Friday, July 13, 2012

ඔබමයි මා හදවතේ...සතුටු සිනාවන මතුකරේ.......



මතකද.?? ළමා කාලයේදී ඇසුනු මේ ගීතය.......







මේ තියෙන්නේ එකේ පළමු සිංදුව..ඒ කියන්නේ Kandos Theam Song එක හදල තියෙන්නේ මේ සිංදුවේ තාලය උපයෝගී කරගෙන.... මේ සිංදුව ගායනා කරන්නේ ජනප්‍රිය ගායක කණ්ඩායමක් වන කාපෙන්ටර්ස් සංගීත කණ්ඩායමයි... මොනව උනත් දෙකම ලස්සන සිංදු දෙකක්....








Wednesday, July 11, 2012

බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුව......

දුම් පානය බොහෝ පිරිසක් ඇබ්බැහිවීමකට ලක්ව ඇති දෙයකි..බොහෝ පිරිමි පාර්ශවයන්ට මෙම ක්‍රියාවෙන් ඇත්වීමට පවා නොහැකි තත්වයකට පත්ව ඇති අතර දිනපතා දුම් පානය මගින් ශරීරය දිනෙන් දින මිය යාම හා පිළිකා ඇතිවීම නවතාලිය නොහැක.නමුත් දැන් බැටරි බලයෙන් ක්‍රියා කරවන නව උපකරණයක් හදුන්වා දී තිබේ. එනම් බැටරි බලයෙන් ක්‍රියාකරන ඊ සිගරැට්ටුවකි.

සිගරැට්ටුවක් ආකාරයටම දිස් වන මෙම උපකරණය ප්ලාස්ටික් ආවරනයකින් යුක්තවේ.එක් පසක කුඩා විදුලි බල්බයකි.ඩයෝඩයක් මගින් ක්‍රියාකරවන මෙම බල්බය  දුම් පානය කරන්න අනෙක් පසෙන් ඉරීම සිදු කරන විට රතු පැහැයට බල්බය දීප්තිමත් වීමට පටන් ගනී.අනෙක් පස නිකොටින් හුමාලය රදවා ඇති ස්ථානයකි.එයද බැටරි බලයෙන් පාලනය වේ.දුම් උරන්නාට මෙම හුමාලය සිගරැට්ටුවේම ඇති ෆිල්ටරය මගින් පෙරී දුම් බොන්නගේ මුඛය තුලට ඇතුල් වේ.

මෙම උපකරනය ඕනෑම ස්ථානයක දුම් බීම සදහා ප්‍රයෝජනයට ගත හැක.එනම් පොදු ස්ථානවලදි පව මෙය භාවිතාකිරීමේදී අනෙක් මිනිසුන් හට කිසිදු අපහසුතාවයකට ලක් නොවේ.









කුමන නව ආකාරයට පැමිනියත් දුන්බීම ශරීරයට අහිත කර ක්‍රියාවකි


පසුව ලියමි:: ඔබත් අදම දුම් පානය කරනන් කියල නම් කියන්නේ නෑ..කිව්වේ මෙහෙම දේකුත් තියෙනවා දැන ගන්න කියල...

Monday, July 9, 2012

රිච්මන්ඩ් රළ 2008 සංවිධානය කල වික්ටර් රත්නායකයන්ගේ ගාලු පුර අවසන් ස ප්‍රසංගය අතිසාර්ථකයි

රිච්මන්ඩ් රළ 2008 මගින් සංවිධානය කල ගාලු පුරවරේ අවසන් වරට පවාත්වන වික්ටර් රත්නායකයන්ගේ '' ප්‍රසංගය අතිසාර්ථක ලෙස ජූලි 7 වන දින  සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත් විය.


සවස 6.30 ආරම්භ කරන ලස මෙම ප්‍රසංගයට නැරඹීමට බොහෝ ජනකායක් පැමින සිටි ආකාරය දක්නට ලැබුනි.. ශාලාව තුල තිබූ සියලු ආසන පිරී ගියද මෙම ප්‍රසංගය නැරඹීමට බොහෝ පිරිස් උද්යෝගීමත් වූ අතර අවසානයේ ඇතැම් පිරිස් ආසන නොමැතිවද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ.
ඔවුන්ගේ ඉල්ලිමද ඉටු කල සංවිධායක මණ්ඩලය ඔවුනටද මෙම අවසාන ස ප්‍රසංගය නැරඹීමේ අවස්ථාව උදාකර දුන්හ..මේ සියල්ලන්ගෙන්ම පෙනි යන්නේ රළ 2008 සංවිධානය සංවිධානය කල මෙම ප්‍රසංගයේ සාර්ථක බාවයයි.


