Monday, November 29, 2010

PC World 2010 December edition




PC World 2010 December edition තාම download කරගත්තේ නැත්තම් මෙන්න download කරගන්න.....!!!

download කරන්න මෙතනින් යන්න

Sunday, November 28, 2010

ටයි ගැටේ ගහන්න තාම බැරිද....???


මෙක මම දැක්කේ මුණු පොතේ සැරිසරද්දි මගේ යාලුවෙකුගේ profile එකේ තිබිලා... ඉස්සර කාලේ මූණ පිහිදාගන්න වගේ වැඩ වලට ගත්ත ටයි එක අද පිරිමි පාර්ශවයට නැතුවම බැරි අංගයක් වෙලා..... ඔන්න එහෙනම් ටයි ගැටේ හරියට ගහන්න තාම බැරිනම් මේක ප්‍රයෝජණවත් වෙයි කියල හිතනවා.

පේන්නේ නැත්තම් පින්තූරය උඩ ක්ලික් කරන්න....


අන්තර්ජාල සේවා ගාස්තු සීයට 50 කින් අඩුවේ..


මතකනේ කලින් කියපු "ලු" කථාව.. මේක නම් අද පත්තරේ බලන කොට තමයි දැක්කේ... අන්තර්ජාල සේවා ගාස්තු සීයට 50 කින් අඩුවේ..

"ඉදිරි මාස කිහිපය ඇතුලදී අන්තර්ජාල සේවා සැපයීමේ ගාස්තු සීයට 50% ක පමණ ප්‍රමානයකින් අඩු කිරීමට නියමිතව ඇත.එසේම අන්තර්ජාල සේවා සැපයීමේදී ලබා දෙන දත්ත හුවමාරු කිරීමේ වේගය ඒ ආකාරයටම පවතින්නේද යන්න සොයා බැලීමට කටයුතු යොදා ඇත."

මේවා මෙහෙම කිව්වට කවදා කෙරෙයිද කියල තමයි දන්නේ නැත්තේ,, හැබැයි කියන හොද.....!!විදිහට අඩුකරොත් තමයි !!

Thursday, November 25, 2010

SLT ADSL ගැන තවත් ලු කතාවක්

මුලින්ම කියන්න ඕන වලිය ගැන, මතකනේ...කොහොම කොහොම හරි ඒකෙන් දැන් දෙපාර්ශයම සාම ගිවිසුමක් ගහගෙන. ඒක නිමා කරන්න සහයෝගය දුන්න සැමටම හුගක් ස්තූතියි. මේක ලිපිය ඇත්තටම කොයිකාටත් හිතවත් ADSL ගැන. ඒත් මේක එහෙන් මෙහෙන් ආරන්චි වෙච්ච News වලින් තමයි ලියන්නේ.. ඒත් මේක ඉස්සරහට වෙන්න පුලුවන් කියලත් හිතෙනවා. කොටින්ම කියනවනම් මේක "ලු" කතාවක්..

මෙන්න මේකයි කතාව. දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබා දී ඇති ADSL Unlimited connection එක limit කරන්න යනවලු.. ඒත් මට හිතෙන විදිහටනම් දැනට එක භාවිතා කරන අයගේ connection එකට කිසිවක් වෙන්නේ නැතිලු. දැනට එම connection එක දෙන එකත් නවත්වල ලු. ඒ වෙනුවට ඔවුන් නව පැකේජයන් හදුන්වල තියෙනවා.(හැබැයි ඒකනම් ලූ කතා වක් නෙවෙයි.)



සමහරක් අය කියන විදිහට දැනට ADSL unlimited connection එක භාවිතාකරන අයටත් ලගදිම තරු පෙනෙන දවසක් එනවලු......

දැනට ශ්‍රී ලංකාව තුල ලබා ගත හැකි ලාබම Internet connection එක තමයි මේක... මොකද කියනවනම් කිසිම limit කිරීමකින් තොරව අපට internet ලෝකයේ සැරි සරන්න පුලුවන්නේ.... හුග දෙනෙක් SLT ADSL ඉබි ගමන් කියල කිව්වට කිසි අවුලක් නැතුව සීමාවකින් තොරව Torrent භාගත කරගන්න පුලුවන්නේ.. ඒ කියන්නේ Download කරගන්න. filmz උනත් බාන කොට 60kb-70kb විතර එක දිගටම එනවනේ... එතකොට ඉතින් ADSL කියන්නේ දෙයියෙක්ම තමයි...

මට හිතෙන විදිහට ටෙලිකොම් ආයතනයට මේ විදිහටUnlimited Connection එක ලබා දීම අවාසියක් වගේ. මොකද ලංකාව තුල දැන් බොහෝ දෙනා internet පවිච්චි කිරීමට පුරුදු වීම නිසා මෙම පැකේජය ලබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනවා..... මේ මොනව කිව්වත් මේ "ලූ" කතාව ඇත්තක් වුනොත් තමයි ඉතින්....................!!!!!!!!!!!!!!

