Sunday, November 18, 2012

test post

test post

Monday, October 8, 2012

Facebook ආයතනය



SQA Lecture එක අතරතුර...

මතකනේ SQA lec එක සිරාවට යනව කියලා..ඔන්න ඔය lec එක අතරෙදි සර් කියන සමහරක් එව එහෙන් මෙහෙන් අහුලල තමයි මේකත්  ලියන්නේ... කලින් ලිව්ව Toyota FUN Vii ලිපියත් මතක ඇතිනේ...ඒකත් ඉතින් SQA lec එක අතරතුරම සර්ගෙන් අහුලගත්ත දෙයක් තමයි.

Facebook කියන දේ ඉතින් නොදන්න කෙනෙක් නෑ නේ...සමහර අයට Facebook නැතුවම බැරි දෙයක්..හරියට Facebook නැත්තම් ඉතින් කෑවේ නෑ වගේ.. WWW. කියල ටයිප් කරල වේබ් එක ආවට Facebook ආයතනව පෙන්නේ නෑනේ..පහල තියෙන්නේ ආයතනයේ දසුන්...හිතන්න පුලුවන්ද කොහේ හරි ආයතනයක් කියලා...ලංකාවේ මේ වගේ තැනක් තියෙනවනම් පොඩ්ඩක් කියන්න..
















Google ආයතනය..මෙතනින් බලන්න

Google සමාගම


මතක ඇති නේ SQA lec එක..මේකත් එකෙන්ම තමයි..මතක නැත්තම් බලන්න..මේ තියෙන්නේ Google සමාගම
























Wednesday, October 3, 2012

වාහන නම් මෙන්න....Toyota FUN Vii


මේ කතාවනම් හොයා ගත්තෙ නම් නෑ..අද Lecture එක යනකොට අපේ සර් කියපු කතාවක්..මොනව උනත් විහිලුවෙන් හිනාවෙවි ඉන්න Lecturer කෙනෙක්.. 
 අලුත් සිරාම සිරා Newz  ටිකක් දුන්නා..එවත් දෙන්නම් ඉස්සරහට..

සිංහලෙන් කිව්වොත් ඉතින් වාහනයක්..වාහනයක් කිව්වොත් ඉතින් සිරාම සිරා වාහනයක්..අයිතිය Toyota සමාගම.

නමින් කියනවනම් Toyota FUN Vii . නවීණ තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කාරයක්...!!!!










මේකගත්තොත් නම් කියන්න පුළුවන්..එයාලට තියෙන්නේ කාර් එකක්..මට තියේන්නේ කා..ආ...ආ..ආ..ආ..ර් එකක්....!!


..
...
....

Sunday, September 30, 2012

දැන් කොච්චියේන් කොළඹ යනකොට ජනේලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ....????

කාලෙකට පස්සේ blog එක පැත්තේ එන්න හිතුනා..මසයක් පුරාවට තිබුන exam කන්දරාව නිසා බ්ලොග් ලියවිල්ල තියා බ්ලොග් එක තියෙනවද නැද්ද කියලවත් හොයල බලන්න බැරි උනා.. Exam ඉවර වෙලා free වුන ගමන්ම මේ පැත්තේ රවුමක් දාන්න හිතුනේ හිතට දැනෙන නිදහස නිසා..


මෙකත් පාසල් මතකයන් හා සම්බන්ද වෙන ලිපියක්..හැබැයි මේ මතකයනම් මගේ මතකයක් නම් නෙව්යි.මොකද මේ සිද්දි දෙකම කිව්වේ මගේ සහොදරයා..අය්යා කියල කියමුකො..:ඵ්

මේ 2006 A.L රිච්මන්ඩ් විදුහලේ..


දවසක් සාපේක්ෂ ප්‍රවේගය පාඩම කරනවලු..කොයි කවුරුත් දන්න ප්‍රෙඩී සර් තමයි ලෙක්චර් එක දෙන්නේ..ප්‍රෙඩිය කියන්නේ පට බැදුනු නමක්..එ සර් ට වෙන නමක් තියෙන්නේ..ම්න් මේක ලියනකොටවත් මතක නෑ ඒ සර් ගෙ නම.මොකද මුලු ඉස්කෝලෙම කොල්ලෝ ටික ඒ සර් ව අදුරන්නේ ප්‍රේඩිය කියල තමයි.කොහොම හරි එදා පාඩම පටන් ගත්ත කියමුකො..දැන් සර්ට ඔන වුනලු පාඩම කරන කොට එකට හරියන උදාහරණයක් ගන්න.කොහොමත් මේ සර්ව කොල්ලො ජෝක් එකට ආරගෙන තමයි හැමදාම ඉන්නෙ..මොකද කියල දන්න අය දන්නවනෙ. :p



ඔන්න කිව්වලු උදාහරණය.. 

