Monday, May 31, 2010

මුණු පොත Hack කරන්නේ කොහොමද ............????


මගෙන් ගොඩක් අය අහනව මුණු පොත Hack කරන්නේ කොහොමද කියල.... ඒත් ඉතින් මට කියන්න තියෙන්නේ "මම දන්නේ නෑ කියල තමයි... !!" දන්නව නම් මටත් කියල දෙන්න..... ඒක නිසා ඔය Q එක ගැන තවත් අහන්න එපා...



Friday, May 28, 2010

වෙසක් හා ආසියාවේ ආශ්චර්යය


හුගක් අය කියන්නේ වෙසක් දවසේ වෙසක් බලන්න යන්න ඕනෙනම් ඉතින් යන්න ඕන හොදම තැන කොළඹ වෙසක් බලන්න කියල....
ඒක නිසා තමයි මම ගාල්ලේ වෙසක් පැත්තක තියල ගෙදර කට්ටියත් එක්ක කොළඹ වෙසක් බලන්න ගියේ... ගලු පාර දිගේ බම්බලපිටිය, කොල්ලුපිටිය හරහා දිගට ගියාට කියන තරම් වෙසක් සැරසිලි කොළඹ දකින තිබුනේ නෑ. බලන්නම තිබුනේ චීන්නුන්ගෙ ලයිට් විතරයි.. ඊට පස්සේ ගියා ගන්ගාරාමේ වෙසක් බලන්න.. එතනනම් වෙසක් සැරසිලි හුගක් තිබුනා
ඊට පස්සේ ගියා Galleface පැත්තේ... ගියාට මොකද ඇගිල්ලක් ගහන්න වත් ඉඩක් නෑ.. එක cancle කරල ගියා පිටකොටුව පැත්තේ තියෙනව කිව්ව තොරණ බලන්න.. හොයාගෙන හොයාගෙන යනකොට ආරචි වුනේ bus stand එක ඇතුලේ තොරණක් තියෙනව කියල..එකේ ඇතුලට යන්න ඕන නිසා bus stand එක ඉස්සරහම තියෙන බැස්ටියන් මාවත දිගේ හෙමින් හෙමින් වාහනේ ඉස්සරහට ගියා... මමත් ඉතින් වට පිට බල බලා ගියේ මේ තොරණ කොහේද තියෙන්නෙ කියල.... කොච්චර බැලුවත් තොරණක් තියා තොරණක ලයිට් එකක් වත් පේන්න නෑ..ඔන්න එතකොටම මහා සද්දයක් එක්කම වාහනේ මොකද්ද එකක වැටුන...තොරණ බැලිල්ල පැත්තක තියල ඉක්මනටම වාහනෙන් එලියට බැහැගත්ත මොකද්ද උනේ කියල බලන්න.. අප්පට සිරි වෙන්න ඕන ...එතකොට තමයි දැක්කේ වාහනේ ආසියාවේ ආශ්චර්යමත්ම මහා වළක වැටිල.. අනේ ඉතින් මොනව කරන්නද පාරේ හිටපු කට්ටියක් කතාගෙ ඉතින් පොඩි තල්ලුවක් (පොඩි කියන්නේ ඉතින් පොඩිමත් නෙවෙයි.. මහ තල්ලුවක් ) දාල වහනේ ගොඩ දාගත්ත.... ගොඩ දාගත්තු ගමන් තමයි දැක්කේ එකේ ඇතුලේ ලයිට් දාල නැති තොරණ... මට තොරණේ ලයිට් දාල තිබුනේ නැති වුනා තොරණේ තරු පත්තුවෙනව වගේ දැක්ක..

පස්සේ තමයි හිතුනේ ලoකාව ආසියාවේ ආශ්චර්යමත්ම රට වෙන්න මහා වලවල් කපාගෙන කරන උත්සාහයන්....



Facebook Vedio chat


Facebook Vedio chat තියෙනව කියල ලින්ක් එකක් මට අද යාලුවෙක් එව්වා... හැබයි එක හරියට වැඩ කරනවද කියල නම් මට බලන්න බැරි උනා..... ඕනනම් උත්සාහ කරල බලන්න....

මෙතනින් කොටන්න
>
>


Tuesday, May 25, 2010

නොමිලේ මුණු පොතේ සැරිසරමු..........














