Sunday, September 30, 2012

දැන් කොච්චියේන් කොළඹ යනකොට ජනේලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ....????

කාලෙකට පස්සේ blog එක පැත්තේ එන්න හිතුනා..මසයක් පුරාවට තිබුන exam කන්දරාව නිසා බ්ලොග් ලියවිල්ල තියා බ්ලොග් එක තියෙනවද නැද්ද කියලවත් හොයල බලන්න බැරි උනා.. Exam ඉවර වෙලා free වුන ගමන්ම මේ පැත්තේ රවුමක් දාන්න හිතුනේ හිතට දැනෙන නිදහස නිසා..


මෙකත් පාසල් මතකයන් හා සම්බන්ද වෙන ලිපියක්..හැබැයි මේ මතකයනම් මගේ මතකයක් නම් නෙව්යි.මොකද මේ සිද්දි දෙකම කිව්වේ මගේ සහොදරයා..අය්යා කියල කියමුකො..:ඵ්

මේ 2006 A.L රිච්මන්ඩ් විදුහලේ..


දවසක් සාපේක්ෂ ප්‍රවේගය පාඩම කරනවලු..කොයි කවුරුත් දන්න ප්‍රෙඩී සර් තමයි ලෙක්චර් එක දෙන්නේ..ප්‍රෙඩිය කියන්නේ පට බැදුනු නමක්..එ සර් ට වෙන නමක් තියෙන්නේ..ම්න් මේක ලියනකොටවත් මතක නෑ ඒ සර් ගෙ නම.මොකද මුලු ඉස්කෝලෙම කොල්ලෝ ටික ඒ සර් ව අදුරන්නේ ප්‍රේඩිය කියල තමයි.කොහොම හරි එදා පාඩම පටන් ගත්ත කියමුකො..දැන් සර්ට ඔන වුනලු පාඩම කරන කොට එකට හරියන උදාහරණයක් ගන්න.කොහොමත් මේ සර්ව කොල්ලො ජෝක් එකට ආරගෙන තමයි හැමදාම ඉන්නෙ..මොකද කියල දන්න අය දන්නවනෙ. :p



ඔන්න කිව්වලු උදාහරණය.. 

දැන් හිතාගන්න කොච්චියෙන් කොළඹ යනව කියල... එතකොට ජනෙලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ.... 

ඔකට උත්තරේ දෙන්නත් ප්‍රේඩී සර් ළමයෙකුත් නැගිට්ටෙව්වලු ඉතින්... සර්ව පොඩ්ඩක් ජොක් එකට අරන් ඉන්න නිසා අහපු ප්‍රශ්ණෙට සීරියස්ම උත්තර දෙන්න ඒ නැගිටපු මනුස්සයත් රෙඩි උනලු...

 මොකද්ද සර් අහපු ප්‍රශ්ණය......අපහු පොඩ්ඩක් කියනවද....!!!

දැන් කොච්චියේන් කොළඹ යනකොට ජනේලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ....????

කොළඹ යනකොට නේද..??කොච්චියේ....හ්ම් ම් ම්...අහ් සර්.... බස් ගාලු යනවා.....!!!

@@&****%$**#%*#$@*$@*..!

ඒ එක්කම පොඩ්ඩක් ලාවට වගේ කන පොඩ්ඩක් රත්වෙන හැටි දැක්කලු...එතනින් එහෙන්ම සාපේක්ෂ ප්‍රවේගය පාඩම ඉවර උනලු....!!!






පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....
පානමානය...මූ තමයි හයියෙන් ගැහුවේ.....