාර විෂ වීම පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති විය හැක. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න.

පන් ලපය අංක 15

ඔබ තැනින් තැනට යන කෙනෙකි. නිතර ගෙවල් මාරු කරන්නෙකි. අලුත් දේවල්වලටත් අලුත්ස්‌ථාන වලටත් ඔබ ඉතා කැමතිය. ඉතා හොඳ ඇසක්‌ ඇති ඔබ නිරික්‌ෂණයේ සංචාරයේ හා ත්‍රාසජනක ක්‍රියාවන්ගේ යෙදීමේ හපනෙකි.

උපන් ලපය අංක 16

ආහාර පිළිබඳ සහ ලිංගික ජීවිතයේ ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අධික තරබාරුව නිසා ඔබ මානසිකව දුර්වල වීමටද ඉඩ තිබේ. ඔබ අනුරාගිය. සමහර විටෙක එක්‌ අයෙකුගෙන් සෑහීමට පත්වීමට අකමැතිය. නමුත් සදාචාරයට ගරු කරන ඔබ ඒ නිසාම එම හැඟීම් යටපත් කර ගන්නා අයෙකි. නමුත් ඒ පිළිබඳව පසු තැවෙමින් මානසික පීඩනයට ලක්‌වනු ඇත.

Saturday, February 5, 2011

දවසට කොතරම් වතුර බොන්න ඕනද..???



වතුර කියන්නේ ඉතින් අපේ ශරීරයට අවශ්‍යම දෙයක්නේ.. තමාගේ ශරීරයේ බර අනුව දවසකට කොතරම් වතුර බොන්න ඕනද...???? දැනගන්න අවශ්‍යනම් මේ file එක DOWNLOAD කරල බලන්න....

Thursday, February 3, 2011

අබුද්දස්ස කාලේ..... සෞදි අරාබියටත් මෙසේ උනයි රාලේ.....!!

කොයි කවුරුත් දන්නව ඇති නේ සෞදි අරාබිය කියන රට.... අපේ රටට නම් පැල් බැදගෙන වහිනව වගේ තමයි සෞදි අරාබියට පැල් බැදගෙන පායනව... ඒත් මේ අබුද්දස්ස කාලේ මේ සෞදි අරාබියට ගං වතුරක් හටගත්තා... කොහොමද.. ඒ රටේ මිනිස්සුන්ට හරියට අපිට සුනාමියක් ආව වගේ තියෙන්න ඇති.. මොකද කවද කාපු ටකරන්ද මේවා.........!!!!!!





















මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)

.
.
.


මොකද්ද මේ සිරා වැඩේ.. බලන්න මෙතනින් යන්න. click here

.
.
.

Wednesday, February 2, 2011

මොරටු සරසවියෙන් තවත් සිරා වැඩක්.......... (University of Moratuwa)


මට මේ ආරංචිය ලැබුනේ නම් අයියගේ මාර්ගයෙන්... ලාංකික ඉංජිනේරු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වගේම සංවර්ධනයේ නියමුවන් බිහිකරන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසාන වසරෙ ඉගන ගන්න අයිය කෙනෙක්ගෙ (අසංක උදාර දිසානායක ) සිරා වැඩක් ගැන....

සංකීර්ණ තාක්ෂණයන් එක්ක ඔට්ටු වෙන මනසට ලද විවේකයෙන් මතක් වෙලා තියන ගී පද ටික නම් හරිම ලස්සනයි.....මේකෙන් කියවෙන්නෙ මිතුරන් ගැන.......

හැමෝම හිතාගෙන ඉන්නෙ ඉංජිනේරු සිසුන් කියන්නෙ යාන්ත්‍රික පිරිසක් කියලනෙ....ඒත් ඉංජිනේරු අයියල ලඟ තියන කලා හැකියාවන් වලට සංගීත මාස්ටර්ලත් පරාදයි කියල මේකෙන් හොඳට පේනව........ :D :D

වාද භේද නැති වැටකොටු බැමි නැති ලොවක් හදමු අපි මිතුරනේ.....




සින්දුව download කරන්න මෙතනින් කොටන්න:: DOWNLOAD


'කවද හරි ඉංජිනේරුවෙක් වෙලා රටේ දියුනුවට වැඩ කරන ගමන්ම මේ වගේ ලස්සන ගීත අපිට අහන්න සලස්වන්න හැකියාව අයියට ලැබේවා කියල "පමල්ගේ සිතුවිලි" වලින් ආසිරි පතනව..... ඔයාලත් මේකට සුභ පතල යන්න අමතක කරන්න එපා.......!!!!!!'