මේක හරියන්නෙ හැබැයි මොබිටෙල් පාවිච්චි කරන අයට විතරයි....
වෙනදා phon එකෙන් මුණු පොතට යන්න තියෙන m.facebook.com ලින්ක් එක වෙනුවට 0.facebook.com කියන ලින්ක් එක type කරන්න විතරයි තියෙන්නේ...
හැබැයි වෙනදා වගේ මුණු පොතේ තියෙන පින්තුර මුකුත් පෙන්න්නන්නේ නෑ.. ඒකට එකේ තිය්න photo කියන ලින්ක් එක කොටන්න වෙනවා.... ඒත් ඒක කොටල පින්තූර බලනවට නම් සල්ලි අයකරගන්නව..............
උත්සාහකරල බලන්න.....!!!!!!!!!!




Monday, May 24, 2010

වෙබ් පිටුවක් සම්පුර්ණයෙන්ම භාගත කරමු....

අද මම කියන්න යන්නේ වෙබ් පිටුවක් සම්පුර්ණයෙන්ම download කරන්නෙ කොහොමද කියල... මේක කරන්න කලින් පොඩි software කට්ටක් පරිගනකයට install කරගන්න වෙනවා.. ඒක www.httrack.com වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්.

මේ එකෙන් අපට ඕන වෙබ් එකට සම්බන්ධ සියළුම වෙබ් පිටු පරිගනකයට download කර ගන්න නිසා internet නැතිව වුනත්(offline ඉන්නකොට ) internet වල ඉන්නවා වගේ වෙබ් පිටුව තුල සැරිසරන්න පුළුවන්..

මුලින්ම SW එක download කරගන්න වෙනව......



1 පියවර

පළමුව SW එක පරිගනකයට install කරගන්න...








2 පියවර

SW එක විව්ර්‍ත කර ඊලග පියවරට යන්න..




3 පියවර

මෙහි Project Name යටතේ ඔබට අවශ්‍ය නමක් ලබා දිය හැක...
Base Path තැනින් පරිගනකය තුල වෙබ් පිටුව වීමට අවශ්‍ය තැන තොරා දිය හැක.




4 පියවර

මෙහි Action මගින් වෙබ් පිටුව සේව් කරන්නේ කුමන ආකාරයට දැයි තොරා දිය හැක..

*Download web site(s)- සම්මත සැකසුම් අනුව වෙබ් එක පරිගනකයට සේව් වේ..
* Download web site(s) + questions -වෙබ් එක සම්මත සැකසුම් අනුව පරිගනකයේ සේව් වන අතර එම වෙබ් එකට අදාළ ඇතැම් ලින්ක් download කිරීමට මත්තෙන් ඒවා download විය යුතු දැයි විමසයි..
*Get individual files -මෙමගින් තනි වශයෙන්file download කරගත හැක..
*Download all sites in page(multiple mirror)-මෙහිදී අදාල වෙබ් පිටුව සම්පුර්ණයෙන්,වේගයෙන් download කරගත හැකි වේ.

Web Address යටතේ download වීමට අවශ්‍ය වෙබ් පිටුවේ ලිපිනය ලබා දෙන්න..




5 පියවර

මෙහි "Disconnect when finished" තේරීම මගින් වෙබ් පිටුව download වීමෙන් පසුව නෙට්වර්ක් සම්බන්ධතාවය විසන්ධි කල හැක.

එමෙන්ම "Shutdown PC when finished" තේරීම මගින් පරිගනකය ස්වයන්ක්‍රියව shutdown කිරීමට හැක.



6 පියවර

වෙබ් පිටුව download වීම ආරම්භ වේ....





Friday, May 21, 2010

ශ්‍රි ලoකා ටෙලිකොම් වෙතින් අගනා පණිවිඩයක්



"අකුණු සැර වැදීම නිසා ඔබගේ පරිගනකයට හා ADSL උපකරණ වලට හානි සිදුවිය හැකි බැවින්, අකුණු ගසන විට ADSL උපකරාණ සියල්ල දුරකතන මාර්ගයෙන් විසන්ධි කර තබන්න....
එසේම සියළුම විදුලි සැපයුම් ගලවා දමන්න....."