දැන් හිතාගන්න කොච්චියෙන් කොළඹ යනව කියල... එතකොට ජනෙලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ.... 

ඔකට උත්තරේ දෙන්නත් ප්‍රේඩී සර් ළමයෙකුත් නැගිට්ටෙව්වලු ඉතින්... සර්ව පොඩ්ඩක් ජොක් එකට අරන් ඉන්න නිසා අහපු ප්‍රශ්ණෙට සීරියස්ම උත්තර දෙන්න ඒ නැගිටපු මනුස්සයත් රෙඩි උනලු...

 මොකද්ද සර් අහපු ප්‍රශ්ණය......අපහු පොඩ්ඩක් කියනවද....!!!

දැන් කොච්චියේන් කොළඹ යනකොට ජනේලෙන් එලිය බැලුවහම මොනවද පේන්නේ....????

කොළඹ යනකොට නේද..??කොච්චියේ....හ්ම් ම් ම්...අහ් සර්.... බස් ගාලු යනවා.....!!!

@@&****%$**#%*#$@*$@*..!

ඒ එක්කම පොඩ්ඩක් ලාවට වගේ කන පොඩ්ඩක් රත්වෙන හැටි දැක්කලු...එතනින් එහෙන්ම සාපේක්ෂ ප්‍රවේගය පාඩම ඉවර උනලු....!!!






පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!
කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....
පානමානය...මූ තමයි හයියෙන් ගැහුවේ.....






Friday, July 13, 2012

ඔබමයි මා හදවතේ...සතුටු සිනාවන මතුකරේ.......



මතකද.?? ළමා කාලයේදී ඇසුනු මේ ගීතය.......







මේ තියෙන්නේ එකේ පළමු සිංදුව..ඒ කියන්නේ Kandos Theam Song එක හදල තියෙන්නේ මේ සිංදුවේ තාලය උපයෝගී කරගෙන.... මේ සිංදුව ගායනා කරන්නේ ජනප්‍රිය ගායක කණ්ඩායමක් වන කාපෙන්ටර්ස් සංගීත කණ්ඩායමයි... මොනව උනත් දෙකම ලස්සන සිංදු දෙකක්....








Wednesday, July 11, 2012

බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුව......

දුම් පානය බොහෝ පිරිසක් ඇබ්බැහිවීමකට ලක්ව ඇති දෙයකි..බොහෝ පිරිමි පාර්ශවයන්ට මෙම ක්‍රියාවෙන් ඇත්වීමට පවා නොහැකි තත්වයකට පත්ව ඇති අතර දිනපතා දුම් පානය මගින් ශරීරය දිනෙන් දින මිය යාම හා පිළිකා ඇතිවීම නවතාලිය නොහැක.නමුත් දැන් බැටරි බලයෙන් ක්‍රියා කරවන නව උපකරණයක් හදුන්වා දී තිබේ. එනම් බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුවකි.

සිගරැට්ටුවක් ආකාරයටම දිස් වන මෙම උපකරණය ප්ලාස්ටික් ආවරනයකින් යුක්තවේ.එක් පසක කුඩා විදුලි බල්බයකි.ඩයෝඩයක් මගින් ක්‍රියාකරවන මෙම බල්බය  දුම් පානය කරන්න අනෙක් පසෙන් ඉරීම සිදු කරන විට රතු පැහැයට බල්බය දීප්තිමත් වීමට පටන් ගනී.අනෙක් පස නිකොටින් හුමාලය රදවා ඇති ස්ථානයකි.එයද බැටරි බලයෙන් පාලනය වේ.දුම් උරන්නාට මෙම හුමාලය සිගරැට්ටුවේම ඇති ෆිල්ටරය මගින් පෙරී දුම් බොන්නගේ මුඛය තුලට ඇතුල් වේ.

