Monday, November 7, 2011

පොඩී උදව්වක්..!! සහයෝගයක් දෙන්න..!!



කොහොමද යහලුවනේ..මෙකෙන් පොඩ්ඩක් එබුනේ පොඩි උදවක් ඉල්ලගේන..පුලුවන්නම් පොඩි සහයෝගයක් දෙන්න....

පමල්ගේ සිතුවිලි බ්ලොග් අඩවියේ නිල Facebook group එක සමග රැදී සිටි 917 ප්‍රමණයක් වන සාමජිකයන්ට බෙහෙවින් ස්තූතියි.. නමුත් එම එකට ලොකු අලයක් වී ඇති නිසා නවතම පමල්ගේ සිතුවිලි fan page එකක් නිර්මණය කරා. එකට පොඩි LIKE එකක් දාල සහයෝගයක් දෙන්න... ලොකු උදව්වක් නෙවෙයි ඉල්ලුවේ..පොඩිම පොඩි CLICK 1ක්....

නවතම fan page එකට මෙතනින් යන්න



පැරණි group එක සදහා මෙතනින් යන්න

~~~ඔබගේ සහයෝගය මා හට ශක්තියකි~~~

Sunday, November 6, 2011

[R.C.G] කා* මිස්ට මිස් කෝල් ගැහිල්ල.....


තක ඇති නේ අපි කාලේ ඉංග්‍රිසී කරපු හැටි..ඒත් අක්කම අර කා* මිස් ගැන එහේම දනන්ව ඇතිනේද..?? දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලන්න.අපේ පංතියේ තමයි ටාර්සන් [චතුරංගයා] හිටියේ..ටාර්සන් කිව්වේ වැල් වල එල්ලිල යන නිසා නෙවෙයි..නිකන් ආතල් එකට හදපු කාඩ් එකක්..

ඔන්න ඉතින් තවත් දවසක ලෝබ නැතුවම පීරියඩ් දෙකක්ම ඉංග්‍රීසි පාඩම තිබුනා. කා* මිස්ගේ අතේ තිබුන පොඩි ෆෝන් කටුවක්..මිස්ගෙ වැඩේම පාඩම යන කොට ඕක පොඩ්ඩක් මිරික මිරික බලන එක තමයි..දන්න තරමින්නම් කවදාවත් ඕක silence නම් කරන්නේ නෑ..මොකද අපි ඉස්සරහදිම ඔය ෆෝන් එක රින්ග් වෙලා තියෙන නිසා..ඔන්න ඉතින් දවසක් කට්ටියම සෙට් උනේ ඔය ෆෝන් එකට පොඩි වැඩක් දෙන්න..කට්ටිය කතාකරගත්තේ කොහොම හරි මිස්ගේ නම්බර් එක උස්සන්න..ඒත් කොහොමද..?? කාටවත් හිතාගන්න බෑ..කොහොම හරි ඒවැඩේ කාලයට බාර දීල කට්ටියම පැත්තකට වෙලා හිටියා.ඔන්න දවසක් මිස් පන්තියට අවා..අපු ගමන්ම ඉතින් පොත් තියෙන්නේ කාටද..?? නැද්ද කියල හොයල බලන එකනේ කරන්නේ.. මතකයිනේ... ඔන්න ඉතින් එකත් හොයලා සුපුරුදු පරිදිම ජාතියත් අමතල එහෙම පාඩම පටන් ගත්තා...මොනව උනත් වැඩිවෙලානම් යනන් හම්බුනේ නෑ මිස්ට පොඩි පණිවිඩයක් අවා office එකට අන්න කියලා..ඔන්න ඉතින් මිස් ගියා එකට.ඔතනදි තමයි අපේ ගොයියන්න අර වැඩේ මතක් උනේ..අර මිස්ගේ නුම්බර් එක උස්සන්න..එත් ඉතින් කතා කරගත්තට කවුද ඉතින් ඕක කරන්න යන්නේ එකපරටම...කොහොම කොහොම හරි අපේ අර ටාර්සන් ගොයියා ගේම් එකට බැස්සා..කොකටත් දොර ලග එක්කෙනෙක් මුරට දාල තිබුනේ..