රිච්මන්ඩ් රළ 2008 සංවිධානය මගින් මෙම 'ස' ප්‍රසංගය සංවිධානය කිරීමේදී විවිධ බාදක කම්කටොලු රැසකට මුහුණ දීමට සිදු වුවද රිච්මන්ඩ් රළ 2008 සියලු සාමාජිකයන් එකාවන්ව අත්වැල් බැද සිදු කල මෙම දැවැන්ත කාර්යය සියලු දෙනාට ආදර්ශමත් ක්‍රියවක් විය.මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේදී ඇතැම් පිරිස් මෙම ප්‍රසංගය නැවැත් වීමට උත්සාහ කලද රිච්මන්ඩ් රළ 2008 සාමාජිකයින් එකාවන්ව, එකම සහෝදර කැළක් මෙන් අත්වැල් බැද සිදු කරන ලද දැවැන්ත ක්‍රියාව අවසානයේ සියල්ලන්ගේම දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක් විය


මෙම දැවැන්ත කාර්යයට විශාල පිරිසක් තම වටිනා කාලය කැප කල අතර ඔවුනට හිස නමා ආචාර කල යුතුය. කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය විශාල ජනගගක් ගැලුවේ මෙම සියලු පිරිසගේ සහයෝගය හා එකමුතුකම නිසාය.


මේම ප්‍රසංගය සිදුකර ගතව නොහැකිව පරාජය දැකීමට බලාසිටි පිරිසක්ද නැතුවාම නොවේ.නමුත් ඔවුන්ට තවමත් බලා සිටීමට සිදුව ඇත.මන්ද රිච්මන්ඩ් රළ 2008 විශාල ජයක්ග්‍රහණයක් දැනටමත් ලබා අවසන්ය.


අපි රිච්මන්ඩ් මාතාවගේ දරුවන්ය..එමෙන්ම රිච්මන්ඩ් රළ 2008...සියලු බාධක බිද දමමින් නොනැවති ඉදිරියටම.......!!!!!































'ස' ප්‍රසංගයේ සියලුම ඡායාරූප 




*
*
*


RICHMOND රළ 2008

web::   www.richmondrala.org

email:: info@richmondrala.org

*
*
*





Saturday, July 7, 2012

රළ 2008 මගින් සංවිධානය කරන ගාලු පුර අවසාන් වරට පැවැත්වෙන වික්ටර් රත්නායකයන් ගේ 'ස' ප්‍රසංගය අද...

සිහිල් සුළං  රැල්ලේ..ඔබේ සුවද මුසුවේ....

 පුරා වසර 39ක් මුලුල්ලේ පවත්වාගෙන පැමිණි දෙස් විදෙස් රසික රසිකාවියන්ගේ සිත් සතන් ආක්‍රමණය කර වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ ගාලු පුර අවසන් "ස" ප්‍රසංගය  2012 ජුලි මස 7 වන දින සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.. 1973 ඇරඹුණ මෙම ප්‍රසංගය දැනට ලොව පුරා දර්ශන වාර 1500ක් පමණ පවත්වා ඇති අතර ලුම්බිනි රගහලේ පැවැත්වෙන අවසාන "ස" ප්‍රසන්ගයෙන් (ජුලි 20) පසු මින් ඉදිරියට මෙම සොදුරු මිනිසාගේ "ස" ප්‍රසංගය සමුගැනිම සනිටුවන්කරයි..........!!!!! 


~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ජුලි 07 - ගාල්ල, කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරය(අද දින)
ජුලි 18 - නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල.
ජුලි 19 - මහරගම යොවුන් රඟහල.
ජුලි 20 - හැවුලොක් ටවුන් හි ලුම්බිණි රඟහල.



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
 අද දින සවස 6:30 ට කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ගාලු පුර අවසන් ප්‍රසංගයට ඔබ සැමට ආරාධනා... ප්‍රවේශපත් එදින දොරටුවෙන්...
විමසීම්:: සරින්ද ජයසිංහ 0773761874 / විශ්වජිත් ක්‍රිශාන් 0772616875(රළ 2008)