~~Sri Lanka Telecom~~

Wednesday, May 19, 2010

අලි මදිවට හරක්.......




මේ දවස්වල ඉතින් අම්බානක වහිනවනේ..... කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියන්නේ මේ වැස්ස තව ටික දවසකින් පායනව කියල... ඒත් තව ටික කාලෙකින් නිරිත දිග මෝසම පටන් ගන්නවලු... එතකොටත් ඉතින් වැස්සම තමයි... මොනව කරන්නද..???? අලි මදිවට හරක් වගේ තමයි.....

මොනව උනත් කියන්න තියෙන්නේ එක දෙයයි..... ගෙදරින් පිට යනකොට කුඩයක් අරගෙන යන්න.... :) :) :) :) :)



Monday, May 17, 2010

රණවිරු සතිය නිමිත්තෙන්.........

අපි රණවිරු සතිය නිමිත්තෙන් අපේ මුහුණු පොතේ පින්තුරයට ජාතික ධජයක් දමමු...........!!!!!!!!!!!!!!!!!!


මෙන්න සිහ ධජය...





මෙය ඔබේ මුණු පොතතේ profile පින්තුරය සදහා upload කරන්න

Saturday, May 15, 2010

"රණවිරුවනි.... අපේ හදවතේ පළමු තැන ඔබයි...."


LTTE සoවිධානයට එරෙහිව යුධ වැදී යුද්ධය විජයක්ග්‍රහණය කොට 19 වෙනිදා ට හරියටම අවුරැද්දක් වෙනවා... එක නිසා තමයි මට අද මෙක ලියන්න හිතුනේ..

ඉස්සර කොළඹ යනව කියන්නේ ඉතින් මරන්න ගෙනියනව වගේ තමයි. මොකද කොළඹ ගියාම අපහු ගෙදර එන්න වේවිද...???, නැත්තම් රෝහලේ නවතින්න වේවිද..???, නැත්තම් දිව්‍යලොකේ හරි අපායේ හරි නවතින්න වේවිද කියල දෙවියො තමයි ඉතින් දන්නේ... මොකද ඒ කාලේ කොළඹ හoදියක් හoදියක් ගානේ, බස් එකක් බස් එකක් ගානේ, කොච්චියක් කොච්චියක් ගානේ හැම තැනකම බෝම්භ පුපුරන නිසා. ඉස්සර පිටකොටුව බෝගහ හoදිය කියන්නේ මර උගුලක්. හැමදාම වගේ බෝම්බයක් පිපිරෙනවා. මිනිස්සු සියගානක් මැරෙනව..

ඒ කාලේ මමත් ඔය කොළඹ පැත්තෙ බස් එකක නැග්ගොත් ඉතින් ගැහි ගැහි තමයි යන්නේ.. මොකද ඉතින් කොයිවෙලාවේ පත්තු වෙයිද කියල කියන්න බෑනේ...(කරුමෙකට හරි පත්තුවෙලා බෙල්ල ගැලවිල ගියොත්...)

ඔය LTTE ත්‍රස්තවාදී බිය කොළඹ විතරක් නෙවෙයි ලoකවේ හැම පළාතකම වගේ තිබුණා. ඒත් අද වෙනකොට ඔය LTTE ත්‍රස්තවාදීන් අපේ විරොධාර රණවිරුවන් විසින් ලoකාවෙන් සහමුලින්ම තුරන් කරපු නිසා අපට කිසිම බයකින් සැකයකින් තොරව ලoකවේ ඕනම තැනකට යන්න පුළුවන් වෙලා තියෙනව. ඉස්සර මඩකලපුව,අලිමන්කඩ, වව්නියාව සිoහල මිනිස්සු නොයන( වැඩිපුර ) තැන් බවට පත් වෙලා තිබුනට අද වෙනකොට ඒවයි වැඩිපුර යන්නේ සිoහල මිනිස්සු. මේ සියල්ල අපිට උදාකර දුන්නේ අපේ විරොධාර රණවිරුවන් විසින්...

මට මේක ලියන්න හිතුනේ තවත් වැදගත් කාරණාවක් ගැන පුවත්පත් වලින් දැකගන්න ලැබුණ නිසා. මේක ඉස්සරහට කියවන්න කලින්
"සිoහලයට මොකක් හරි මතක හිටින්නේ සතියයි..... දෙකයි....!!!" කියන කියමනත් පොඩ්ඩක් මතක් කරගන්න..