Wednesday, November 17, 2010

චාටර් කූඹියා..........

අද මගේ Email ටික බල බල ඉන්න කොට තමයි මේක හම්බුනේ.... චාටර් කූඹියා

මෙන්න බලන්න.... (පේන්නේ නැත්තම පින්තූරය උඩ ක්ලික් කරන්න.)




Tuesday, November 16, 2010

Fedex හරහා ebay මගින් භාණ්ඩ ගෙන්වා ගැනීම..





මගේ බ්ලොගයේ සැරිසරපු මිත්‍රයෙක් අසපු පැනයක් නිසා තමයි මෙක ලියන්නේ.. ඔහු අහල තිබුනේ Fedex හරහා Ebay එකෙන් බඩු ගෙන්න ගන්න කොහොමද කියලා. එක නිසා අදත් කියන්න යන්නේ Ebay ගැන ලිපියක්. Ebay වලින් ආරක්ෂාකාරීව බඩු ගෙන්න ගන්න හිතන් අයට මේක වැදගත් වේවි කියල හිතනවා... මොකද ලංකාව වගේ රටවල් වල මෙහෙම දේවලුත් වෙනවනේ...

මුලින්ම යම්කිසි භාණ්ඩයක් Ebay එකන් තෝරාගත් පසු එම භානඩය පිලිබදව Seller විසින් භාණ්ඩය පිලිබදව ඇතුලත් කරල තියෙන විස්තර බලන්න.. එව විස්තර වල Shipping details යතතේ පිලිබදව විස්තරයක් තියෙනවා.. එම විස්තරයේ සදහන් කරල තියෙනවා තමා courier service වලින් භාණ්ඩ තැපැල් කරනවද කියලා..

රූපය බලන්න...



මෙම courier service වලින් ලංකාවට භාණඩ ගෙන්වන ප්‍රධාන ආයතන වෙන්නේ Fedex, DHL, UPS

මෙකෙදි තමන් තෝරාගත් භාණඩය කුමන courier service එකක මගින් ගෙන්නනවද කියල තමන්ටම තීරනය කරගන්න පුලුවන්..හැබැයි Seller සදහන් කරපු ආයතන මගින් පමණයි..

මෙහිදී Seller ව contact කරල ලංකාවට භාණ්ඩය ගෙන්වීමට යන cost එක දැනගන්න පුලුවන්.. මෙහිදී බොහෝවිට Seller අපේ ලිපිනය ඉල්ලගන්නවා. සමහර Sellerලට යම් යම් courier ආයතන වලින් membership දීල තියෙනවා.. එවිට එම courier ආයතනය හරහා භාණ්ඩය ගෙන්නනවනම් එම seller ට භණ්ඩය එවීමට වැය වන වියදමට(shipping cost) යම් වට්ටමක් හිමිවෙනවා.. එම වට්ටම නිසා අපි භාණ්ඩය ගෙන්වීමට ගෙවිය යුතු shipping cost එක අඩුවෙනවා.. නමුත් වට්ටම් නොමැති Sellerල මගින් ගන්නාවිට එවැනි කිසිම අඩුකිරීමක් සිදුවන්නේ නෑ.. මේ පිලිබදව seller ගෙන් විමසා දැන ගන්න පුළුවන්..

DHL වල Membership අරගත්තු Sellerල මගින් ගන්න භාණ්ඩය ගෙන්වීමට ගෙවිය යුතු shipping costවිට එක අඩුවෙන් ගෙවන්න වෙන්නේ...
Fedex වල Membership අරගත්තු Sellerල මගින් ගන්න භාණ්ඩය ගෙන්වීමට ගෙවිය යුතු shipping costවිට එක අඩුවෙන් ගෙවන්න වෙන්නේ...

ඒක නිසා seller එහෙම membership අරගෙන තියෙනවනම් seller කැමති එකකින් එවන්න කියල ඉල්ලන්න පුළුවන්. එතකොට කොහොමත් අපට වාසි වෙනවා....

අපි courier service එක තෝරාගත් පසු මම කලින් කිව්ව විදිහට seller අපේ shipping address එක ඉල්ලනවා.. අපි මෙහිදී භාණ්ඩයට මුදල් ගෙවන විට courier service එකට යන වියදම ද පෙන්නනවා.. සියලුම මුදල් ගෙවීමෙන් අනතුරුව භාණ්ඩය seller විසින් අප හෝ seller තෝරා ගත් ආයතනය වෙත යොමු කල විට එම ආයතනය විසින් tracking number එකක් ලබා දෙනවා..