මෙම උපකරනය ඕනෑම ස්ථානයක දුම් බීම සදහා ප්‍රයෝජනයට ගත හැක.එනම් පොදු ස්ථානවලදි පව මෙය භාවිතාකිරීමේදී අනෙක් මිනිසුන් හට කිසිදු අපහසුතාවයකට ලක් නොවේ.









කුමන නව ආකාරයට පැමිනියත් දුන්බීම ශරීරයට අහිත කර ක්‍රියාවකි


පසුව ලියමි:: ඔබත් අදම දුම් පානය කරනන් කියල නම් කියන්නේ නෑ..කිව්වේ මෙහෙම දේකුත් තියෙනවා දැන ගන්න කියල...

Monday, July 9, 2012

රිච්මන්ඩ් රළ 2008 සංවිධානය කල වික්ටර් රත්නායකයන්ගේ ගාලු පුර අවසන් ස ප්‍රසංගය අතිසාර්ථකයි

රිච්මන්ඩ් රළ 2008 මගින් සංවිධානය කල ගාලු පුරවරේ අවසන් වරට පවාත්වන වික්ටර් රත්නායකයන්ගේ '' ප්‍රසංගය අතිසාර්ථක ලෙස ජූලි 7 වන දින  සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත් විය.


සවස 6.30 ආරම්භ කරන ලස මෙම ප්‍රසංගයට නැරඹීමට බොහෝ ජනකායක් පැමින සිටි ආකාරය දක්නට ලැබුනි.. ශාලාව තුල තිබූ සියලු ආසන පිරී ගියද මෙම ප්‍රසංගය නැරඹීමට බොහෝ පිරිස් උද්යෝගීමත් වූ අතර අවසානයේ ඇතැම් පිරිස් ආසන නොමැතිවද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ.
ඔවුන්ගේ ඉල්ලිමද ඉටු කල සංවිධායක මණ්ඩලය ඔවුනටද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමේ අවස්ථාව උදාකර දුන්හ..මේ සියල්ලන්ගෙන්ම පෙනි යන්නේ රළ 2008 සංවිධානය සංවිධානය කල මෙම ප්‍රසංගයේ සාර්ථක බාවයයි.


රිච්මන්ඩ් රළ 2008 සංවිධානය මගින් මෙම 'ස' ප්‍රසංගය සංවිධානය කිරීමේදී විවිධ බාදක කම්කටොලු රැසකට මුහුණ දීමට සිදු වුවද රිච්මන්ඩ් රළ 2008 සියලු සාමාජිකයන් එකාවන්ව අත්වැල් බැද සිදු කල මෙම දැවැන්ත කාර්යය සියලු දෙනාට ආදර්ශමත් ක්‍රියවක් විය.මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේදී ඇතැම් පිරිස් මෙම ප්‍රසංගය නැවැත් වීමට උත්සාහ කලද රිච්මන්ඩ් රළ 2008 සාමාජිකයින් එකාවන්ව, එකම සහෝදර කැළක් මෙන් අත්වැල් බැද සිදු කරන ලද දැවැන්ත ක්‍රියාව අවසානයේ සියල්ලන්ගේම දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක් විය


මෙම දැවැන්ත කාර්යයට විශාල පිරිසක් තම වටිනා කාලය කැප කල අතර ඔවුනට හිස නමා ආචාර කල යුතුය. කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය විශාල ජනගගක් ගැලුවේ මෙම සියලු පිරිසගේ සහයෝගය හා එකමුතුකම නිසාය.


මේම ප්‍රසංගය සිදුකර ගතව නොහැකිව පරාජය දැකීමට බලාසිටි පිරිසක්ද නැතුවාම නොවේ.නමුත් ඔවුන්ට තවමත් බලා සිටීමට සිදුව ඇත.මන්ද රිච්මන්ඩ් රළ 2008 විශාල ජයක්ග්‍රහණයක් දැනටමත් ලබා අවසන්ය.


අපි රිච්මන්ඩ් මාතාවගේ දරුවන්ය..එමෙන්ම රිච්මන්ඩ් රළ 2008...සියලු බාධක බිද දමමින් නොනැවති ඉදිරියටම.......!!!!!































'ස' ප්‍රසංගයේ සියලුම ඡායාරූප 




*
*
*


RICHMOND රළ 2008

web::   www.richmondrala.org

email:: info@richmondrala.org

*
*
*