කියන්න බෑනේ හදිස්සියේවත් කඩාපනින හමුදාව වගේ එකපාරටම කඩගෙන ආවොත්..ටසන් ගොයියා මිස්ගේ බෑග් එකෙන් ෆෝන් එක අරගෙන පොඩි මිස්කෝල් පාරක් ටර්සන්ගෙම ෆෝන් එකට ගහල history එකත් Delete කරල ෆොන් එක තිබුන තැනම තියල මාරු උනා..ඔන්න මිස් අවා පන්තියට..දැන් කවුරුත් ඉන්නේ නිකන් මුකුත් නොව්නා ගානට. [මේ කාලේ ඉතින් පන්තීයේ හම ගොය්යෙක්ම ලග ඉතින් ෆෝන් තියෙනවනේ..මහා ලොකූ අකුරෙන් "පාසල තුලට ජංගම දුරකතන ගෙන ඒම තහනම්" කිව්වට ඉතින් සමහර වෙලාවට සර් කෙනෙකුගේ හරි මිස් කෙනෙකුගෙ හරි හදිස්සියකට කෝල් එකක් ගන්නේත් ඉතින් කාගෙ හරි කොල්ලෙකුගෙ ෆෝන් එකකින් තමයි. :p :p ] ඔන්න ඉතින් දැන් මිස්ගේ නම්බර් එක පන්තියේ හතර වටේම යන්වා.

ඔන්න ඊටපස්සේ තමයි වැඩේ පටන් ගත්තේ..මංගල එක..

ට්‍රීං...ට්‍රීං....

ඔන්න වදින පටන් ගත්තා..මිස් ඉතින් පඩමත් නවත්තල පොතත් පැත්තකින් තියල බෑග් එකට අත දාල ෆෝන් එක ගන්නකොටම කෝල් එක නැවතුනා.. අපහු ඉතින් බැග් එකට දාල පාඩම පටන් ගන්න කොටම මෙන්න වදිනවා..

ට්‍රීං...ට්‍රීං....
අපහු පඩම නවත්තල ෆෝන් එක ගන්නකොටම කෝල් එක නවතිනව..දැන් මිස්ගෙ මුනෙන්ම පෙනව මිස්ට යකා තදවෙල කීයල..හැබැයි සුනාමි අවත් ඕක කරන්නේ නම් නෑ කියල අපිනම් හොදට දන්නව.. කොහොම කොහොම හරි පාඩමනම් කරන්න උනේ නෑ හතර වටින්ම එක එක නම්බර් වලින් මිස් කෝල්. එක්කෙනෙක් ඉවර වෙන කොට තම කෙනෙක්..එයා ඉවර වෙනකොට තවකෙනෙක්... කොහොම හරි දැන් මිස්ටනම් හොදටම මල. ඔන්න ඉතින් පිරියඩ් එක ඉවර උන කියමුකෝ..එත් කට්ටියගේ miss කෝල් ගැහිල්ලනම් නවතින පාටක් පෙන්නේ නෑ..සමහර උන් ඒ අස්සෙ SMS යවනව...(අර තියෙන්නේ creative SMS කියල ජාතියක්.අන්න ඒවා ) සමහර උන් කඩ්ඩෙන් SMS කොටනව...එව කියවගන්න ඉතින් මිස්ට සින්හල පංතියකට යන්න වෙනව... ඔය අතරේ කට්ටිය ලග තිබුන එක SMS එකක්.එක පහලට කියවගෙන යන්කොට නිකන්ම ෆෝන් එක restart වෙනවා..ඔකත් යැව්වා මදිපඩුවට.. :ඵ් :ඵ් පිස්සු ආතල්...

ඔන්න ඊට පස්සේ දවසේත් මිස් ආව පංතියට.. ආපු විඩිහනම් එච්චර ඇල්ලුවේ නෑ..පොඩ්ඩක් ඔරවගේන වගේ පංතියට ඇවිත් පුටුවෙ වඩිවෙලා කට්ටිය ගේ මුණවල් දිහා කන්නවගේ මරුවෙන් මාරුවට බලාගෙන ඉනවා..අපිටනම් තේරුනා මිස්ගේ අවුල මොකද කියල..කොහොම හරි විනාඩි 5ක් විටර බලාගෙන ඉදල තමයි කතාව පටන් ගත්තේ..