මෙම tracking number එක මගින් භාණ්ඩය දැනට තියෙන ස්ථානය නිවැරදිවම අපට නිවසේ සිට බලාගන්න පුළුවන්. මේ tracking number එක seller අයතනය මගින් ලබා ගෙන අපිට එවනවා..

මම ගෙන්වපු projector එකේ අදාල tracking number එකේ විස්තර පහත රූපයේ බලන්න...



ශ්‍රී ලංකාව තුල Fedex එක නම් Mountain Hawk Express ආයතනය මගින් පවත්වාගෙන යනවා..
DHL නම් DHL ආයතනය මගින් පවත්වාගෙන යනවා..

මේ පිලිබදව විස්තර බලන්න

Fedex (sri lanka)
DHL (sri lanka)
UPS (sri lanka)

අවසානයේ ලංකාවට භාණ්ඩය ආ පසු ඔවුන් එම භාණ්ඩය නිවසටම ගෙන විත් භාරදී යනවා... මෙහිදී එම භාණ්ඩයට රේගුව විසින් යම් බදු මුදලක් ගැසුවහොත් එම මුදල අපට ගෙවීමට සිදුවෙනවා..

මම හිතනම මේ පිලිබදව යම්කිසි අවබෝධයක් එන්න අති කියලා. මොකක් හරි ගැටළුවක් තියෙනවනම් පහලින් ලියල තියන්න..


ebayගැන මම කලින් ලියපු ලිපි

1) Projector එක නම් කිසි අවුලක් නැතුව ගෙදරටම ආවා....[ebay]

2) ebay සහ ලංකාවේ තැපැල් සේවය

3) ebay පාර්සල් තැපැල් කාර්යාලයෙන් නවත්තන්නේ ඇයි...???

Saturday, November 13, 2010

සීතල යුද්ධයක් ආරම්භ කල kaspersky internet security හා norton antivirus


අද කියන්නේ පොඩි වලියක් ගැන..වලියක් කිව්වට මේක වලියක් නම් නෙවෙයි. පොඩි සීතල යුද්ධයක් ගැන.. මේ සීතල යුද්ධය අපේ batch එකේ [DCSD 10.2 GALLE]දෙපිරිසක් අතර හටගත්තු එකක්...
මේ සීතල යුද්ධය ගැන කිව්වොත් ප්‍රසිද්ධ virus guard දෙකක් සම්භන්දයෙන් හටගත් එකක්.. එකියන්නේ kaspersky internet security හා norton antivirus කියන virus guard දෙකෙන් හොද මොකද්ද කියල තර්ක විතර්ක රාශියක් ඉදිරිපත් කරමින් මේ දෙපිරිස අතර හටගෙන ඇති සීතල යුද්ධයක්...

මේක ගැන කිව්වොත් මෙහෙමයි... එක් කට්ටියක් kaspersky internet security වල හොද ගැන කතාකරන විට අනෙක් අය norton antiviruss හි හොද කම කතා කරනවා.. මෙම කණ්ඩායම් දෙකේ kaspersky internet security ය පක්ෂව ගත් විට එක් මිත්‍රයෙක් මෙපමන කාලයක්kaspersky internet security හොරට දුවල හැමදාම update කරත්දි Blacklist වන නිසා මුදල් ගෙවා kaspersky internet security ලබාගත් පුද්ගලයෙක්... අනෙක් කණ්ඩායම එනම් norton antivirus ට පක්ෂව, ඔහු ඉපදෙන කොටම norton antivirus අතේ තියන් ආපු පුද්ගලයෙක්.. ඔහුට norton antivirus හැර වෙනත් මේ ලෝකේ නැති තරම්....මාගේ මිතුරා පවසන පරිදි norton antivirus එක පිලිබදව මිතුරා හැර වෙන දන්නා පුද්ගලයෙක් මේ ලෝකයේ නැති තරම්.. එනම් norton antivirus සෑදූ ආයතනයටත් පවා....

virus guard වල කොලිටිය ගැන කතා කරනවිටkaspersky internet security ට පක්ෂ පිරිස මහසෝනා virus එක පවා අහුවෙන බව කියනව... නමුත් norton antivirus ට පක්ෂ පිරිස එම මහසෝනා virus එක kaspersky internet securityට අහු නොවන බවත් නමුත් norton antivirus එකට අහුවෙන බවත් කියනව....

ඔන්න ඕකතමයි කතන්දරේ.. ඉතින් මේ සීතල යුද්ධයා ඉක්මනටම නිමාකරවීමට මම ඔබලාගේ සහය පතනවා... මොකද නැත්තම් lec ගිය ගමන්ම අපිට කණේ බෝතල් අඩි ගහගෙන තමයි ඉන්න වෙන්නේ...