අපේ විරොධාර රණවිරුවන් ප්‍රභාකරන් කියන මිනීමරුව මේ ලෝකෙන් තුරන් කරපු නිසා මිනිස්සු කොච්චර සතුටක් ලැබුවද..?? එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ. මේකේ සියළුම ගෞරවය හිමිවෙන්න ඕන රණවිරුවන්ට... ඒකාලේ හමුදාව ගැන ඉහලින් වර්ණනාකරල සිoදු, පොස්ටර්,කටවුට්, නාට්‍ය,...... තව කොච්චර දේවල් කරාද... ..???? මේවා වැරදි වැඩ නෙවෙයි. මේව හොද යහපත් වැඩ. මොකද තමන්ගේ ජීවිත්ය පරදුවට තියල ත්‍රස්තවාදීන් ගෙන් රට මුදවා ගන්න කරපු මෙහෙය ගැන හිතන කොට..

නමුත් අද තත්වය මීට වැඩිය හාත්පසින්ම වෙනස් වෙලා. අපේ විරොධාර රණවිරුවන් රටේ සියළුම දෙනාටම සදාතනික විජයක්ග්‍රහණයක් ගෙනත් දුන්නට ඒක හදවතේ තබා ගන්න ට බැරිවෙලා තියෙනවා.. එදා රණවිරුවන් ගැන මහ ඉහලින් වර්ණනා කල අයට ආබාධිත රණවිරුවෙකු බස් රථයකට හරි කොච්චියකට හරි නැග්ගම අසුනක් පවා දීමට පවා අකාරුණික වෙනවා......

එක් පුවත්පතක තිබුනා රණවිරුවන් වෙනුවෙන් සුභසාධනය වෙනුවෙන් අරඹපු "
අපි වෙනුවෙන් අපි" යන අරමුදලට ලැබෙන පරිත්‍යාග විශාල වශයෙන් අඩුවෙන බව. මුල් කාලයෙ දී ඉතා විශාල වශයෙන් මුදල් පරිත්‍යාග ලැබුනට දැන් මාසයකටම ලැබෙන මුදල රු: 30000 තරම් අඩුවී ඇති බවයි.

මේ පිළිබදව පුවත්පතක උපුටා ගැනීමක්:

2008 පෙබරවාරි මස පටන් මේ දක්වා "අපි වෙනුවෙන් අපි" අරමුදලට ලැබී ඇත්තේ රුපියල් මිලියන 677 ආධාර මුදලකි. එයින් පසුගිය වසරේ(2009) ලද ආධාර මුදල මිලියන පහක් පමණි. 2009 ජනවාරි මාසයේ රුපියල් මිලියන 2 ක් ලද අතර ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් යුධ උණුසුමත් සමග ස්‍රීග්‍රයෙන් වැඩිවන්නට විය. 2009 ජුනි මාසයේදී රුපියල් මිලියන 65ක් මුදල් ආධාර වශයෙන් ලැබී තිබුණි. ඒ යුධ ජයග්‍රහණයත් සමගය. යුධ ජයග්‍රහණය නිමාවත් සමගම යළිත් අපි වෙනුවෙන් අපි අරමුදලට ලැබෙන ආධාර මුදල සිග්‍රයෙන් අඩුවන්නට විය. එය කොතෙක් අඩුවී ද යත් 2009 දෙසැම්බර් මාසයට ලැබුනේ මිලියන 5ක් පමණි. මෙය 2010 ජනවාරි මසය වන විට මිලියන 2 දක්වා අඩුවිය.
සාමන්‍ය ජනයා විසින් මෙම වසරේ ලැබී තිබුනේ රු 254000 ක් පමණි. මේ වෙනුවෙන් මේ මාසය වන විට ලැබී තිබුනේ රුපියල් 30000ක් පමණි.

මේ විදිහට රණවිරුවා අමතක වෙන තත්වයක් පටන් ගත්තේ ප්‍රභාකරන් මරල අවුරුද්ද්ක් ගෙවෙන්නටත් කලින්... කොච්චර චාටර් වැඩක්ද....???