" මගේ මේ ෆෝන් එකට කෝල්ස්..මිස් කෝල්ස්. මැසේජස් එනවා ගොඩක්..කවුරුද දන්නේ නෑ... "

ඔකත් කිව්වේ හැබැයි ටිකක් කඩුව දාලා.. හොරාගේ අම්මගේන් පේන අහනව වගේ වැඩක්...අපි කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ..කිව්වේ

" දන්නේ නෑ මිස්...!!"

කොහොම කොහොම හරි එදත් පඩම හරියට කෙරුනෙ නෑ...මොකද ඉතින් වක්කඩ කැඩුව වගේ අරක රිං වෙනවනේ ට්‍රීං...ට්‍රීං ගලා.... එදා දවසත් ඉවර උනා..දැන් හැබැයි මිස්ට පොඩ්ඩක් සැකයි..මොකද වැඩිපුරම එන්නේ අපේ පංතියේ පාඩම කරන ආවමනේ... ඉට පස්සේ මිස් අවේ පන්තියට එන නම්බර් ඔක්කොම කොලේක ලියගේන..නම්බර් 20ක් විතර...හරියට communication එකක් වගේ... :D :D :D අවුලක් නෑ..ඔතන තියේන බාගෙට බාගයක් තියෙන්නේ හොර නම්බර්..අපේ වජිරයා ලග තියෙනව හොර සිම් මල්ලක්ම.කාට හරි ආතල් එකක් හරි වගේ දෙන්න ඔනනම් කෙලින්ම වජිරය ඇමතුවහම වැඩේ හරි. [ වජිර ගැන මතක් කරොත් අප අතර සිටි හොදම යහලුවෙක්..2008 ඹෛO පංතිය සමග වජිරගේ මතකයන් සෑහෙන ප්‍රමණයක් තියෙනවා..නමුත් ඔහු අද අප අතර නෑ..මෙලොවින් සමු අරන්... ]

මිස් නම්බර් ටික කියවනවා..මරු සෑහෙන්න තියෙන්නේ වජිරයගේ නම්බර්...කොහේ හොයන්නද..??හැබැයි මිස්ටනම් ටිකක් තද වෙලා හිටියේ..කියව කියව ඉන්නකොතත් මිස් කෝල් එනවනේ...!!වැඩේ දුර දිග ගිය වැඩී වගේ..

"මම මේ නම්බර් ඔක්කොම ටික පොලීසියට ගිහින් දෙනවා...මෙහෙම මෙහෙම වැඩක් මට වෙනව කියලා....""

අනේ ඉතින් අපිට මොකෝ....කොහේ අල්ලනද unregistered නම්බර් වලින්...කොහොම කොහොම හරි කට්ටිය එකතු වෙල වැඩේ පොඩ්ඩක් අඩුකරා..කියන්න බෑනේ..අපි ඉතින් පොලීසියට බය වෙන්න ඕනනේ.. :) :) හැබැයි මිස්ටනම් කලින්ම තේරිලා තියෙන්නේ අපේ ගොයියොන්ගේ වැඩක් කියලා... පස්සෙ දවස් වල ඇවිත් හිනාවෙවී කියනවා දැන්නම් කෝල් එන එක අඩුයි.. කොහොමද නම්බර් එක හොයාගත්තේ...කටවත් දීල නෑ... :) :)

හැබැයි ඉතින් අද වෙනකනුත් කා* මිස් නම් දන්නේ නෑ අපේ අර ටාර්සන් ගොයියා බෑග් එකට පැනල නම්බර් එක උස්සපු හැටි......!!!!!



පාසල් ජීවිතයේ තවත් සොදුරු මතකයන්......
අජාට ගහපු එරිකගේ RPGඑක
කා* මිස් ගේ ඉංග්‍රීසි පොත......
කවුද අර ඇනේ තිබ්බේ....???
"සර් මොකෙක් හරි ලොකු සතෙක් ද කොහෙද රින්ගලා.....
මම කොළඹ හතේ උගන්නල ආපු මිනිහෙක්....!!!



නව Facebook fan page එකට LIKE එකක් දාල යන්න අමතක කරන්න එපා


*
*
*