මම කලින් වතාවකුත් virus guard පිලිබදව ඡන්දයක් පැවැත්වුවා.. මෙන්න. එකට ඡන්දය දාපු හැමෝටම ගොඩක් ස්තූතියි... ඉතින් තරහ නැතුව මේකටත් ඔබගේ වටිනා ඡන්දය භාවිතාකර මේ යුද්ධය නැවැත්වීමට එක්වි පිනක් සිදුකර ගන්න.....!!!

මේ දෙකට වඩා හොද virus guard නිපදවල ඇති.. නමුත් මේ කතන්දරයට මුල් උනේ මේ virus guard දෙක නිසා මේදෙක ගැන සිතල ඡන්දය ප්‍රකාශ කරන්න...

අවසාන වන දිනය... 2010 නොවැම්බර් 21



casino, 32red, Casino reviews, Voting System, City club casino


Friday, November 12, 2010

නඩත්තු කටයුතු හේතුවෙන් මෙම අඩවිය තාවකාලිකව නවතා ඇත..

නඩත්තු කටයුතු හේතුවෙන් මෙම අඩවිය තාවකාලිකව නවතා ඇත..

Sunday, November 7, 2010

ලොව උසම කුලුනු පහෙන් පස්වැන්න ශ්‍රී ලංකාවේ...





දැනට ලෝකයේ උසම කුළුනු පහ ලෙස පිලිවෙලින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැල කිය හැකිය.

නමුත් ලංකාවේ ඉදිකිරීමට නියමිත නෙළුම් කුලුන උස මීටර 350 ක් වේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මිටර් 324ක් උසින් යුක්ත වේ.. එවිට ලංකාවේ ඉදිකිරීමට යන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර 26 ක් උසය..එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගනී.

එමෙන්ම මෙය කොළඹ පිහිටි ලංකාබැංකුවේ ගොඩනැගිල්ල(පිට්ටු බම්බුවා මෙන් තුන් ගුණයක් උසය.

පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිවන මෙම කුලුනේ මීටර 250ක් උසින් නෙළුම් මලක් ආකාරයේ හැඩයක් ගන්නා අතර එය තට්ටු 7 කින් සමන්විත වේ.මෙහි සිව්වන මහලේ කරකැවෙන ආපනශාලාවකින් යුක්ත වේ. මෙම ආපනශාලාව තුල එකවර මිනිසුන් 6000 කට පමන ආහාර ගැනීමට හැකියාව ඇත.එමෙන්ම පොළව මට්ටමේ සිට මීටර 250ක් ඉහලින් දැවැන්ත උත්සව ශාලාවක් පිහිටුවන අතර එහි එකවර අමුත්තන් දහසකට පහසුකම් සලසයි.

පළමු හා දෙවන තට්ටුව රූපවාහිනී හා ගුවන් විදුලි හා ජංගම දුරකතන ආයතන සිය විකාශන කටයුතු තව දුරටත් පුළුල් කර ගැනීම සදහා ලබා දෙයි.මෙහි සත් වන මැදිරිය පොළව මට්ටමේ සිට මීටර 250 ක් ඉහලින් පිහිටන අතර එහි නැරඹුම් මැදිරියකි. කුලුනේ පාදම තට්ටු හතරකින් සමන් විත වන අතර එහි ආපනශාලා, සාප්පු සංකීර්ණවලින් යුක්ත වේ. මෙම තට්ටු හත්‍ර සදහා ස්වයංක්‍රීය පියගැටපෙලවල් 16 කින් සමන් විත වන අතර කුලුනේ ඉහලට යෑම සදහා විදුලි සෝපානයන් 5ක් සවි කෙරේ. මෙම එක් සෝපානයක එක වර පුද්ගලයන් 25 දෙනෙකුට ගමන් කල හැක. මෙහි මීටර 250 ක උසක් යෑමට ගතවන්නේ තප්පර 30 ක පමණ කාලයකි.

මෙය ඉදිකෙරෙන ඉඩම අක්කර 20 ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්තවන අතර එහි සුපිරි උයනක් ද ඉදිකෙරේ. මෙම උයනේ රෝලකෝස්ස්ටර් වැනි අංගයන් ගෙන් සමන් විතවන අතර දැනට ලංකාවේ ඉදිවන සුපිරිතම විනෝද උයන මෙය වේ.මෙම දැවැන්ත කුලුන ඉදිකිරීම චීන සමාගමක් යටතේ සිදුකෙරෙන අතර මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100 කි. මෙම දැවැන්ත කුලුන වසර තුනක් අවසන් කිරීමට නියමිතය.



Thursday, November 4, 2010

Facebook එකේ Profile පින්තූරයක් හදාගන්න නියම වෙබ් එකක්...




Facebook එකේ Profile පින්තූරයක් හදාගන්න නියම වෙබ් එකක් තමයි අද කියන්නේ... වල රවුමක් ගහන කොට තමයි දැක්කේ. මෙන්න මෙතනින් යන්න.... http://www.picbadges.com/