දැන් දකුණේ මිනිස්සු සෑහෙන මුදල් වියදම් කරගෙන උතුරේ සවාරි යනව,කොටින්ගේ බන්කර් බලන්න.. උන් කරපු විනාශය බලන්න.. ඒ සවාරි යන්නෙත් අපේ රණවිරුවන් ජීවිත කැපකරල උතුර මුදා ගත්ත නිසා..ඒ ගැනවත් හිතල ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න පෙලගැසෙන්න.........

"රණවිරුවනි.... අපේ හදවතේ පළමු තැන ඔබයි...."






එදා කොටි ත්‍රස්තයන් විසින් කරපු විනාශය හා යුධ හමුදාව ලබාගත් ජයග්‍රහන.....














www.defence.lk


Saturday, May 8, 2010

CIMA කරන අයට මෙන්න පොඩි චාන්ස් එකක්.......

CIMA කරන කට්ටිය ගැන හිතල මේක දාන්න හිතුන. මම මේක පොඩි චාන්ස් එකක් කියල හිතුවට CIMA කරන අයටනම් ලොකු චන්ස් එකක් වේවි කියල හිතනව. මොකද මේ පොතක් ගන්නනම් ඉතින් රැපියල් 1500-2000 ක් විතර හොයාගන්න ඕන නිසා....

වැඩ කරන්නේ නැති ඒව තියෙනවනම් පහළින් ලියල තියන්න....



Download: Financial Strategy-Exam Kit/



Download: Enterprise Operations/




Download: Enterprise Management/
/


Download:Financial Operations/
/

Friday, May 7, 2010

"වැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ........!!!"




"වැඩ බැරිවුනත් ගම ගාල්ලේ........!!!"

"ඕක කිව්වේ ඉස්සර.....
කවුද කියන්නේ ගාල්ලේ පොරවල් ට වැඩ බෑ කියලා.....
ඕක හිත හිත ඉන්න කොට තමයි මගේ ෆ්‍රෙඩෙක් (නම තර්ජනය කොට මකා ගන්නා ලදී) සිරා ගෘප් එකක් මූණු පොතේ හදල තියෙන්නේ........"

"වැඩත් ඇහැකි...ගමත් ගාල්ලේ........!!!"
"ගාල්ලේ කට්ටිය ඕක ගැන හිතලා ඕක පිළිගන්නවනම් මෙතනින් කොටන්න...<<කොටන්න>>
හිත හිත ඉන්න දෙයක් නෑ .. කතාව ඇත්තනේ..... ඔන්න ඔහේ කොටල දාන්න"

12).අම්මේ.. මතකයි නම්........



අම්මේ.. මතකයි නම්....
මo පොඩි කාලේදී, ඔබ මට ගී කිවුවා...
අම්මේ..මතකයි නම්...
මo පොඩි කාලේදී, මා ලග නිදි වැරුවා.....

මට හින ගෙනාවා...
ඒ හීන පිබිදුවා...
මට අකුරු කියෙවුවා..
මගෙ දෑස පෑදුවා...
ඉර හදද පෙන්නුවා...
හොද නරක පෑදුවා...
පාසලට හැරලුවා...
මගෙ කදුළු පිසලුවා...
නිම් නෑ මගෙ අම්මේ...
ඔබෙ සිහිලස සසරේ...
ඔබගේ කරුණාබර ආදරේ... සදා...
මිය යනතුරු මෙලොවේ...
ඔබෙ බුදුගුණ ගැයවේ...
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා...

අම්මේ.. මතකයි නම්...............

මට කිරුල හිමිකරා...
මා ලොවට පැලදුවා...
මට ජයම අත්කලා...
ඔබෙ කදුළු සැගවුවා...
ඔබෙ අහසේ මා තබා...
ඔබ පොලොවෙම සිටියා...
මා මිනිසෙකු වු දා...
ඔබ මවකම වු වා...
නිම් නෑ මගෙ අම්මේ...
ඔබෙ සිහිලස සසරේ...
ඔබගේ කරුණාබර ආදරේ... සදා...
මිය යනතුරු මෙලොවේ...
ඔබෙ බුදුගුණ ගැයවේ...
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා...

අම්මේ.. මතකයි නම්..............//


^^Ranidu Lankage^^^

සිoදුව බලන්න::: http://www.youtube.com/watch?v=bJMfuHigDJE
භාගත කරගන්න::: http://www.music.lk/download.php?index=3990


Wednesday, May 5, 2010

11).පරිගණක වල ආරක්ෂාවට බලපාන විවිධ වර්ගයේ වැඩසටහන් හා ක්‍රියාකාරකම්




ඇඩ්වෙයා
එකවර පරිගනකයක ස්ථාපිත වු පසු නොයෙක් වෙළද ප්‍රචාරණ වලට පරිගනකය නිරාවරණය කරන වැඩසටහනකි...

බ්ලැක්_හැට්
අපරාධයක් කිරීමේ අරමුණින් තමන්ගේ දක්ෂකම පවිච්චි කරන පරිගනක විනාෂකාරීන් හෙවත් හැකර්කරුවන්

කාඩර්
සොරාගත් ක්‍රෙඩිට් කාර්ඩ් වල තොරතුරු විකුණන හෝ ඒවා සොරා ගන්නා තැනැත්තා









ඩීඩොස්
බොට්නෙට් එකක් යොදා ගෙන එහි ඇති පරිගනක සියල්ලෙන්ම තොරතුරු ඇද, එම තොරතුරු තොග පිටින්ම වෙනත් පරිගනකයකට හෝ සර්වරයකට යවා අමරුවේ දැමීමේ විනාශකාරී ප්‍රහාරයකි.

ෆාමීo
විනාශකාරීන් විසින් යම් වෙබ් අඩවියක් නැවත නැවත වෙනත් ඒවා වෙත හරවා යවමින් Internet තදබදයක් ඇතිකිරීම


ඩ්‍රයිව් බයිස්
යම් වෙබ් අඩවියකට යන්නෙකුගේ පරිගනකයට ඉබේම ඉන්ස්ටොල් වන සේ සකසා ඇති විනශකාරී වැඩසටහනකි

ෆිෂිo
බැoකු, ක්‍රෙඩිට් කාඩ් සමාගම් වැනි මුල්‍ය ආයතන වලින් එන්න්නාක් මෙන් හැඩ ගස්වා එවන ව්‍යාජ E-MAIL මගින් පුද්ගලයින්ගේ බැoකු ගිණුම්වල තොරතුරු යනාදිය උපක්‍රමශිලීව ලබා ගැනිම.

වර්ම්
වයිරසයක් මෙන් ඉබේම සoස්ලේෂණය වන විනාශකාරී වැඩසටහනකි. එහෙත් සමහර ගුණ අතින් මේවා වයිරස්වලින් වෙනස් වේ

ට්‍රෝජන්
මතුපිටින් කිසි කරදරයක් නැති වඩසටහනක් සේ පරිගනක ආරක්ෂක පද්ධතිය හදුනා ගන්න නමුත් සැබවින්ම ක්‍රියාත්මක වීමේදී විනාශකාරීව හසිරෙන පරිගනක වැඩසටහනකි

ස්පයිවෙයා
පරිගනකයට ඉන්ස්ටෝල් වු පසු එය පරිගනකයේ ඇති රහස් තොරතුරු වෙනත් පරිගනකයකට යවන වැඩසටහනකි.

මැල්වෙයා
සියළුම වර්ගයේ වැඩසටහන් හදුන්වන්නට යොදන නමකි. Malicious Software යන්නෙන් බිදී තිබේ.

ස්ක්‍රිප්ට් කිඩී
දක්ෂ නැති හැකර් කරුවන් මෙසේ හදුන්වයි. ප්‍රවීන හැකර්කරුවන් හුවමරු කරන විනාශකාරී වැඩසටහන් වල කොටස් ගෙන ඒවා නැවත එවන බොහෝ අය සිටි. මොවුන් ස්ක්‍රිප්ට් කිඩී ලෙස නම් කරයි.

Tuesday, May 4, 2010

10).අදුරේ දුවන යකඩ යකා......


මේක මට කිව්වේ මගේ මිත්‍රයෙක්... ඊයේ(03)SLIIT එකේ විභාගේ අන්තිම දවස... ඒක නිසා අපේ කට්ටිය උදේ පාන්දරම කුකුළා අතේ තියගෙනම කැම්පස් ආවා...මොකද අදින් පස්සේ මාස 2ක් ම මදිනොකියන්නම නිවාඩු හම්බෙනවනේ.........:-) :-)
මගේ මිත්‍රයා මේ අද්දැකීම ලබාගෙන තියෙන්නෙ හික්කඩුව station එකෙදි.
මේක උනේ උදේ 4.00 ට තියෙන තැපැල් කොච්චියේ.
ඔන්න ඉතින මගේ මිත්‍රයා උදේ කොචිචිය එනකන් ඉදල තියෙනව. ඒත් කොච්චිය ඒන පාටක් නැතිලු...ඕක ඉතින් ගනන් ගන්න දෙයක් නෑ. මොකද ලoකවෙ කොච්චිවල වෙලව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔන්න ඉතින් උඩ බලා ගෙනම ඉන්න කොට 4.15 ට විතර කොචිචිය ඇවිල්ල තියෙනව... කොච්චිය ඇවිල්ල station 1 නැවැත්තුවහම වෙනදා නැති අමුත්තක්.. බලන කොට කොච්චියේ ලයිට් නෑ.. ලoකවෙ කොච්චි වල කවදද ලෙඩක් නැතුව තිබුනේ...ඕක හදන්න ගිහින් තමයි කොච්චිය පරක්කුවෙල තියෙන්නේ. එත් හදාගන්න බැරුව කොච්චිය කළුවරේම ඇවිල්ල... කළුවරේ තියා කොච්චිය උඩින් අවත් මෙකේ යන්න ඕන නිසා මගේ මිත්‍රයා කොචියට නැග්ගලු.. වෙනදා පොරකාගෙන බෙලි කඩගෙන කොච්චියට නගින අය කොච්චිය නවත්තනකන් නැග්ගේ නැතිලු. ඒක ඇහුවමනම් මට හිතුන හැමදාම ඔහොම කොච්චිය එනවනම් හොදයි කියල...මොකද සමහර අයගේ බෙලි ඉතුරු වෙන නිස..:-) :-) කොච්චියට නැග්ග කිව්වට කොහේ යන්න ද..??? ඇතුල තිත්ත කළුවරයි ලු. ඔන්න ඉතින් මගේ මිත්‍රයත් අතේ තිබුන phon එකෙ උදවුවේන් යන්තම් ගිහින් වාඩි උනලු... ඕක තමයි කියන්නේ.. phone එකක් ගන්න කොට කතා කරන්න විතරක් පුලුවන් වෙන විකාර නැති එකක් ගන්න කියලා ගෙදරින් කිව්වට කතා කරන්නම විතරක් තියෙන phon ගන්න එක පාඩු බව. :-) :-)

ඔන්න ඉතින් වඩි උන කියමුකො.. වට පිට බලන කොට තමයි තේරිල තියෙන්නෙ ඇතුල කොච්චර කළුවරද කියල.. මොකද ඉස්සරහ වඩිවෙලා ඉන්නේ කවුද කියලවත් පෙන්නෙ නැතිලු.. උදේ 4.15 කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ....!!!!!

මගේ තවත් මිතුරෙක් උදේ බස් එකේ එන ගමන්.. ඔන්න ඉතින් කොච්චියක් එන නිස පාරේ ගේට්ටුව වහල තිබිනලු.. ටික වෙලවක් යනකොට කොච්චියක් යන සද්දයක් එනවලු. ඒත් කොච්චියක්පෙන්නෙ නැතිලු. ටික වෙලවක් බලන් ඉන්න කොට තමයි කලුවරේ දුවන කොච්චියක් දැකල තියෙන්නේ.... සමහරවිට හිතෙන්න ඇති මම මේ දකින්නේ හීනයක්ද කියල..

ඕක අහන කොට මට හිතුන මමත් ඒ වෙලවේ හිටියනම් කියල..... මරේ මරු අත්දකීමක් නේ......

Sunday, May 2, 2010

9). කාලෙකට පස්සේ.....

කාලෙකට පස්සේ බ්ලොග් එකට ආව කියමුකෝ.... ඒත් ලියන්න කිසිම දෙයක් නෑ.... තාම විභාගේ ඉවරත් නෑ........